Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு * - மொழிபெயர்ப்பு அட்டவணை


மொழிபெயர்ப்பு வசனம்: (112) அத்தியாயம்: அல்பகரா
بَلٰی ۗ— مَنْ اَسْلَمَ وَجْهَهٗ لِلّٰهِ وَهُوَ مُحْسِنٌ فَلَهٗۤ اَجْرُهٗ عِنْدَ رَبِّهٖ ۪— وَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟۠
ස්වර්ගයට පිවිසෙනුයේ අල්ලාහ් වෙත පමණක් යොමු වූ අවංක කෙනෙකි. ඔහු තම නැමදුම්වල දහම් දූතයාණන් ගෙන ආ දෑ පිළිපදිමින් අවංක ලෙසින් ඒවා ලස්සනට ඉටු කරයි. කවර පිරිසකට අයත් අයකු වූවත් ස්වර්ගයට පිවිසෙනුයේ එවැනි අයෙකි. ඔහුගේ පරමාධිපති අබියස ඔහු සතු තිළිණ ඇත. මතුලොවෙහි එවැන්නන් මුහුණ දෙන දෑ ගැන ඔවුනට කිසිදු බියක් නැත. මෙලොවෙහි ඔවුනට අතපසු වූ දෑ පිළිබඳ දුකට පත්වන්නේද නැත. මුහම්මද් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ ඇවෑමෙන් පසු මෙම වර්ණනාවන්ට හිමි පුද්ගලයින් වූයේ මුස්ලිම්වරුන් පමණි.
அரபு விரிவுரைகள்:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• أن الأمر كله لله، فيبدل ما يشاء من أحكامه وشرائعه، ويبقي ما يشاء منها، وكل ذلك بعلمه وحكمته.
සියලුම කරුණු අල්ලාහ් සතුය. ඔහුගේ තීන්දු හා ෂරීආ පිළිවෙත් ඔහු කැමති පරිදි වෙනස් කරයි. ඒවායින් ඔහු කැමති දෑ ඉතිරි කරයි. මේ සියල්ල සිදු වනුයේ ඔහුගේ අනුදැනුමෙන් හා ඔහුගේ ප්රඥාවෙනි.

• حَسَدُ كثيرٍ من أهل الكتاب هذه الأمة، لما خصَّها الله من الإيمان واتباع الرسول، حتى تمنوا رجوعها إلى الكفر كما كانت.
ආගම් ලත් ජනයා අතර බොහෝ දෙනා මෙම සමූහයා සමග ක්රෝධය හා ඊර්ෂ්යාව ඇති කර ගත්හ. දේව විශ්වාසය හා රසූල්වරයා පිළිපදින මෙන් අල්ලාහ්ගේ නියෝගය ඔවුන් වෙත පැමිණි පසු පවා ඔවුන් නැවත එම සමූහයා පෙර සිටි දේව ප්රතික්ෂේපයේ තත්ත්වයට යොමු කරන්නට ආශා කරන තරම් එම ඊර්ෂ්යාව හා ක්රෝධය පිහිටින.

 
மொழிபெயர்ப்பு வசனம்: (112) அத்தியாயம்: அல்பகரா
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு - மொழிபெயர்ப்பு அட்டவணை

வெளியீடு அல்குர்ஆன் ஆய்வுகளுக்கான தப்ஸீர் மையம்

மூடுக