Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: انبیاء   آیت:
وَكَمْ قَصَمْنَا مِنْ قَرْیَةٍ كَانَتْ ظَالِمَةً وَّاَنْشَاْنَا بَعْدَهَا قَوْمًا اٰخَرِیْنَ ۟
තවද අපරාධකාරී වූ ගම්මාන කොපමණක් අපි සුනු විසුනු කළෙමු ද? තවද එයට පසුව අපි වෙනත් පිරිසක් බිහි කළෙමු.
عربي تفسیرونه:
فَلَمَّاۤ اَحَسُّوْا بَاْسَنَاۤ اِذَا هُمْ مِّنْهَا یَرْكُضُوْنَ ۟ؕ
ඔවුනට අපගේ දඬුවම හැඟී ගිය කල්හි ඔවුන් එයින් පලා යන්නට විය.
عربي تفسیرونه:
لَا تَرْكُضُوْا وَارْجِعُوْۤا اِلٰی مَاۤ اُتْرِفْتُمْ فِیْهِ وَمَسٰكِنِكُمْ لَعَلَّكُمْ تُسْـَٔلُوْنَ ۟
නුඹලා පලා නො යනු. එහි නුඹලා භුක්ති විඳිමින් සිටි දෑ වෙත ද නුඹලාගේ වාසස්ථාන වෙත ද නුඹලා නැවත හැරී යනු. නුඹලා ප්‍රශ්න කරනු ලබනු ඇත.
عربي تفسیرونه:
قَالُوْا یٰوَیْلَنَاۤ اِنَّا كُنَّا ظٰلِمِیْنَ ۟
අහෝ අපගේ විනාශය! නියත වශයෙන් ම අපි අපරාධකාරයින් වූයෙමු යැයි ඔවුහු පැවසූහ.
عربي تفسیرونه:
فَمَا زَالَتْ تِّلْكَ دَعْوٰىهُمْ حَتّٰی جَعَلْنٰهُمْ حَصِیْدًا خٰمِدِیْنَ ۟
අපි ඔවුන්ව නෙළන ලද (අස්වැන්න) පුඵස්සනු ලැබූ දේ බවට පත් කරන තෙක් එය මය ඔවුන්ගේ වැළපීම වූයේ.
عربي تفسیرونه:
وَمَا خَلَقْنَا السَّمَآءَ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَا لٰعِبِیْنَ ۟
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද හාස්‍යයක් ලෙස අපි නො මැව්වෙමු.
عربي تفسیرونه:
لَوْ اَرَدْنَاۤ اَنْ نَّتَّخِذَ لَهْوًا لَّاتَّخَذْنٰهُ مِنْ لَّدُنَّاۤ ۖۗ— اِنْ كُنَّا فٰعِلِیْنَ ۟
අපි හාස්‍යයට ගන්නට සිතුවෙමු නම්, එය එසේ සිදු කරන්නන් ලෙස සිටියෙමු නම් අප වෙතින් ම එය ගන්නට තිබුණි.
عربي تفسیرونه:
بَلْ نَقْذِفُ بِالْحَقِّ عَلَی الْبَاطِلِ فَیَدْمَغُهٗ فَاِذَا هُوَ زَاهِقٌ ؕ— وَلَكُمُ الْوَیْلُ مِمَّا تَصِفُوْنَ ۟
එහෙත් අපි සත්‍යය ගෙන අසත්‍යයට එරෙහිව පහර දෙන්නෙමු. එය එවිට එය(අසත්‍යය) පහ කර දමයි. එවිට එය විනාශ වී යන්නකි. තවද නුඹලා වර්ණනා කරන දෑ හේතුවෙන් නුඹලාට විනාශය ඇත.
عربي تفسیرونه:
وَلَهٗ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَمَنْ عِنْدَهٗ لَا یَسْتَكْبِرُوْنَ عَنْ عِبَادَتِهٖ وَلَا یَسْتَحْسِرُوْنَ ۟ۚ
තවද අහස්හි හා මහපොළොවෙහි සිටින්නන් ද ඔහු අබියස සිටින්නන් ද ඔහු සතු ය. ඔහුට වන්දනාමානය කිරීම සම්බන්ධයෙන් ඔවුහු උඩඟු නො වෙති. තවද ඔවුහු විඩාවට පත් නො වෙති.
عربي تفسیرونه:
یُسَبِّحُوْنَ الَّیْلَ وَالنَّهَارَ لَا یَفْتُرُوْنَ ۟
රාත්‍රියෙහි හා දහවලෙහි ඔවුහු සුවිශුද්ධ කරති. තවද ඔවුහු වෙහෙසට පත් නො වෙති.
عربي تفسیرونه:
اَمِ اتَّخَذُوْۤا اٰلِهَةً مِّنَ الْاَرْضِ هُمْ یُنْشِرُوْنَ ۟
එසේ නැතහොත් මළවුන් අවදි කළ හැකි දෙවිවරුන් ඔවුහු මහපොළොවෙන් (තෝරා) ගත්තෝ ද?
عربي تفسیرونه:
لَوْ كَانَ فِیْهِمَاۤ اٰلِهَةٌ اِلَّا اللّٰهُ لَفَسَدَتَا ۚ— فَسُبْحٰنَ اللّٰهِ رَبِّ الْعَرْشِ عَمَّا یَصِفُوْنَ ۟
ඒ දෙකෙහි අල්ලාහ් හැර තවත් දෙවියකු සිටියේ නම් ඒ දෙකම අර්බුදයට පත්වනු ඇත. එහෙයින් ඔවුන් වර්ණනා කරන දැයින් (අර්ෂ් හෙවත්) රාජධානියේ හිමිපාණන් වූ අල්ලාහ් සුවිශුද්ධ ය.
عربي تفسیرونه:
لَا یُسْـَٔلُ عَمَّا یَفْعَلُ وَهُمْ یُسْـَٔلُوْنَ ۟
(අල්ලාහ් වන) ඔහු කරන දෑ පිළිබඳව විමසනු නො ලබයි. එහෙත් ඔවුහු මය විමසනු ලබනුයේ.
عربي تفسیرونه:
اَمِ اتَّخَذُوْا مِنْ دُوْنِهٖۤ اٰلِهَةً ؕ— قُلْ هَاتُوْا بُرْهَانَكُمْ ۚ— هٰذَا ذِكْرُ مَنْ مَّعِیَ وَذِكْرُ مَنْ قَبْلِیْ ؕ— بَلْ اَكْثَرُهُمْ لَا یَعْلَمُوْنَ ۙ— الْحَقَّ فَهُمْ مُّعْرِضُوْنَ ۟
එසේ නැතහොත් ඔහු හැර දමා (වෙනත්) දෙවිවරුන් ඔවුහු ගත්තෝ ද? නුඹලාගේ සාධක ගෙන එනු. මෙය මා සමඟ වූවන්ගේ මෙනෙහි කිරීමකි. එමෙන් ම මට පෙර සිටියවුන්ගේ ද මෙනෙහි කිරීමකි යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්‍යය නො දනිති. එහෙයින් ඔවුහු පිටුපාන්නෝ වෙති.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: انبیاء
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول