Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: شوری   آیت:
فَاطِرُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— جَعَلَ لَكُمْ مِّنْ اَنْفُسِكُمْ اَزْوَاجًا وَّمِنَ الْاَنْعَامِ اَزْوَاجًا ۚ— یَذْرَؤُكُمْ فِیْهِ ؕ— لَیْسَ كَمِثْلِهٖ شَیْءٌ ۚ— وَهُوَ السَّمِیْعُ الْبَصِیْرُ ۟
(ඔහු) අහස් හා මහපොළොවේ නිර්මාපක ය. නුඹලා සඳහා නුඹලා තුළින් ම යුගල ද එමෙන් ම ගොවිපළ සතුන් අතරින් යුගල ද ඔහු ඇති කළේ ය. එහි නුඹලාව ඔහු බිහි කරයි. ඔහු මෙන් කිසිවෙක් නැත. තවද ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය.
عربي تفسیرونه:
لَهٗ مَقَالِیْدُ السَّمٰوٰتِ وَالْاَرْضِ ۚ— یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ وَیَقْدِرُ ؕ— اِنَّهٗ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟
අහස් හා මහපොළොවේ (පෝෂණ සම්පත් හි) යතුරු ඔහු සතු ය. ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කරයි. තවද ඔහු සීමා ද කරයි. නියත වශයෙන් ම ඔහු සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය.
عربي تفسیرونه:
شَرَعَ لَكُمْ مِّنَ الدِّیْنِ مَا وَصّٰی بِهٖ نُوْحًا وَّالَّذِیْۤ اَوْحَیْنَاۤ اِلَیْكَ وَمَا وَصَّیْنَا بِهٖۤ اِبْرٰهِیْمَ وَمُوْسٰی وَعِیْسٰۤی اَنْ اَقِیْمُوا الدِّیْنَ وَلَا تَتَفَرَّقُوْا فِیْهِ ؕ— كَبُرَ عَلَی الْمُشْرِكِیْنَ مَا تَدْعُوْهُمْ اِلَیْهِ ؕ— اَللّٰهُ یَجْتَبِیْۤ اِلَیْهِ مَنْ یَّشَآءُ وَیَهْدِیْۤ اِلَیْهِ مَنْ یُّنِیْبُ ۟ؕ
කවර දෙයක් පිළිබඳව ඔහු නූහ්ට උපදෙස් දුන්නේ ද එය නුඹලාට ද ඔහු දහම්ගත කළේ ය. තවද නුඹ වෙත දන්වා සිටි දෑ ද ඉබ්රාහීම්, මූසා, ඊසාට අපි කවර දෙයක් උපදෙස් දුන්නේ ද එය ද වනාහි “නුඹලා දහම ඍජු ලෙස ස්ථාපිත කරනු, එහි නුඹලා වෙන්ව නො යනු” යනුවෙනි. නුඹ කවර දෙයක් වෙත ඔවුන් ඇරයුම් කරන්නේ ද එය ආදේශකයින්ට බැරූරැම් විය. තමන් අභිමත කරන අය අල්ලාහ් ඔහු වෙත තෝරා ගනී. තවද (පසුතැවිලි වී) හැරෙන අයට ඔහු වෙතට ඔහු මග පෙන්වයි.
عربي تفسیرونه:
وَمَا تَفَرَّقُوْۤا اِلَّا مِنْ بَعْدِ مَا جَآءَهُمُ الْعِلْمُ بَغْیًا بَیْنَهُمْ ؕ— وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَّبِّكَ اِلٰۤی اَجَلٍ مُّسَمًّی لَّقُضِیَ بَیْنَهُمْ ؕ— وَاِنَّ الَّذِیْنَ اُوْرِثُوا الْكِتٰبَ مِنْ بَعْدِهِمْ لَفِیْ شَكٍّ مِّنْهُ مُرِیْبٍ ۟
තවද ඔවුන් වෙත ඥානය පැමිණීමෙන් පසුව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව හේතුවෙන් මිස ඔවුහු (දහමෙහි) වෙන්ව නො ගියෝ ය. තවද ඔබේ පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් නියමිත කාලයක් දක්වා පෙරටු නො වූයේ නම් ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද සැබැවින් ම ඔවුන්ගෙන් පසුව ධර්ම ග්‍රන්ථය උරුම කර දෙනු ලැබූ අය ඒ පිළිබඳව අවිශ්වාසය ඇති කරන සැකයෙහි සිටිති.
عربي تفسیرونه:
فَلِذٰلِكَ فَادْعُ ۚ— وَاسْتَقِمْ كَمَاۤ اُمِرْتَ ۚ— وَلَا تَتَّبِعْ اَهْوَآءَهُمْ ۚ— وَقُلْ اٰمَنْتُ بِمَاۤ اَنْزَلَ اللّٰهُ مِنْ كِتٰبٍ ۚ— وَاُمِرْتُ لِاَعْدِلَ بَیْنَكُمْ ؕ— اَللّٰهُ رَبُّنَا وَرَبُّكُمْ ؕ— لَنَاۤ اَعْمَالُنَا وَلَكُمْ اَعْمَالُكُمْ ؕ— لَا حُجَّةَ بَیْنَنَا وَبَیْنَكُمْ ؕ— اَللّٰهُ یَجْمَعُ بَیْنَنَا ۚ— وَاِلَیْهِ الْمَصِیْرُ ۟ؕ
එහෙයින් (නබිවරය!) නුඹ ඇරයුම් කරනු. තවද නුඹ අණ කරනු ලැබූ සේම ස්ථාවරව සිටිනු. ඔවුන්ගේ ආශාවන් ඔබ අනුගමනය නො කරනු. තවද නුඹ මෙසේ පවසනු “ධර්ම ග්‍රන්ථයෙන් අල්ලාහ් පහළ කළ දෑ පිළිබඳව මම විශ්වාස කළෙමි. තවද නුඹලා අතර යුක්තිගරුකව කටයුතු කිරීමට මම අණ කරනු ලැබුවෙමි. අල්ලාහ් අපගේ පරමාධිපති ය. තවද නුඹලාගේද පරමාධිපති ය. අපට අපගේ ක්‍රියාවන්. තවද නුඹලාට නුඹලාගේ ක්‍රියාවන්. මෙහි අප අතර හා නුඹලා අතර කිසිදු තර්කයක් නැත. අල්ලාහ් අප එක්රැස් කරයි. තවද නැවත යොමු කරනු ලබන ස්ථානය ඔහු වෙත ම ය.”
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: شوری
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول