Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு * - மொழிபெயர்ப்பு அட்டவணை


மொழிபெயர்ப்பு வசனம்: (14) அத்தியாயம்: அல்ஹஜ்
اِنَّ اللّٰهَ یُدْخِلُ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ؕ— اِنَّ اللّٰهَ یَفْعَلُ مَا یُرِیْدُ ۟
අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඒවායෙහි මාලිගා යටින් දියදහරා ගලා බස්නා ස්වර්ග උයන්වලට සැබැවින්ම අල්ලාහ් ඔවුන් ඇතුළත් කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් තමන් අභිමත කරන දේ සිදු කරන්නාය. ඔහු කරුණාවෙන් ඔහු අභිමත කරන අයට කරුණාව දක්වයි. එමෙන්ම දඬුවමින් ඔහු අභිමත කරන අයට දඬුවම ක්රියාත්මක කරයි. සුවිශුද්ධ අල්ලාහ්ට බලපෑම් කරන කිසිවකු නැත.
அரபு விரிவுரைகள்:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• أسباب الهداية إما علم يوصل به إلى الحق، أو هادٍ يدلهم إليه، أو كتاب يوثق به يهديهم إليه.
•යහමග සඳහා හේතු සාධක වශයෙන් සත්ය වෙත මග පෙන්වන දැනුම විය හැක. එසේ නැතහොත් ඒ වෙත ඔවුනට සාධක පෙන්වා දෙන යහමග පෙන්වන්නෙකු විය හැක. එසේත් නැතහොත් ඒ වෙත ඔවුනට මඟ පෙන්වන ස්ථීර කරන ලද පුස්තකයක් විය හැක.

• الكبر خُلُق يمنع من التوفيق للحق.
•අහංකාරය යනු, සත්යය සඳහා ආශිර්වාද කරනු ලැබීමෙන් වළක්වාලන ගුණාංගයකි.

• من عدل الله أنه لا يعاقب إلا على ذنب.
•අල්ලාහ්ගේ සාධාරණත්වය අතුරින් එකක් වනුයේ පාපයක් සඳහා මිස ඔහු දඬුවම් නොකිරීමයි.

• الله ناصرٌ نبيَّه ودينه ولو كره الكافرون.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද, අල්ලාහ් ඔහුගේ නබිවරයාට හා ඔහුගේ දහමට උදව් කරන්නාය.

 
மொழிபெயர்ப்பு வசனம்: (14) அத்தியாயம்: அல்ஹஜ்
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு - மொழிபெயர்ப்பு அட்டவணை

வெளியீடு அல்குர்ஆன் ஆய்வுகளுக்கான தப்ஸீர் மையம்

மூடுக