Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: تحریم   آیت:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا تُوْبُوْۤا اِلَی اللّٰهِ تَوْبَةً نَّصُوْحًا ؕ— عَسٰی رَبُّكُمْ اَنْ یُّكَفِّرَ عَنْكُمْ سَیِّاٰتِكُمْ وَیُدْخِلَكُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ۙ— یَوْمَ لَا یُخْزِی اللّٰهُ النَّبِیَّ وَالَّذِیْنَ اٰمَنُوْا مَعَهٗ ۚ— نُوْرُهُمْ یَسْعٰی بَیْنَ اَیْدِیْهِمْ وَبِاَیْمَانِهِمْ یَقُوْلُوْنَ رَبَّنَاۤ اَتْمِمْ لَنَا نُوْرَنَا وَاغْفِرْ لَنَا ۚ— اِنَّكَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! අල්ලාහ් වෙත අවංක පශ්චාත්තාපයකින් පශ්චාත්තාප වී යොමු වනු. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ පාපයන් නුඹලාගෙන් පහ කොට ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන්වලට නුඹලාව ඇතුළත් කරන්නට පුළුවණ. එදින නබිවරයාට හා ඔහු සමඟ වූ විශ්වාස කළවුනට අල්ලාහ් අවමන් නො කරයි. ඔවුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරිපසින් ද ඔවුන්ගේ දකුණුපසින් ද දිව යයි. “අපගේ පරමාධිපතියාණනි! අපගේ ආලෝකය අපට පූර්ණවත් කර දෙනු මැනව! තවද අපහට සමාව දෙනු මැනව! නියත වශයෙන් ම නුඹ සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.” යැයි ඔවුන් පවසනු ඇත.
عربي تفسیرونه:
یٰۤاَیُّهَا النَّبِیُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنٰفِقِیْنَ وَاغْلُظْ عَلَیْهِمْ ؕ— وَمَاْوٰىهُمْ جَهَنَّمُ ؕ— وَبِئْسَ الْمَصِیْرُ ۟
අහෝ නබිවරය! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් සමඟ නුඹ අරගල කරනු. තවද ඔවුනට එරෙහිව දැඩිව කටයුතු කරනු. තවද ඔවුන්ගේ නවාතැන නිරයයි. තවද යොමු වන ස්ථානය නපුරු විය.
عربي تفسیرونه:
ضَرَبَ اللّٰهُ مَثَلًا لِّلَّذِیْنَ كَفَرُوا امْرَاَتَ نُوْحٍ وَّامْرَاَتَ لُوْطٍ ؕ— كَانَتَا تَحْتَ عَبْدَیْنِ مِنْ عِبَادِنَا صَالِحَیْنِ فَخَانَتٰهُمَا فَلَمْ یُغْنِیَا عَنْهُمَا مِنَ اللّٰهِ شَیْـًٔا وَّقِیْلَ ادْخُلَا النَّارَ مَعَ الدّٰخِلِیْنَ ۟
නූහ්ගේ බිරිය හා ලූත්ගේ බිරිය ප්‍රතික්ෂේප කළවුන් සඳහා උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේ ය. ඔවුන් දෙදෙනා අපගේ දැහැමි ගැත්තන් අතරින් ගැත්තන් දෙදෙනෙකු යටතේ වූහ. එහෙත් ඔවුන් දෙදෙනා මොවුන් (සැමියන්) දෙදෙනාට ද්‍රෝහි වූවෝ ය. එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් ඔවුන් දෙදෙනා වෙනුවෙන් කිසිදු සෙතක් සැලසිය නොහැකි විය. තවද නුඹලා පිවිසෙන්නන් සමඟ නිරයට පිවිසෙනු යැයි කියනු ලැබී ය.
عربي تفسیرونه:
وَضَرَبَ اللّٰهُ مَثَلًا لِّلَّذِیْنَ اٰمَنُوا امْرَاَتَ فِرْعَوْنَ ۘ— اِذْ قَالَتْ رَبِّ ابْنِ لِیْ عِنْدَكَ بَیْتًا فِی الْجَنَّةِ وَنَجِّنِیْ مِنْ فِرْعَوْنَ وَعَمَلِهٖ وَنَجِّنِیْ مِنَ الْقَوْمِ الظّٰلِمِیْنَ ۟ۙ
තවද විශ්වාස කළවුන් සදහා උපමාවක් ලෙස අල්ලාහ් ෆිර්අවුන්ගේ බිරිය ඉදිරිපත් කළේ ය. “මාගේ පරමාධිපතියාණනි! නුඹ අබියස (ස්වර්ග) උයනේ නිවසක් මා වෙනුවෙන් ඉදි කර දෙනු මැනව! තවද ෆිර්අවුන්ගෙන් ද ඔහුගේ (නපුරු) ක්‍රියාවෙන් ද මා මුදවා ගනු මැනව! තවද අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු මැනව!” යැයි ඇය පවසා සිටියා ය.
عربي تفسیرونه:
وَمَرْیَمَ ابْنَتَ عِمْرٰنَ الَّتِیْۤ اَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِیْهِ مِنْ رُّوْحِنَا وَصَدَّقَتْ بِكَلِمٰتِ رَبِّهَا وَكُتُبِهٖ وَكَانَتْ مِنَ الْقٰنِتِیْنَ ۟۠
තවද තම පතිවත සුරක්ෂා කර ගත් ඉම්රාන්ගේ දියණිය වූ මර්යම්(ගේ උපමාව ද ගෙන හැර දැක් වීය.) අපගේ ආත්මයෙන් ඒ වෙත අපි පිඹුවෙමු. තවද ඇයගේ පරමාධිපතිගේ වදන් හා ඔහුගේ ග්‍රන්ථ ඇය තහවුරු කළා ය. තවද ඇය අවනත වන්නන් අතරින් වූවා ය.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: تحریم
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول