Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: قصص   آیت:
وَمَا كُنْتَ بِجَانِبِ الْغَرْبِیِّ اِذْ قَضَیْنَاۤ اِلٰی مُوْسَی الْاَمْرَ وَمَا كُنْتَ مِنَ الشّٰهِدِیْنَ ۟ۙ
(නබිවරය!) මූසාට නියෝගය අප තීන්දු කළ අවස්ථාවේ ඔබ බටහිර දෙසෙහි නො සිටියෙහි ය. තවද ඔබ සාක්ෂිකරුවන් අතරින් ද නො වීය.
عربي تفسیرونه:
وَلٰكِنَّاۤ اَنْشَاْنَا قُرُوْنًا فَتَطَاوَلَ عَلَیْهِمُ الْعُمُرُ ۚ— وَمَا كُنْتَ ثَاوِیًا فِیْۤ اَهْلِ مَدْیَنَ تَتْلُوْا عَلَیْهِمْ اٰیٰتِنَا ۙ— وَلٰكِنَّا كُنَّا مُرْسِلِیْنَ ۟
තවද එනමුත් අපි (බොහෝ) පරම්පරාවන් බිහි කළෙමු. එවිට ඔවුන් වෙත ආයු කාලය දීර්ඝ විය. තවද ඔවුන් වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන පදිංචිකරුවකු ලෙසින් ඔබ මද්යන් වාසීන් අතර නො වීය. එනමුත් අප ධර්ම දූතයින් එවන්නන් වූයෙමු.
عربي تفسیرونه:
وَمَا كُنْتَ بِجَانِبِ الطُّوْرِ اِذْ نَادَیْنَا وَلٰكِنْ رَّحْمَةً مِّنْ رَّبِّكَ لِتُنْذِرَ قَوْمًا مَّاۤ اَتٰىهُمْ مِّنْ نَّذِیْرٍ مِّنْ قَبْلِكَ لَعَلَّهُمْ یَتَذَكَّرُوْنَ ۟
තවද අපි අමතන විට ඔබ තූර් කන්ද අසල නො වූයෙහි ය. එනමුත් මෙය ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු නොපැමිණි පිරිසකට ඔවුන් උපදෙස් ලැබිය හැකිවනු පිණිස ඔබ අවවාද කරනු වස් ඔබගේ පරමාධිපතිගෙන් වූ දයාවක් වශයෙනි. (ඔබට දැනුම් දෙනු ලැබ ඇත්තේ.)
عربي تفسیرونه:
وَلَوْلَاۤ اَنْ تُصِیْبَهُمْ مُّصِیْبَةٌ بِمَا قَدَّمَتْ اَیْدِیْهِمْ فَیَقُوْلُوْا رَبَّنَا لَوْلَاۤ اَرْسَلْتَ اِلَیْنَا رَسُوْلًا فَنَتَّبِعَ اٰیٰتِكَ وَنَكُوْنَ مِنَ الْمُؤْمِنِیْنَ ۟
තවද ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් විපතක් සිදු වී ‘අපගේ පරමාධිපතියාණනි! අප වෙත දූතයකු එවිය යුතු නො වේ ද? එසේනම් ඔබගේ වදන් අපි පිළිපදින්නට තිබුණි. තවද දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වන්නට ද තිබුණි’ යැයි ඔවුහු නො පවසනු පිණිස ය.
عربي تفسیرونه:
فَلَمَّا جَآءَهُمُ الْحَقُّ مِنْ عِنْدِنَا قَالُوْا لَوْلَاۤ اُوْتِیَ مِثْلَ مَاۤ اُوْتِیَ مُوْسٰی ؕ— اَوَلَمْ یَكْفُرُوْا بِمَاۤ اُوْتِیَ مُوْسٰی مِنْ قَبْلُ ۚ— قَالُوْا سِحْرٰنِ تَظَاهَرَا ۫— وَقَالُوْۤا اِنَّا بِكُلٍّ كٰفِرُوْنَ ۟
අප වෙතින් ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි මූසාට දෙනු ලැබූවාක් මෙන් යමක් දෙනු ලැබිය යුතු නො වේ දැ? යි විමසති. මීට පෙර මූසාට දෙනු ලැබූ දෑ ඔවුහු ප්‍රතික්ෂේප නො කළෝ ද? ඔවුන් එකිනෙකාට සහය දෙන මායාකරුවන් දෙදෙනෙකි යැයි ඔවුහු පැවසූහ. තවද නියත වශයෙන් ම අපි සියල්ල ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු යැයි ද ඔවුහු පැවසූහ.
عربي تفسیرونه:
قُلْ فَاْتُوْا بِكِتٰبٍ مِّنْ عِنْدِ اللّٰهِ هُوَ اَهْدٰی مِنْهُمَاۤ اَتَّبِعْهُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඒ දෙකට වඩා යහමග පෙන්වන ධර්ම ග්‍රන්ථයක් අල්ලාහ් වෙතින් ගෙන එනු. මම එය පිළිපදින්නෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
عربي تفسیرونه:
فَاِنْ لَّمْ یَسْتَجِیْبُوْا لَكَ فَاعْلَمْ اَنَّمَا یَتَّبِعُوْنَ اَهْوَآءَهُمْ ؕ— وَمَنْ اَضَلُّ مِمَّنِ اتَّبَعَ هَوٰىهُ بِغَیْرِ هُدًی مِّنَ اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟۠
ඔබට ඔවුහු පිළිතුරු නො දුන්නේ නම් එවිට දැන ගනු! නියත වශයෙන් ම ඔවුන් අනුගමනය කරනුයේ ඔවුන්ගේ ආශාවන් ය. අල්ලාහ් වෙතින් වූ මගපෙන්වීම හැර දමා තම ආශාවන් පිළිපදින්නාට වඩා නොමග ගිය අය කවරෙකු ද? නියත වශයෙන් ම අල්ලාහ් අපරාධකාරී ජනයාට යහ මග පෙන්වන්නේ නැත.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: قصص
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول