Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය පරිච්ඡේදය: අල් බකරා   වාක්‍යය:
وَاِذْ یَرْفَعُ اِبْرٰهٖمُ الْقَوَاعِدَ مِنَ الْبَیْتِ وَاِسْمٰعِیْلُ ؕ— رَبَّنَا تَقَبَّلْ مِنَّا ؕ— اِنَّكَ اَنْتَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
අහෝ නබිවරය, ඉබ්රාහීම් හා ඉස්මාඊල් කඃබාවේ අත්තිවාරම උසට ඉදි කරමින් සිටි අවස්ථාව සිහිපත් කරනු. එවිට ඔවුන් දෙදෙනා ඉතා යටහත් පහත්ව: අපගේ පරමාධිපතියාණනි, අපගේ මෙම ක්රියාවන් -මෙම නිවස තැනීමද ඒවායින් එකකි.- අපගෙන් පිළිගනු මැනව! සැබැවින්ම ඔබ අපගේ ප්රාර්ථනාවන්ට පිළිතුරු සපයන්නාය. අපගේ චේතනා හා ක්රියා ඔබ මැනවින් දන්නාය.’ යැයි පවසා ප්රාර්ථනා කළෝය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَیْنِ لَكَ وَمِنْ ذُرِّیَّتِنَاۤ اُمَّةً مُّسْلِمَةً لَّكَ ۪— وَاَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَیْنَا ۚ— اِنَّكَ اَنْتَ التَّوَّابُ الرَّحِیْمُ ۟
තවදුරටත් ‘අපගේ පරමාධිපතියාණනි, ඔබේ අණට කීකරු වන ඔබට යටහත් වන දෙදෙනෙකු බවට අප පත් කරනු මැනව! ඔබ සමග අපි කිසිවකු ආදේශ නොකරන්නෙමු. ඔබට අවනත වන සමූහයක් අපගේ පරම්පරාවෙන් ද බිහි කරනු මැනව! ඔබට ඉටු කළ යුතු නැමදුම් කෙසේ පිහිටිය යුතු දැයි ඔබ අපට දන්වා සිටිනු මැනව. ඔබව නැමදුම් කිරීමේ දී අප අඩුවක් කිරීමෙන් හෝ වරදක් කිරීමෙන් අප මුදවාලනු කරනු මැනව! සැබැවින්ම ඔබේ ගැත්තන් අතුරින් ඔබ වෙත සමාව අයැද පශ්චාත්තාපයේ නිරතවන්නන් හට සමාව දානය කරන්නාය. එමෙන්ම ඔවුන් කෙරෙහි කරුණාව දක්වන්නාය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
رَبَّنَا وَابْعَثْ فِیْهِمْ رَسُوْلًا مِّنْهُمْ یَتْلُوْا عَلَیْهِمْ اٰیٰتِكَ وَیُعَلِّمُهُمُ الْكِتٰبَ وَالْحِكْمَةَ وَیُزَكِّیْهِمْ ؕ— اِنَّكَ اَنْتَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟۠
අපගේ පරමාධිපතියාණනි, ඔවුන් අතර ඉස්මාඊල්ගේ පරම්පරාවෙන් දූතයකු එවනු මැනව! පහළ කරනු ලබන ඔබේ වදන් ඔහු ඔවුනට පාරායනය කර පෙන්වන කුර්ආනය හා නියම පිළිවෙත ඔවුනට උගන්වන ආදේශ කිරීමෙන් හා පහත් ක්රියාවන්ගෙන් ඔවුන් පිරිසිදු කරන දූතයකු එවනු මැනව! සැබැවින්ම ඔබ බලසම්පන්නය. සියල්ල අබිබවා යන්නාය. ඔබේ සියලු ක්රියාවන් හා ඔබේ තීන්දු තීරණවලදී ඔබ මහා ප්රඥාවන්තය... යනුවෙන් ප්රාර්ථනා කළෝය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَمَنْ یَّرْغَبُ عَنْ مِّلَّةِ اِبْرٰهٖمَ اِلَّا مَنْ سَفِهَ نَفْسَهٗ ؕ— وَلَقَدِ اصْطَفَیْنٰهُ فِی الدُّنْیَا ۚ— وَاِنَّهٗ فِی الْاٰخِرَةِ لَمِنَ الصّٰلِحِیْنَ ۟
තම මෝඩකම හේතුවෙන් හා සත්යය හැර දමමින් වැරදි මග තෝරා; නින්දිත ලෙස එය පිළිගෙන; ඒ සඳහා කරන නපුරු කුමන්ත්රණ හේතුවෙන් තමන්ටම අපරාධ කර ගත්තෙකු මිස වෙන කිසිවෙකු ඉබ්රාහීම්ගේ පිළිවෙතින් වෙනත් ආගමික පිළිවෙතකට හැරෙන්නේ නැත. සැබැවින්ම අපි මෙලොවෙහි ඔහු දූතයකු හා මිතුරෙකු ලෙස තෝරා ගත්තෙමු. එමෙන්ම තමන් වෙත අල්ලාහ් පැවරූ වගකීම් ඉටු කර උසස් තරාතිරම් ලැබූ දැහැමියන් අතර ඔහු සිටියි.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اِذْ قَالَ لَهٗ رَبُّهٗۤ اَسْلِمْ ۙ— قَالَ اَسْلَمْتُ لِرَبِّ الْعٰلَمِیْنَ ۟
‘මට පමණක් නැමදුම් කරනු. අවනතවී මට යටහත් වනු’ යැයි ඔහුගේ පරමාධිපති ඔහුට පැවසූ විට ඔහු තම පරමාධිපති දෙස බලා: ‘ගැත්තන් මවා ඔවුනට පෝෂණය සලසා දී ඔවුන්ගේ කටයුතු සැලසුම් කරන අල්ලාහ්ට මම අවනත වෙමි’ යැයි පිළිතුරු දුන් මොහොතේ ඉස්ලාමය වෙත යුහුසුළුවෙන් ක්රියා කරන්නට අල්ලාහ් ඔහුව තෝරා ගත්තේය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
وَوَصّٰی بِهَاۤ اِبْرٰهٖمُ بَنِیْهِ وَیَعْقُوْبُ ؕ— یٰبَنِیَّ اِنَّ اللّٰهَ اصْطَفٰی لَكُمُ الدِّیْنَ فَلَا تَمُوْتُنَّ اِلَّا وَاَنْتُمْ مُّسْلِمُوْنَ ۟ؕ
ඉබ්රාහීම් තුමා තම දරුවන්හට ‘මම සර්ව ලෝකවල පරමාධිපතිට අවනත වෙමි’ යැයි පවසා උපදෙස් දුන්හ. එලෙස යඃකූබ් තුමාද තම දරුවන් අතමා උපදෙස් දුන්හ. ඔවුන් දෙදෙනා තම දරුවන්ට: ‘සැබැවින්ම අල්ලාහ් නුඹලාට ඉස්ලාම් දහම තෝරා දී ඇත. නුඹලා මරණයට පත් වන තෙක් එය තදින් ග්රහණය කර ගනු. මතුපිටින් පමණක් නොව ඇතුළාන්තයේද අල්ලාහ්ට අවනත වන්නන් ලෙස සිටිනු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
اَمْ كُنْتُمْ شُهَدَآءَ اِذْ حَضَرَ یَعْقُوْبَ الْمَوْتُ ۙ— اِذْ قَالَ لِبَنِیْهِ مَا تَعْبُدُوْنَ مِنْ بَعْدِیْ ؕ— قَالُوْا نَعْبُدُ اِلٰهَكَ وَاِلٰهَ اٰبَآىِٕكَ اِبْرٰهٖمَ وَاِسْمٰعِیْلَ وَاِسْحٰقَ اِلٰهًا وَّاحِدًا ۖۚ— وَّنَحْنُ لَهٗ مُسْلِمُوْنَ ۟
යඃකූබ් තුමා මරණයට පත්වන කල්හි තම දරුවන් පමණක් අමතා: ‘මාගේ මරණයෙන් පසු නුඹලා නමදිනුයේ කුමක් ද?’ යැයි විමසා සිටි අවස්ථාවේ නුඹලා සිටියෙහුද? ඔවුහු එතුමාට පිළිතුරු වශයෙන්: ‘ඔබේ දෙවිඳුන් වන ඔබට පෙර සිටි ඉබ්රාහීම් ඉස්මාඊල් ඉස්හාක් යන ඔබේ මුතුන් මිත්තන්ගේ දෙවිඳුන් වන එකම දෙවිඳුන් නමදිමු. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නැත. ඔහුට පමණක් අපි අවනත වන්නෙමු. පිළිපදින්නෙමු’ යැයි පවසා සිටියහ.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
تِلْكَ اُمَّةٌ قَدْ خَلَتْ ۚ— لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَّا كَسَبْتُمْ ۚ— وَلَا تُسْـَٔلُوْنَ عَمَّا كَانُوْا یَعْمَلُوْنَ ۟
එය නුඹලාට පෙර ඉකුත්ව ගිය සමූහයන් අතර ඉකුත්ව ගිය තවත් සමූහයකි. ඔවුන් කළ ක්රියාවන් ඔවුන් සමගම සේන්දු වෙති. ඔවුන් යම් යහපතක් හෝ අයහපතක් උපයා ඇත්නම් එය ඔවුනට සතු වේ. නුඹලා උපයන දෑ නුඹලාට සතුය. ඔවුන්ගේ ක්රියාවන් සම්බන්ධයෙන් නුඹලාගෙන් ප්රශ්න කරනු නොලැබේ. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ ඔවුන්ද ප්රශ්න කරනු නොලැබේ. වෙනත් කිසිවකුගේ පාපයක් සඳහා කෙනෙකු ග්රහණය කරනු නොලැබේ. නමුත් සෑම කෙනෙකුම තමන් ඉදිරිපත් කළ දෑ සඳහා ප්රතිඵල දෙනු ලබනු ඇත. නුඹලාට පෙර ඉකුත්ව ගිය සමූහයාගේ කිසිදු ක්රියාවක් නුඹලා සිදු කරන ක්රියාවන්ගෙන් නුඹලා වෙනතක යොමු නොකළ යුතු වේ. සැබැවින්ම කෙනෙකුට අල්ලාහ්ගේ කරුණාව ලැබුවායින් පසුව වෙනත් කෙනෙකුගේ කිසිදු දැහැමි ක්රියාවක් ඔහුට ප්රයෝජනවත් නොවන්නේමය.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• المؤمن المتقي لا يغتر بأعماله الصالحة، بل يخاف أن ترد عليه، ولا تقبل منه، ولهذا يُكْثِرُ سؤالَ الله قَبولها.
බැතිමත් දේව විශ්වාසවන්තයෙකු ඔහුගේ දැහැමි ක්රියාවන් දෙස බලා රැවටෙන්නේ නැත. ඒ සඳහා තමන්ට ප්රතිචාර ලැබේ ද? එය පිළිගනු ලැබේ ද නොලැබේ ද යනුවෙන් බිය වෙයි. එහෙයින් ඔහු එය පිළිගන්නා මෙන් අධික ලෙස අල්ලාහ්ගෙන් කණ්ණලව් කර සිටියි.

• بركة دعوة أبي الأنبياء إبراهيم عليه السلام، حيث أجاب الله دعاءه وجعل خاتم أنبيائه وأفضل رسله من أهل مكة.
නබිවරුන්ගේ පියා ලෙස සැලකෙන ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමාගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දීමෙන් ඉන් ඇති වූ සමෘධිය.

• دين إبراهيم عليه السلام هو الملة الحنيفية الموافقة للفطرة، لا يرغب عنها ولا يزهد فيها إلا الجاهل المخالف لفطرته.
ඉබ්රාහීම්ගේ දහම ස්වභාදහමට අනුකූල වූ අචල පිළිවෙතකි. තම ස්වභාවික පැවැත්මට වෙනස්කම් කරන අධමයකු මිස වෙනත් කිසිවකු ඉන් දුරස් වන්නට සිතන්නේ නැත. ඉන් හැරෙන්නේද නැත.

• مشروعية الوصية للذرية باتباع الهدى، وأخذ العهد عليهم بالتمسك بالحق والثبات عليه.
යහමග අනුගමනය කරන මෙන් පරපුරකට උපදෙස් දීම ආගමානුගත කර තිබීම. සත්යය පිළිපදිමින් එහි ස්ථාවර සිටින මෙන් ඔවුන්ගෙන් ගිවිසුමක් ගැනීම.

 
අර්ථ කථනය පරිච්ඡේදය: අල් බකරා
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න