Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு * - மொழிபெயர்ப்பு அட்டவணை


மொழிபெயர்ப்பு வசனம்: (16) அத்தியாயம்: அல்கஸஸ்
قَالَ رَبِّ اِنِّیْ ظَلَمْتُ نَفْسِیْ فَاغْفِرْ لِیْ فَغَفَرَ لَهٗ ؕ— اِنَّهٗ هُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟
තමන්ගෙන් සිදු වූ වරද පිළිගනිමින් තම පරමාධිපතිගෙන් සමාව අයදිමින් මූසා, "මාගේ පරමාධපතියාණනි! සැබවින්ම මම මේ කිබ්ති වංශයේ මිනිසා ව ඝාතනය කිරීමෙන් මා මට ම අපරාධ කර ගත්තෙමි. එහෙයින් මාගේ පාපයන් සඳහා මට සමාව දෙනු මැනව." යැයි කීය. මූසා (අලයිහිස් සලාම්) තුමාට සමාව දීම ගැන අල්ලාහ් අපට එසේ පැහැදිලි කර සිටියේය. සැබවින්ම ඔහු ඔහුගේ ගැත්තන් අතරින් ඔහුගෙන් සමාව අයදින්නන්හට අති ක්ෂමාශීලී වන අතර ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
அரபு விரிவுரைகள்:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• الاعتراف بالذنب من آداب الدعاء.
•කළ වැරැද්ද පිළිගැනීම ප්රාර්ථනාවෙහි විනය ධර්මයකි.

• الشكر المحمود هو ما يحمل العبد على طاعة ربه، والبعد عن معصيته.
•ප්රශංසනීය කෘතඥතාව වනාහි එය ගැත්තා තම පරමාධිපතිට යටත් වීමට පත් කරන අතර ඔහු පාපකම් සිදු කිරීමෙන් දුරස් කරනු ඇත.

• أهمية المبادرة إلى النصح خاصة إذا ترتب عليه إنقاذ مؤمن من الهلاك.
•විශේෂයෙන් දේව විශ්වාසියා විනාශයෙන් මුදවා ගැනීමට ඉඩ ප්රස්තාව ඇති වූ විට උපදෙස් දීම සඳහා යුහුසුලු වීමේ වැදගත්කම.

• وجوب اتخاذ أسباب النجاة، والالتجاء إلى الله بالدعاء.
•ගැලවීම සඳහා වූ සාධක සූදානම් කර ගැනීමේ අනිවාර්ය භාවය හා ප්රාර්ථනා කිරීමෙන් අල්ලාහ් වෙත යොමු වීම.

 
மொழிபெயர்ப்பு வசனம்: (16) அத்தியாயம்: அல்கஸஸ்
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு - மொழிபெயர்ப்பு அட்டவணை

வெளியீடு அல்குர்ஆன் ஆய்வுகளுக்கான தப்ஸீர் மையம்

மூடுக