Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: نحل   آیت:
وَاَلْقٰی فِی الْاَرْضِ رَوَاسِیَ اَنْ تَمِیْدَ بِكُمْ وَاَنْهٰرًا وَّسُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُوْنَ ۟ۙ
තවද එය නුඹලා සමඟ කම්පනය නො වනු වස් මහපොළොවේ ස්ථීරව පිහිටන කඳුහෙල් ඔහු හෙළුවේ ය. තවද ගංගා හා මාර්ග ද (ඇති කළේය). නුඹලා නිසිමග ලැබිය හැකි වනු පිණිස.
عربي تفسیرونه:
وَعَلٰمٰتٍ ؕ— وَبِالنَّجْمِ هُمْ یَهْتَدُوْنَ ۟
තවද සලකුණු ද (ඔහු ඇති කළේ ය.) තරු මඟින් ඔවුහු නිසිමග දැන ගනු ඇත.
عربي تفسیرونه:
اَفَمَنْ یَّخْلُقُ كَمَنْ لَّا یَخْلُقُ ؕ— اَفَلَا تَذَكَّرُوْنَ ۟
එහෙයින් මවන්නා නොමවන අය මෙන් වේවී ද? නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?
عربي تفسیرونه:
وَاِنْ تَعُدُّوْا نِعْمَةَ اللّٰهِ لَا تُحْصُوْهَا ؕ— اِنَّ اللّٰهَ لَغَفُوْرٌ رَّحِیْمٌ ۟
අල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා ගණන් කළ ද නුඹලා ඒවා තක්සේරු නො කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය.
عربي تفسیرونه:
وَاللّٰهُ یَعْلَمُ مَا تُسِرُّوْنَ وَمَا تُعْلِنُوْنَ ۟
තවද නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළි කරන දෑ ද අල්ලාහ් දනී.
عربي تفسیرونه:
وَالَّذِیْنَ یَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ لَا یَخْلُقُوْنَ شَیْـًٔا وَّهُمْ یُخْلَقُوْنَ ۟ؕ
අල්ලාහ් හැර දමා ඔවුන් අයැද සිටින අය කිසිවක් නොමවන අතර ඔවුහු ද (අල්ලාහ් විසින්) මවනු ලබන්නෝ වෙති.
عربي تفسیرونه:
اَمْوَاتٌ غَیْرُ اَحْیَآءٍ ؕۚ— وَمَا یَشْعُرُوْنَ ۙ— اَیَّانَ یُبْعَثُوْنَ ۟۠
ඔවුහු ප්‍රාණය නොමැති මළවුන් ය. තවද ඔවුහු නැවත නැගිටුවනු ලබනුයේ කවදා දැ? යි වටහා නො ගනිති.
عربي تفسیرونه:
اِلٰهُكُمْ اِلٰهٌ وَّاحِدٌ ۚ— فَالَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ قُلُوْبُهُمْ مُّنْكِرَةٌ وَّهُمْ مُّسْتَكْبِرُوْنَ ۟
නුඹලාගේ දෙවිඳු එක ම දෙවිඳා ය. එහෙයින් පරමාන්ත දිනය පිළිබඳව විශ්වාස නො කරන්නන් වන ඔවුන්ගේ හදවත් (එය විශ්වාස කිරීමට) පිළිකුල් කරයි. තවද ඔවුහු අහංකාරකම් පාන්නෝ වෙති.
عربي تفسیرونه:
لَا جَرَمَ اَنَّ اللّٰهَ یَعْلَمُ مَا یُسِرُّوْنَ وَمَا یُعْلِنُوْنَ ؕ— اِنَّهٗ لَا یُحِبُّ الْمُسْتَكْبِرِیْنَ ۟
ඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නියත වශයෙන් ම අල්ලාහ් දන්නා බවට කිසිදු සැකයක් නැත. නියත වශයෙන් ම ඔහු අහංකාරකම් පාන්නන් ප්‍රිය නො කරයි.
عربي تفسیرونه:
وَاِذَا قِیْلَ لَهُمْ مَّاذَاۤ اَنْزَلَ رَبُّكُمْ ۙ— قَالُوْۤا اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟ۙ
තවද නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක් දැ? යි ඔවුන් විමසනු ලැබූ විට මුතුන්මිත්තන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔවුහු පැවසූහ.
عربي تفسیرونه:
لِیَحْمِلُوْۤا اَوْزَارَهُمْ كَامِلَةً یَّوْمَ الْقِیٰمَةِ ۙ— وَمِنْ اَوْزَارِ الَّذِیْنَ یُضِلُّوْنَهُمْ بِغَیْرِ عِلْمٍ ؕ— اَلَا سَآءَ مَا یَزِرُوْنَ ۟۠
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ බර හා ඔවුන් කිසිදු දැනුමකින් තොරව නොමග හැරියවුන්ගේ බර ඔවුන් සම්පූර්ණයෙන් උසුලනු පිණිස (මෙසේ ඔවුහු පවසති.) දැන ගනු! ඔවුන් උසුලන දෑ නපුරු ය.
عربي تفسیرونه:
قَدْ مَكَرَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَاَتَی اللّٰهُ بُنْیَانَهُمْ مِّنَ الْقَوَاعِدِ فَخَرَّ عَلَیْهِمُ السَّقْفُ مِنْ فَوْقِهِمْ وَاَتٰىهُمُ الْعَذَابُ مِنْ حَیْثُ لَا یَشْعُرُوْنَ ۟
ඔවුනට පෙර සිටියවුන් සැබැවින් ම කුමන්ත්‍රණ කළෝ ය. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ගොඩනැගිල්ල මුලිනුපුටා දැමුවේ ය. එවිට ඔවුනට ඉහළින් ඔවුන් මත වියන ඇද වැටිණ. තවද ඔවුන් නො සිතූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණියේ ය.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: نحل
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول