Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: حج   آیت:
وَكَذٰلِكَ اَنْزَلْنٰهُ اٰیٰتٍۢ بَیِّنٰتٍ ۙ— وَّاَنَّ اللّٰهَ یَهْدِیْ مَنْ یُّرِیْدُ ۟
තවද එලෙස අපි මෙය (අල් කුර්ආනය) පැහැදිලි සංඥාවන් වශයෙන් පහළ කළෙමු. තවද නියත වශයෙන් ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි.
عربي تفسیرونه:
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَالَّذِیْنَ هَادُوْا وَالصّٰبِـِٕیْنَ وَالنَّصٰرٰی وَالْمَجُوْسَ وَالَّذِیْنَ اَشْرَكُوْۤا ۖۗ— اِنَّ اللّٰهَ یَفْصِلُ بَیْنَهُمْ یَوْمَ الْقِیٰمَةِ ؕ— اِنَّ اللّٰهَ عَلٰی كُلِّ شَیْءٍ شَهِیْدٌ ۟
නියත වශයෙන් ම විශ්වාස කළවුන් ද, යුදෙව් වූවන් ද, සාබිඌන්වරු ද, කිතුනුවන් ද, ගිනි පුදන්නන් ද, ආදේශ කළවුන් ද නියත වශයෙන් ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් අතර විනිශ්චය ලබා දෙයි. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි නිරීක්ෂක ය.
عربي تفسیرونه:
اَلَمْ تَرَ اَنَّ اللّٰهَ یَسْجُدُ لَهٗ مَنْ فِی السَّمٰوٰتِ وَمَنْ فِی الْاَرْضِ وَالشَّمْسُ وَالْقَمَرُ وَالنُّجُوْمُ وَالْجِبَالُ وَالشَّجَرُ وَالدَّوَآبُّ وَكَثِیْرٌ مِّنَ النَّاسِ ؕ— وَكَثِیْرٌ حَقَّ عَلَیْهِ الْعَذَابُ ؕ— وَمَنْ یُّهِنِ اللّٰهُ فَمَا لَهٗ مِنْ مُّكْرِمٍ ؕ— اِنَّ اللّٰهَ یَفْعَلُ مَا یَشَآءُ ۟
අහස්හි සිටින අය ද, මහපොළොවේ සිටින අය ද, හිරු ද, සඳු ද, තාරකා ද, කඳු ද, ගස් ද, සතුන් ද ජනයා අතරින් බහුතරයක් දෙනා ද නියත වශයෙන් ම අල්ලාහ්ට සුජූද් කරනු නුඹ නො දුටුවෙහි ද? නමුත් බහුතරයක් දෙනා කෙරෙහි දඬුවම නියම විය. අල්ලාහ් කවරෙකු අවමන් කළේ ද එවිට ගරු කරන කිසිවකු ඔහුට නොමැත. නියත වශයෙන් ම අල්ලාහ් ඔහු අභිමත කරන දෑ සිදු කරයි.
عربي تفسیرونه:
هٰذٰنِ خَصْمٰنِ اخْتَصَمُوْا فِیْ رَبِّهِمْ ؗ— فَالَّذِیْنَ كَفَرُوْا قُطِّعَتْ لَهُمْ ثِیَابٌ مِّنْ نَّارٍ ؕ— یُصَبُّ مِنْ فَوْقِ رُءُوْسِهِمُ الْحَمِیْمُ ۟ۚ
මෙම විවාදිත දෙපිරිස තම පරාමාධිපති සම්බන්ධයෙන් විවාද කළෝ ය. එහෙයින් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන්හට (නිරා) ගින්නෙන් වූ ඇඟලුම් වෙන් කරන ලදි. ඔවුන්ගේ හිස්වලට ඉහළින් උණු දිය වක් කරනු ලැබේ.
عربي تفسیرونه:
یُصْهَرُ بِهٖ مَا فِیْ بُطُوْنِهِمْ وَالْجُلُوْدُ ۟ؕ
ඔවුන්ගේ උදරයන්හි ඇති දෑ හා හම් එමඟින් දිය කරනු ලැබේ.
عربي تفسیرونه:
وَلَهُمْ مَّقَامِعُ مِنْ حَدِیْدٍ ۟
තවද ඔවුනට යකඩින් වූ අත් මුගුරු ඇත.
عربي تفسیرونه:
كُلَّمَاۤ اَرَادُوْۤا اَنْ یَّخْرُجُوْا مِنْهَا مِنْ غَمٍّ اُعِیْدُوْا فِیْهَا ۗ— وَذُوْقُوْا عَذَابَ الْحَرِیْقِ ۟۠
දුකින් ඔවුන් එතැනින් පිටත් වීමට සිතූ සෑම අවස්ථාවකම ඔවුහු ඒ තුළට නැවත යොමු කරනු ලබති. තවද නුඹලා දැවෙන ගින්නේ දඬුවම භුක්ති විඳිනු (යැයි පවසනු ලැබේ).
عربي تفسیرونه:
اِنَّ اللّٰهَ یُدْخِلُ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ یُحَلَّوْنَ فِیْهَا مِنْ اَسَاوِرَ مِنْ ذَهَبٍ وَّلُؤْلُؤًا ؕ— وَلِبَاسُهُمْ فِیْهَا حَرِیْرٌ ۟
ඊට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන්වලට, විශ්වාස කොට යහකම් කළවුන් නියත වශයෙන් ම අල්ලාහ් ඇතුළත් කරයි. එහි රනින් වූ වළලු ද, මුතු ද ඔවුනට පළඳවනු ලැබේ. තවද එහි ඔවුන්ගේ ඇඟලුම් සේද ය.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: حج
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول