Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: ص   آیت:
اِصْبِرْ عَلٰی مَا یَقُوْلُوْنَ وَاذْكُرْ عَبْدَنَا دَاوٗدَ ذَا الْاَیْدِ ۚ— اِنَّهٗۤ اَوَّابٌ ۟
ඔවුන් පවසන දෑ මත ඔබ ඉවසා සිටිනු. තවද බලවත් අයකු වූ අපගේ ගැත්තා දාවූද් පිළිබඳ මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු (සමාව අයදිමින් අල්ලාහ් වෙත) ඉමහත් ලෙස නැඹුරු වන්නෙකු විය.
عربي تفسیرونه:
اِنَّا سَخَّرْنَا الْجِبَالَ مَعَهٗ یُسَبِّحْنَ بِالْعَشِیِّ وَالْاِشْرَاقِ ۟ۙ
ඔහු සමඟ සවස් කාලයේ සහ උදෑසන (අල්ලාහ්ගේ නාමය) සුවිශුද්ධ කරන කඳු සැබැවින් ම වසඟ කර දුනිමු.
عربي تفسیرونه:
وَالطَّیْرَ مَحْشُوْرَةً ؕ— كُلٌّ لَّهٗۤ اَوَّابٌ ۟
තවද (රංචු වශයෙන්) රැස් කරනු ලබන පක්ෂීන් ද (අපි වසඟ කර දුනිමු.) සියල්ල ඔහු වෙත නැඹුරු වෙති.
عربي تفسیرونه:
وَشَدَدْنَا مُلْكَهٗ وَاٰتَیْنٰهُ الْحِكْمَةَ وَفَصْلَ الْخِطَابِ ۟
තවද අපි ඔහුගේ රාජ්‍යය බලවත් කළෙමු. තවද අපි ඔහුට ප්‍රඥාව හා (තීරණාත්මකව) කතා කිරීමේ පැහැදිලිතාව පිරිනැමුවෙමු.
عربي تفسیرونه:
وَهَلْ اَتٰىكَ نَبَؤُا الْخَصْمِ ۘ— اِذْ تَسَوَّرُوا الْمِحْرَابَ ۟ۙ
තවද ඔවුහු නැමදුම් ස්ථානය වෙත (බිත්තියෙන්) නැග පැමිණි අවස්ථාවේ එම වාදයේ පුවත ඔබ වෙත පැමිණියේ ද?
عربي تفسیرونه:
اِذْ دَخَلُوْا عَلٰی دَاوٗدَ فَفَزِعَ مِنْهُمْ قَالُوْا لَا تَخَفْ ۚ— خَصْمٰنِ بَغٰی بَعْضُنَا عَلٰی بَعْضٍ فَاحْكُمْ بَیْنَنَا بِالْحَقِّ وَلَا تُشْطِطْ وَاهْدِنَاۤ اِلٰی سَوَآءِ الصِّرَاطِ ۟
දාවූද් වෙත ඔවුහු පිවිසුණු විට ඔවුන් ගැන ඔහු තැති ගත්තේ ය. “ඔබ බිය නො වනු. අපි නඩු සම්බන්ධයෙන් පාර්ශව දෙකකින් සමන්විතයි. අපගෙන් ඇතැමෙකු ඇතැමෙකුට අසාධාරණකම් සිදු කොට ඇත. එහෙයින් ඔබ යුක්ති ගරුකව අප අතර තීන්දු දෙනු. තවද ඔබ අපක්ෂපාතී නො වනු. තවද අපව ඍජු මාර්ගය වෙත යොමු කරනු” යැයි ඔවුහු පැවසූහ.
عربي تفسیرونه:
اِنَّ هٰذَاۤ اَخِیْ ۫— لَهٗ تِسْعٌ وَّتِسْعُوْنَ نَعْجَةً وَّلِیَ نَعْجَةٌ وَّاحِدَةٌ ۫— فَقَالَ اَكْفِلْنِیْهَا وَعَزَّنِیْ فِی الْخِطَابِ ۟
“නියත වශයෙන් ම මොහු මාගේ සහෝදරයා ය. ඔහුට බැටළු දෙනුන් අනූ නව දෙනෙකු ඇත. තවද මට එක් බැටළු දෙනකු පමණක් ඇත. තවද ‘එය ද මට පවරන්නැ’යි ඔහු පවසා සිටියි. තර්කයෙහි ඔහු මා අබිබවා ගොස් ඇත.
عربي تفسیرونه:
قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ اِلٰی نِعَاجِهٖ ؕ— وَاِنَّ كَثِیْرًا مِّنَ الْخُلَطَآءِ لَیَبْغِیْ بَعْضُهُمْ عَلٰی بَعْضٍ اِلَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ وَقَلِیْلٌ مَّا هُمْ ؕ— وَظَنَّ دَاوٗدُ اَنَّمَا فَتَنّٰهُ فَاسْتَغْفَرَ رَبَّهٗ وَخَرَّ رَاكِعًا وَّاَنَابَ ۟
දාවුද් මෙසේ පිළිතුරු දුන්නේය. ඔබේ බැටළු දෙන ඔහුගේ බැටළු දෙනුන් සමග එක් කරන මෙන් ඉල්ලා සිටීමෙන් ඔහු ඔබට අසාධාරණයක් කර ඇත. එකට එකතුවී ජීවත්වන ජනයාගෙන් බහුතරයක් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට අසාධාරණකම් කරති. නමුත් විශ්වාස කොට යහකම් කළවුන් හැර.” තවද ඔවුහු ස්වල්ප දෙනෙකි. (මෙසේ ප්‍රකාශ කරමින් සිටිනා අතර) සැබැවින්ම අපි ඔහු පරීක්ෂාවට ලක් කොට ඇතැයි දාවූද් වටහා ගත්තේය. එහෙයින් ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටියේය. තවද (සජදා කරමින්) නැමී බිම වැතිරුණේය. තවද ඔහු (පශ්චාත්තාපවී අල්ලාහ් වෙත) හැරුණේය.
عربي تفسیرونه:
فَغَفَرْنَا لَهٗ ذٰلِكَ ؕ— وَاِنَّ لَهٗ عِنْدَنَا لَزُلْفٰی وَحُسْنَ مَاٰبٍ ۟
එවිට අපි ඔහුට ඒ සඳහා සමාව දුනිමු. නියත වශයෙන් ම අප අබියස ඔහුට සමීපතාවක් සහ අලංකාර නවාතැනක් ඇත.
عربي تفسیرونه:
یٰدَاوٗدُ اِنَّا جَعَلْنٰكَ خَلِیْفَةً فِی الْاَرْضِ فَاحْكُمْ بَیْنَ النَّاسِ بِالْحَقِّ وَلَا تَتَّبِعِ الْهَوٰی فَیُضِلَّكَ عَنْ سَبِیْلِ اللّٰهِ ؕ— اِنَّ الَّذِیْنَ یَضِلُّوْنَ عَنْ سَبِیْلِ اللّٰهِ لَهُمْ عَذَابٌ شَدِیْدٌۢ بِمَا نَسُوْا یَوْمَ الْحِسَابِ ۟۠
අහෝ දාවූද්! අපි ඔබ මහපොළොවේ නියෝජිතයකු බවට පත් කළෙමු. එහෙයින් ඔබ ජනයා අතර යුක්තිගරුකව තීන්දු දෙනු. තවද ආශාවන් අනුගමනය නො කරනු. එවිට එය අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔබ නොමග යවනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග ගියවුන් වන ඔවුනට විනිශ්චය දිනය ඔවුන් අමතක කළ බැවින් දැඩි දඬුවමක් ඇත.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: ص
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول