Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (35) පරිච්ඡේදය: අල් බකරා
وَقُلْنَا یٰۤاٰدَمُ اسْكُنْ اَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَیْثُ شِئْتُمَا ۪— وَلَا تَقْرَبَا هٰذِهِ الشَّجَرَةَ فَتَكُوْنَا مِنَ الظّٰلِمِیْنَ ۟
අහෝ ආදම්! ඔබ ඔබේ බිරිය හව්වා සමග ස්වර්ග උයනේ වාසය කරනු. ස්වර්ගයේ කැමති තැනක කැමති දෙයක් කිසිදු බාධාවකින් තොරව ඇතිතරම් ආහාරයට ගනු. නමුත් ආහාර අනුභවයට මා තහනම් කළ එම ගස අසළට ඔබ දෙදෙනා යෑමෙන් මම අවවාද කර සිටිමි. එසේ මා ඔබට නියෝග කර සිටි දෑ පිටුපෑවෙහු නම් නුඹලා දෙපළ අපරාධකරුවන් බවට පත්වනු ඇතැයි පැවසූහ.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• الواجب على المؤمن إذا خفيت عليه حكمة الله في بعض خلقه وأَمْرِهِ أن يسلِّم لله في خلقه وأَمْرِهِ.
•අල්ලාහ්ගේ ඇතැම් මැවීම් හා ඔහුගේ නියෝගවල පවතින යථාර්ථය දෙවියන් විශ්වාස කරන මුඃමින්වරයකුට සැඟවුණු දෙයක් වී නම් එය අල්ලාහ්ටම භාරදීම අනිවාර්ය වන්නේය.

• رَفَعَ القرآن الكريم منزلة العلم، وجعله سببًا للتفضيل بين الخلق.
•ශුද්ධ වූ අල්කුර්ආනය දැනුම් මට්ටම උසස් කරවයි. මැවීම් අතර පවතින උස්පහත් මට්ටම තරාතිරම් අනුව වෙන් කර හඳුනාගන්නට හේතුවක් ලෙස ඔහු එය පත් කොට ඇත.

• الكِبْرُ هو رأس المعاصي، وأساس كل بلاء ينزل بالخلق، وهو أول معصية عُصِيَ الله بها.
•උඩඟුකම පාපකම්හි මූලය වේ. මිනිසාට පහළ වන සියලු ආකාරයේ පරීක්ෂණවල පදනම ද එය වේ. එමෙන්ම අල්ලාහ් පවක් ලෙස සැලකූ පළමු පාපය ද එය වේ.

 
අර්ථ කථනය වාක්‍යය: (35) පරිච්ඡේදය: අල් බකරා
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න