Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: نور   آیت:
قُلْ اَطِیْعُوا اللّٰهَ وَاَطِیْعُوا الرَّسُوْلَ ۚ— فَاِنْ تَوَلَّوْا فَاِنَّمَا عَلَیْهِ مَا حُمِّلَ وَعَلَیْكُمْ مَّا حُمِّلْتُمْ ؕ— وَاِنْ تُطِیْعُوْهُ تَهْتَدُوْا ؕ— وَمَا عَلَی الرَّسُوْلِ اِلَّا الْبَلٰغُ الْمُبِیْنُ ۟
නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද පණිවිඩකරුට ද අවනත වනු යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙත් නුඹලා පිටුපෑවෙහු නම් එවිට ඔහු මත පටවනු ලැබූ දෑ ඔහු කෙරෙහිය, නුඹලා මත පටවනු ලැබූ දෑ නුඹලා කෙරෙහි ය. තවද නුඹලා ඔහුට අවනත වන්නෙහු නම් නුඹලා ඍජු මග ලබනු ඇත. පණිවිඩකරු වෙත පැවරෙනුයේ පැහැදිලිව දන්වා සිටීම මිස නැත.
عربي تفسیرونه:
وَعَدَ اللّٰهُ الَّذِیْنَ اٰمَنُوْا مِنْكُمْ وَعَمِلُوا الصّٰلِحٰتِ لَیَسْتَخْلِفَنَّهُمْ فِی الْاَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ ۪— وَلَیُمَكِّنَنَّ لَهُمْ دِیْنَهُمُ الَّذِی ارْتَضٰی لَهُمْ وَلَیُبَدِّلَنَّهُمْ مِّنْ بَعْدِ خَوْفِهِمْ اَمْنًا ؕ— یَعْبُدُوْنَنِیْ لَا یُشْرِكُوْنَ بِیْ شَیْـًٔا ؕ— وَمَنْ كَفَرَ بَعْدَ ذٰلِكَ فَاُولٰٓىِٕكَ هُمُ الْفٰسِقُوْنَ ۟
තවද නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුනට, ඔවුනට පෙර සිටියවුන්ට බලය ලබා දුන්නාක් මෙන් මහපොළොවේ ඔවුනට ද බලය ලබා දෙන බවද, ඔවුන් වෙනුවෙන් ඔහු පිළිගත් දහම (අනුගමනය කිරීමට) ඔවුනට ඉඩ සලසා දෙන බව ද ඔවුනට ඇති වූ බියෙන් පසුව සුරක්ෂිත තත්ත්වයකට ඔවුන් වෙනස් කරන බව ද අල්ලාහ් ප්‍රතිඥා දුන්නේ ය. ඔවුහු මට නැමදුම් කරති. මට කිසිවක් ආදේශ නො කරති. තවද මින් පසුව කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද එවිට ඔවුහු මය පාපතරයෝ.
عربي تفسیرونه:
وَاَقِیْمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَ وَاَطِیْعُوا الرَّسُوْلَ لَعَلَّكُمْ تُرْحَمُوْنَ ۟
තවද නුඹලා දයාව ලබනු පිණිස නුඹලා සලාතය විධිමත්ව ඉටු කරනු. zසකාත් ද පිරිනමනු. රසූල්වරයාට ද අවනත වනු.
عربي تفسیرونه:
لَا تَحْسَبَنَّ الَّذِیْنَ كَفَرُوْا مُعْجِزِیْنَ فِی الْاَرْضِ ۚ— وَمَاْوٰىهُمُ النَّارُ ؕ— وَلَبِئْسَ الْمَصِیْرُ ۟۠
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ඔවුන් මහපොළොවේ (අල්ලාහ්ගේ සැලසුම්) නොහැකියාවට පත් කරන්නන් යැයි නුඹලා නො සිතිය යුතු ය. ඔවුන්ගේ නවාතැන (නිරයේ) ගින්න ය. තවද ඔවුන් යොමු වන ස්ථානය නපුරු විය.
عربي تفسیرونه:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لِیَسْتَاْذِنْكُمُ الَّذِیْنَ مَلَكَتْ اَیْمَانُكُمْ وَالَّذِیْنَ لَمْ یَبْلُغُوا الْحُلُمَ مِنْكُمْ ثَلٰثَ مَرّٰتٍ ؕ— مِنْ قَبْلِ صَلٰوةِ الْفَجْرِ وَحِیْنَ تَضَعُوْنَ ثِیَابَكُمْ مِّنَ الظَّهِیْرَةِ وَمِنْ بَعْدِ صَلٰوةِ الْعِشَآءِ ۫ؕ— ثَلٰثُ عَوْرٰتٍ لَّكُمْ ؕ— لَیْسَ عَلَیْكُمْ وَلَا عَلَیْهِمْ جُنَاحٌ بَعْدَهُنَّ ؕ— طَوّٰفُوْنَ عَلَیْكُمْ بَعْضُكُمْ عَلٰی بَعْضٍ ؕ— كَذٰلِكَ یُبَیِّنُ اللّٰهُ لَكُمُ الْاٰیٰتِ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ දකුණත් හිමිකරගත් (හෙවත් නුඹලාගේ පාලනය යටතේ සිටින වහල්) අය ද වැඩිවියට ළඟා නො වූ අය ද නුඹලාගෙන් (අවස්ථා) වාර තුනක් අවසර පැතිය යුතු ය. එනම් ෆජ්ර් සලාතයට පෙර ද, මධ්‍යහන කාලයේ නුඹලාගේ ඇඳුම් නුඹලා ලිහා තබන අවස්ථාවේ ද, ඉෂා සලාතයෙන් පසු ද වේ. නුඹලාට එය පෞද්ගලික අවස්ථා තුනකි. ඒවාට පසුව නුඹලා කෙරෙහි හෝ ඔවුන් කෙරෙහි හෝ දොසක් නොමැත. නුඹලා වෙත නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු අතර නිතර සැරිසරන්නෝ වෙති. අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරනුයේ එලෙස ය. තවද අල්ලාහ් සර්වඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: نور
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول