Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: نساء   آیت:
وَالّٰتِیْ یَاْتِیْنَ الْفَاحِشَةَ مِنْ نِّسَآىِٕكُمْ فَاسْتَشْهِدُوْا عَلَیْهِنَّ اَرْبَعَةً مِّنْكُمْ ۚ— فَاِنْ شَهِدُوْا فَاَمْسِكُوْهُنَّ فِی الْبُیُوْتِ حَتّٰی یَتَوَفّٰهُنَّ الْمَوْتُ اَوْ یَجْعَلَ اللّٰهُ لَهُنَّ سَبِیْلًا ۟
නුඹලාගේ කාන්තාවන් අතුරින් ඇතැමුන් අශීලාචාර ක්‍රියාවක යෙදුනේ නම් එවිට ඔවුනට එරෙහිව නුඹලා අතුරින් සිව් දෙනෙකු සාක්ෂි වශයෙන් ගෙන එනු. එසේ ඔවුන් සාක්ෂි පැවසුවේ නම් එවිට ඔවුනට (එම කාන්තාවන්ට) මරණය එළඹෙන තුරු හෝ ඔවුන් වෙනුවෙන් අල්ලාහ් යම් මඟක් ඇති කරන තුරු නිවෙස්හි ඔවුන්ව රඳවා තබනු.
عربي تفسیرونه:
وَالَّذٰنِ یَاْتِیٰنِهَا مِنْكُمْ فَاٰذُوْهُمَا ۚ— فَاِنْ تَابَا وَاَصْلَحَا فَاَعْرِضُوْا عَنْهُمَا ؕ— اِنَّ اللّٰهَ كَانَ تَوَّابًا رَّحِیْمًا ۟
නුඹලා අතුරින් අශීලාචාර ක්‍රියාවක යෙදුනු දෙදෙනෙකුට නුඹලා දඬුවම් කරනු. පසුව ඔවුන් දෙදෙනා පශ්චාත්තාප වී හැඩ ගැසුනේ නම් එවිට නුඹලා ඔවුන් දෙදෙනා අත හැර දමනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී හා පරම කරුණාභරිත විය.
عربي تفسیرونه:
اِنَّمَا التَّوْبَةُ عَلَی اللّٰهِ لِلَّذِیْنَ یَعْمَلُوْنَ السُّوْٓءَ بِجَهَالَةٍ ثُمَّ یَتُوْبُوْنَ مِنْ قَرِیْبٍ فَاُولٰٓىِٕكَ یَتُوْبُ اللّٰهُ عَلَیْهِمْ ؕ— وَكَانَ اللّٰهُ عَلِیْمًا حَكِیْمًا ۟
අල්ලාහ් වෙතින් වූ පාපක්ෂමාව ඇත්තේ නොදැනුවත්කමින් නපුරක් කර පසුව කෙටි කලකින් පාශ්චාත්තාපයෙහි නිරත වන අයට ය. එවිට අල්ලාහ් ඔවුනට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් සර්ව ඥානී හා සර්ව ප්‍රඥාවන්ත විය.
عربي تفسیرونه:
وَلَیْسَتِ التَّوْبَةُ لِلَّذِیْنَ یَعْمَلُوْنَ السَّیِّاٰتِ ۚ— حَتّٰۤی اِذَا حَضَرَ اَحَدَهُمُ الْمَوْتُ قَالَ اِنِّیْ تُبْتُ الْـٰٔنَ وَلَا الَّذِیْنَ یَمُوْتُوْنَ وَهُمْ كُفَّارٌ ؕ— اُولٰٓىِٕكَ اَعْتَدْنَا لَهُمْ عَذَابًا اَلِیْمًا ۟
ඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණෙන තෙක් ඔවුන් නපුරුකම් කර “දැන් මම පාපක්ෂමාව අයැදිමි” යැයි පවසන්නන්ට පාපක්ෂමාව නොමැත. එමෙන් ම ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දී මරණයට පත්වන්නන්ට ද (පාපක්ෂමාව) නොමැත. අපි වේදනා සහගත දඬුවමක් ඔවුන්ට සූදානම් කර ඇත්තෙමු.
عربي تفسیرونه:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا یَحِلُّ لَكُمْ اَنْ تَرِثُوا النِّسَآءَ كَرْهًا ؕ— وَلَا تَعْضُلُوْهُنَّ لِتَذْهَبُوْا بِبَعْضِ مَاۤ اٰتَیْتُمُوْهُنَّ اِلَّاۤ اَنْ یَّاْتِیْنَ بِفَاحِشَةٍ مُّبَیِّنَةٍ ۚ— وَعَاشِرُوْهُنَّ بِالْمَعْرُوْفِ ۚ— فَاِنْ كَرِهْتُمُوْهُنَّ فَعَسٰۤی اَنْ تَكْرَهُوْا شَیْـًٔا وَّیَجْعَلَ اللّٰهُ فِیْهِ خَیْرًا كَثِیْرًا ۟
අහෝ විශ්වාස කළවුනි! බලහත් කාරයෙන් කාන්තාවන් උරුම කර ගැනීම නුඹලාට අනුමත නො වෙයි. ඔවුන්ට නුඹලා පිරිනැමූ දැයින් සමහරක් නුඹලා ගෙන යනු පිණිස (ඔවුන් විවාහයක් සිදු කර ගැනීමෙන්) නුඹලා ඔවුන්ව නො වළක්වනු. නුඹලා ඔවුන් සමඟ යහපත් අයුරින් ජීවත් වනු. මන්ද නුඹලා ඔවුන්ව පිළිකුල් කළේ නම්, (දැනගනු) නුඹලා යමක් පිළිකුල් කළ හැකි ය. (එසේ පිළිකුල් කරන) දෙයෙහි අල්ලාහ් අධික යහපත ඇති කරන්නට පුළුවන.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: نساء
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول