Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (5) පරිච්ඡේදය: අල් මාඉදා
اَلْیَوْمَ اُحِلَّ لَكُمُ الطَّیِّبٰتُ ؕ— وَطَعَامُ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ حِلٌّ لَّكُمْ ۪— وَطَعَامُكُمْ حِلٌّ لَّهُمْ ؗ— وَالْمُحْصَنٰتُ مِنَ الْمُؤْمِنٰتِ وَالْمُحْصَنٰتُ مِنَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ مِنْ قَبْلِكُمْ اِذَاۤ اٰتَیْتُمُوْهُنَّ اُجُوْرَهُنَّ مُحْصِنِیْنَ غَیْرَ مُسٰفِحِیْنَ وَلَا مُتَّخِذِیْۤ اَخْدَانٍ ؕ— وَمَنْ یَّكْفُرْ بِالْاِیْمَانِ فَقَدْ حَبِطَ عَمَلُهٗ ؗ— وَهُوَ فِی الْاٰخِرَةِ مِنَ الْخٰسِرِیْنَ ۟۠
අද දින පිවිතුරු රසවත් ආහාර අනුභවය අල්ලාහ් ඔබට අනුමත කර ඇත. එමෙන්ම ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයා විසින් කැපූ සත්ව ආහාර අනුභවයද ඔබට අනුමත කර ඇත. ඔබ විසින් කපන ලද සතුන්ද ඔවුනට අනුමත කර ඇත. දේව විශ්වාසී, පතිවත රකින, නිදහස් කාන්තාවන් හා ඔබට පෙර ආගම් පිරිනමන ලද යුදෙව් හා කිතුනුවන් අතර සිටින පතිවත රකින කාන්තාවන්හට ඔවුනට හිමි මහර් (විවාහ ත්යාගය) පිරිනමා, ඔවුන් විවාහ කර ගැනීම අල්ලාහ් ඔබට අනුමත කර ඇත. ඔබ ගණිකාවන් නොගෙන, අශිලාචාර ලෙස ඔවුන් සමග දුරාචාරයේ යෙදීමෙන් වැළකී සිටියෙහුය. අල්ලාහ් තම ගැත්තන්හට කවර ආගමික නීතියක් පනවා ඇත්තේ ද එය ප්රතික්ෂේ කරන්නා ඔහු මත දේව විශ්වාසය යන කොන්දේසිය නොමැති බැවින් ඔහු කරන ඔහුගේ ක්රියාව නිෂ්ඵල වී යයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු පාඩු විඳින්නන් අතරට පත් වන අතරම, නිරයට පිවිස එහි සදාකල් ගත කරනු ඇත.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• تحريم ما مات دون ذكاة، والدم المسفوح، ولحم الخنزير، وما ذُكِرَ عليه اسْمٌ غير اسم الله عند الذبح، وكل ميت خنقًا، أو ضربًا، أو بسقوط من علو، أو نطحًا، أو افتراسًا من وحش، ويُستثنى من ذلك ما أُدرِكَ حيًّا وذُكّيَ بذبح شرعي.
විධිමත් ලෙස කැපීමෙන් තොරව මිය ගිය දෑ, ගලන රුධිරය, ශූකර මාංශ, කපන මොහොතේ අල්ලාහ්ගේ නාමය හැර වෙනත් නමක් සිහිපත් කරමින් කපනු ලැබූ දෑ, ගෙල මිරිකමින්, පහර දෙමින්, ඉහළ සිට පහළට වැටෙන්න සලස්වමින්, අනිමින් හෝ මෘග සතුන් හරහා දඬයම් කිරීමට ලක් කරමින් මිය ගිය සෑම දැයක් ම තහනම් කිරීම. නමුත් එවන් තත්ත්වයකදී ඔබ එම ප්රාණියා ජීවී ව ලැබුණේ නම් එය ව්යතිරේකයකි. ආගමානුකූල ව කැපීමෙන් එය පිරිසිදු තත්ත්වයට පත් වනු ඇත.

• حِلُّ ما صاد كل مدرَّبٍ ذي ناب أو ذي مخلب.
නිය සහිත, හොට සහිත, මැනවින් පුහුණු කරනු ලැබූ සතුන් හරහා දඩයම් කරනු ලබන සෑම දෙයක්ම අනුමත වන්නේය.

• إباحة ذبائح أهل الكتاب، وإباحة نكاح حرائرهم من العفيفات.
ආගම් ලත් ජනයා කැපූ ආහාර අනුමත වන අතරම ඔවුන් අතර සිටින පතිවත රකින නිදහස් කාන්තාවන් විවාහ කර ගැනීම ද අනුමතය.

 
අර්ථ කථනය වාක්‍යය: (5) පරිච්ඡේදය: අල් මාඉදා
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න