Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: غافر   آیت:
وَقَالَ فِرْعَوْنُ ذَرُوْنِیْۤ اَقْتُلْ مُوْسٰی وَلْیَدْعُ رَبَّهٗ ۚؕ— اِنِّیْۤ اَخَافُ اَنْ یُّبَدِّلَ دِیْنَكُمْ اَوْ اَنْ یُّظْهِرَ فِی الْاَرْضِ الْفَسَادَ ۟
තවද “නුඹලා මා අතහැර දමනු. මම මූසාව මරා දමමි. තවද ඔහු ඔහුගේ පරමාධිපතිට ඇරයුම් කරත්වා! නුඹලාගේ දහම ඔහු වෙනස් කරනු ඇත. එසේ නැතහොත් මහ පොළොවේ ඔහු අර්බුධ මතු කරනු ඇතැයි සැබැවින් ම මම බිය වෙමි” යැයි ෆිර්අවුන් පැවසී ය.
عربي تفسیرونه:
وَقَالَ مُوْسٰۤی اِنِّیْ عُذْتُ بِرَبِّیْ وَرَبِّكُمْ مِّنْ كُلِّ مُتَكَبِّرٍ لَّا یُؤْمِنُ بِیَوْمِ الْحِسَابِ ۟۠
තවද “විනිශ්චය දිනය පිළිබඳ විශ්වාස නො කරන සෑම අහංකාරයකුගෙන් ම, මම මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපතිගෙන් ආරක්ෂාව පතමි” යැයි මූසා පැවසුවේ ය.
عربي تفسیرونه:
وَقَالَ رَجُلٌ مُّؤْمِنٌ ۖۗ— مِّنْ اٰلِ فِرْعَوْنَ یَكْتُمُ اِیْمَانَهٗۤ اَتَقْتُلُوْنَ رَجُلًا اَنْ یَّقُوْلَ رَبِّیَ اللّٰهُ وَقَدْ جَآءَكُمْ بِالْبَیِّنٰتِ مِنْ رَّبِّكُمْ ؕ— وَاِنْ یَّكُ كَاذِبًا فَعَلَیْهِ كَذِبُهٗ ۚ— وَاِنْ یَّكُ صَادِقًا یُّصِبْكُمْ بَعْضُ الَّذِیْ یَعِدُكُمْ ؕ— اِنَّ اللّٰهَ لَا یَهْدِیْ مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ ۟
තවද “මාගේ පරමාධිපති අල්ලාහ් යැයි පැවසීම හේතුවෙන් නුඹලා මිනිසෙකු මරා දමන්නෙහු ද? නුඹලාගේ පරමාධිපති වෙතින් පැහැදිලි සාධක සමඟ සැබැවින් ම ඔහු නුඹලා වෙත පැමිණ ඇත. තවද ඔහු බොරුකාරයකු වන්නේ නම් ඔහුගේ බොරුව ඔහුට එරෙහිවම ය. තවද ඔහු සත්‍යවාදියෙකු වන්නේ නම් නුඹලාට ප්‍රතිඥා දුන් ඇතැම් දෑ නුඹලාට හටගනු ඇත. කවරෙකු සීමාව ඉක්මවා යමින් මහා බොරුකාරයකු ලෙස සිටියේ ද සැබැවින් ම අල්ලාහ් ඔහුට මග පෙන්වන්නේ නැතැ” යි ෆිර්අවුන්ගේ පරපුර තම විශ්වාසය සඟවා සිටි මිනිසෙකු පැවසී ය.
عربي تفسیرونه:
یٰقَوْمِ لَكُمُ الْمُلْكُ الْیَوْمَ ظٰهِرِیْنَ فِی الْاَرْضِ ؗ— فَمَنْ یَّنْصُرُنَا مِنْ بَاْسِ اللّٰهِ اِنْ جَآءَنَا ؕ— قَالَ فِرْعَوْنُ مَاۤ اُرِیْكُمْ اِلَّا مَاۤ اَرٰی وَمَاۤ اَهْدِیْكُمْ اِلَّا سَبِیْلَ الرَّشَادِ ۟
අහෝ ජනයිනි! අද දින නුඹලා මහපොළොවේ අබිබවා යමින් ආධිපත්‍යය නුඹලා සතු කර ගෙන ඇත. එහෙත් අල්ලාහ්ගේ දඬුවම අප වෙත පැමිණියේ නම් ඉන් අපට උපකාර කරනුයේ කවු ද? (යැයි ඔහු තවදුරටත් විමසී ය.) මා දකින දෑ හැර වෙනෙකක් මම නුඹලාට නො පෙන්වමි. එමෙන් ම යහමග හැර වෙනත් මගක් මම නුඹලාට නො පෙන්වමි” යැයි ෆිර්අවුන් පැවසී ය.
عربي تفسیرونه:
وَقَالَ الَّذِیْۤ اٰمَنَ یٰقَوْمِ اِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ مِّثْلَ یَوْمِ الْاَحْزَابِ ۟ۙ
තවද අහෝ මාගේ ජනයිනි! සේනාංකයන්ගේ දින මෙන් නුඹලා වෙත සිදු වීම ගැන නියත වශයෙන් ම මම බිය වෙමි යැයි දේවත්වය විශ්වාස කළ තැනැත්තා පැවසුවේ ය.
عربي تفسیرونه:
مِثْلَ دَاْبِ قَوْمِ نُوْحٍ وَّعَادٍ وَّثَمُوْدَ وَالَّذِیْنَ مِنْ بَعْدِهِمْ ؕ— وَمَا اللّٰهُ یُرِیْدُ ظُلْمًا لِّلْعِبَادِ ۟
නූහ්ගේ ජනයා, ආද්, සමූද් හා ඔවුනට පෙර සිටි කණ්ඩායම් වැනි අයට සිදු වූවාක් මෙන් (යමක් නුඹලා වෙත සිදු වීම ගැන නියත වශයෙන් ම මම බිය වෙමි). තවද ගැත්තන්හට අපරාධයක් සිදු කිරීමට අල්ලාහ් අපේක්ෂා නො කරයි.” යැයි දේවත්වය විශ්වාස කළ එම තැනැත්තා පැවසී ය.
عربي تفسیرونه:
وَیٰقَوْمِ اِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ یَوْمَ التَّنَادِ ۟ۙ
“තවද, අහෝ මාගේ ජනයිනි! ඇරයුම් කරන දිනය නුඹලා වෙත පැමිණීම ගැන මම බිය වෙමි.”
عربي تفسیرونه:
یَوْمَ تُوَلُّوْنَ مُدْبِرِیْنَ ۚ— مَا لَكُمْ مِّنَ اللّٰهِ مِنْ عَاصِمٍ ۚ— وَمَنْ یُّضْلِلِ اللّٰهُ فَمَا لَهٗ مِنْ هَادٍ ۟
“නුඹලා පිටුපාමින් පලා යන දිනයේ අල්ලාහ්ගෙන් ආරක්ෂා කරන කිසිවෙකු නුඹලාට නැත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔහුට කිසිදු මග පෙන්වන්නෙකු නැත.”
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: غافر
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول