Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: جن   آیت:
وَّاَنَّا مِنَّا الْمُسْلِمُوْنَ وَمِنَّا الْقٰسِطُوْنَ ؕ— فَمَنْ اَسْلَمَ فَاُولٰٓىِٕكَ تَحَرَّوْا رَشَدًا ۟
තවද නියත වශයෙන් ම අප වනාහි අප අතරින් අවනත වන්නෝ ද වෙති. එමෙන් ම අප අතරින් (සත්‍යයෙන්) බැහැර වන්නෝ ද වෙති. එහෙයින් කවුරුන් අවනත වන්නෝ ද ඔවුහු ඍජු මග සොයා ගත්තෝ ය.
عربي تفسیرونه:
وَاَمَّا الْقٰسِطُوْنَ فَكَانُوْا لِجَهَنَّمَ حَطَبًا ۟ۙ
තවද (සත්‍යයෙන්) බැහැර වන්නෝ වූ කලී නිරය සඳහා ඉන්ධන බවට ඔවුහු පත් වූවෝ ය.
عربي تفسیرونه:
وَّاَنْ لَّوِ اسْتَقَامُوْا عَلَی الطَّرِیْقَةِ لَاَسْقَیْنٰهُمْ مَّآءً غَدَقًا ۟ۙ
එසේ ම (යහ) මාර්ගයේ ඔවුන් ස්ථාවරව සිටියේ නම් අපි ඔවුනට බහුල වශයෙන් ජලය සපයන්නෙමු යන වගත් (මට දන්වනු ලැබී ය.)
عربي تفسیرونه:
لِّنَفْتِنَهُمْ فِیْهِ ؕ— وَمَنْ یُّعْرِضْ عَنْ ذِكْرِ رَبِّهٖ یَسْلُكْهُ عَذَابًا صَعَدًا ۟ۙ
එය අපි ඔවුන් එහි පරීක්ෂාවට ලක් කරනු පිණිස ය. තවද කවරෙකු තම පරමාධිපති මෙනෙහි කිරීම පිටු දකින්නේ ද ඔහු ඔහුව දරුණු දඬුවමට යොමු කරනු ඇත.
عربي تفسیرونه:
وَّاَنَّ الْمَسٰجِدَ لِلّٰهِ فَلَا تَدْعُوْا مَعَ اللّٰهِ اَحَدًا ۟ۙ
තවද නියත වශයෙන් ම මස්ජිදයන් අල්ලාහ් සතු ය. එහෙයින් නුඹලා අල්ලාහ් සමඟ කිසිවෙක් නො අයදිනු.
عربي تفسیرونه:
وَّاَنَّهٗ لَمَّا قَامَ عَبْدُ اللّٰهِ یَدْعُوْهُ كَادُوْا یَكُوْنُوْنَ عَلَیْهِ لِبَدًا ۟ؕ۠
තවද නියත වශයෙන් ම අල්ලාහ්ගේ ගැත්තා (නබිවරයා) ඔහු වෙත ඇරයුම් කිරීමට නැගී සිටී කල්හි ඔවුහු කණ්ඩායම් වශයෙන් ඔහු වෙත සමීපවන්නට වූවෝ ය.
عربي تفسیرونه:
قُلْ اِنَّمَاۤ اَدْعُوْا رَبِّیْ وَلَاۤ اُشْرِكُ بِهٖۤ اَحَدًا ۟
“නියත වශයෙන් ම මා අයදිනුයේ මාගේ පරමාධිපතිව ය. තවද මම ඔහුට කිසිවකු හෝ ආදේශ නො කරමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
عربي تفسیرونه:
قُلْ اِنِّیْ لَاۤ اَمْلِكُ لَكُمْ ضَرًّا وَّلَا رَشَدًا ۟
“නුඹලාට යම් හානියක් හෝ යම් මග පෙන්වීමක් හෝ සිදු කරන්නට නියත වශයෙන් ම මා බලය නො දරමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
عربي تفسیرونه:
قُلْ اِنِّیْ لَنْ یُّجِیْرَنِیْ مِنَ اللّٰهِ اَحَدٌ ۙ۬— وَّلَنْ اَجِدَ مِنْ دُوْنِهٖ مُلْتَحَدًا ۟ۙ
“(මා අවනත නො වුයේ නම්) අල්ලාහ්ගෙන් මා ආරක්ෂා කරන්නට කිසිවකුට නො හැක්කේ ම ය. තවද ඔහු හැර වෙනත් පිළිසරණක් මම කිසිවිටෙක නො ලබමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
عربي تفسیرونه:
اِلَّا بَلٰغًا مِّنَ اللّٰهِ وَرِسٰلٰتِهٖ ؕ— وَمَنْ یَّعْصِ اللّٰهَ وَرَسُوْلَهٗ فَاِنَّ لَهٗ نَارَ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ۟ؕ
අල්ලාහ් හා ඔහුගේ දූත පණිවිඩය ගැන දැනුම් දීම මිස (වෙනත් කිසිවක් මා සතු නො වේ.) තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට පිටුපාන්නේද එවිට නියත වශයෙන් ම ඔහුට නිරා ගින්න ඇත. ඔවුහු එහි නිරන්තරයෙන් ම සදාතනිකයින් වෙති.
عربي تفسیرونه:
حَتّٰۤی اِذَا رَاَوْا مَا یُوْعَدُوْنَ فَسَیَعْلَمُوْنَ مَنْ اَضْعَفُ نَاصِرًا وَّاَقَلُّ عَدَدًا ۟
අවසානයේ ප්‍රතිඥා දෙනු ලබන දෑ ඔවුහු දුටු විට උදව්කරුගෙන් වඩාත් දුර්වල කවුරුන් දැ? යි ද සංඛ්‍යාවෙන් වඩාත් අඩු කවුරුන් දැ? යි ද ඔවුහු මතු දැන ගනු ඇත.
عربي تفسیرونه:
قُلْ اِنْ اَدْرِیْۤ اَقَرِیْبٌ مَّا تُوْعَدُوْنَ اَمْ یَجْعَلُ لَهٗ رَبِّیْۤ اَمَدًا ۟
“නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සමීප ද? එසේ නැතහොත් මාගේ පරමාධිපති එයට දිගු කලක් තබා ඇත්තේ දැ? යි ද මම නො දනිමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
عربي تفسیرونه:
عٰلِمُ الْغَیْبِ فَلَا یُظْهِرُ عَلٰی غَیْبِهٖۤ اَحَدًا ۟ۙ
ඔහු ගුප්ත දෑ දන්නා ය. එහෙයින් ඔහුගේ ගුප්ත දෑ කිසිවකුට ඔහු හෙළිදරව් නො කරයි.
عربي تفسیرونه:
اِلَّا مَنِ ارْتَضٰی مِنْ رَّسُوْلٍ فَاِنَّهٗ یَسْلُكُ مِنْ بَیْنِ یَدَیْهِ وَمِنْ خَلْفِهٖ رَصَدًا ۟ۙ
එහෙත් රසූල්වරයකුගෙන් ඔහු තෝරා ගත් අයට හැර. එවිට ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් නියත වශයෙන් ම ඔහු ආරක්ෂකයින් ගමන් කරවනු ඇත.
عربي تفسیرونه:
لِّیَعْلَمَ اَنْ قَدْ اَبْلَغُوْا رِسٰلٰتِ رَبِّهِمْ وَاَحَاطَ بِمَا لَدَیْهِمْ وَاَحْصٰی كُلَّ شَیْءٍ عَدَدًا ۟۠
ඔවුන්ගේ පරමාධිපතිගේ දූත පණිවිඩ ඔවුන්ට දැනුම් දී ඇත්තේ දැ? යි ඔහු දැන ගනු පිණිස ය. ඔවුන් සමඟ ඇති දෑ පිළිබඳව ඔහු සර්ව ප්‍රකාරයෙන් දැන සිටියි. තවද සියලු දෑ ගණන් කොට තබා ඇත.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: جن
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول