Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය පරිච්ඡේදය: අල් මුතෆ්ෆිෆීන්   වාක්‍යය:

අල් මුතෆ්ෆිෆීන්

සූරාවෙහි අරමුණු:
تحذير المكذبين الظالمين من يوم القيامة وبشارة المؤمنين به.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පිළිබඳ බොරුකාර අපරාධකරුවන්හට අනතුරු ඇඟවීම හා ඒ ගැන විශ්වාස කරන්නන්හට ශුභාරංචි දැන්වීම.

وَیْلٌ لِّلْمُطَفِّفِیْنَ ۟ۙ
කිරුම් මිනුම්වල වංචා කරන්නන් හට විනාශයකි. මහත් වූ පාඩුවකි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
الَّذِیْنَ اِذَا اكْتَالُوْا عَلَی النَّاسِ یَسْتَوْفُوْنَ ۟ؗۖ
ඔවුහු වෙනත් අයගෙන් යමක් කිරා ගන්නේ නම් හෝ මැන ගන්නේ නම් හෝ තමන්ගේ අයිතියෙහි කිසිදු හිඟයක් නොකොට පරිපූර්ණව ලබා ගනිති.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَاِذَا كَالُوْهُمْ اَوْ وَّزَنُوْهُمْ یُخْسِرُوْنَ ۟ؕ
නමුත් ජනයින්ට එය නැවත කිරා දෙන විට හෝ මැන දෙන විට හෝ කිරුම් මිනුම්වල අඩුපාඩු සිදු කරති. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි විට මදීනා වාසීන් අතර දක්නට තිබුණේ මෙවන් වූ තත්ත්වයකි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اَلَا یَظُنُّ اُولٰٓىِٕكَ اَنَّهُمْ مَّبْعُوْثُوْنَ ۟ۙ
මෙම පිළිකුල් සහගත ක්රියාව සිදු කරන මොවුහු සැබැවින්ම තමන් අල්ලාහ් ඉදිරියේ යළි නැගිටුවා ඉදිරිපත් කරනු ලබන බව විශ්වාස නොකරනුයේ මන්ද?
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• التحذير من الغرور المانع من اتباع الحق.
• සත්යය පිළිපදින්නන් වළක්වාලන රැවටීම්වලින් වැළකෙන්නට කෙරෙන අවවාදය.

• الجشع من الأخلاق الذميمة في التجار ولا يسلم منه إلا من يخاف الله.
• තණ්හාව හා ගිජුකම වෙළඳාමේ පහත් ගුණාංගයකි. අල්ලාහ්ට බිය වන්නෙකු මිස වෙනකෙකු එයින් මිදෙන්නේ නැත.

• تذكر هول القيامة من أعظم الروادع عن المعصية.
• පවින් දුරස් කරවන අයුරින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සිදුවන අර්බුද පිළිබඳ සිහි ගැන්වීම.

 
අර්ථ කථනය පරිච්ඡේදය: අල් මුතෆ්ෆිෆීන්
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න