Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: یوسف   آیت:
فَلَمَّاۤ اَنْ جَآءَ الْبَشِیْرُ اَلْقٰىهُ عَلٰی وَجْهِهٖ فَارْتَدَّ بَصِیْرًا ۚؕ— قَالَ اَلَمْ اَقُلْ لَّكُمْ ۚ— اِنِّیْۤ اَعْلَمُ مِنَ اللّٰهِ مَا لَا تَعْلَمُوْنَ ۟
පසුව ශුභාරංචි දන්වන්නා පැමිණි කල්හි ඔහු ඔහුගේ මුහුණට එය දැමුවේ ය. එවිට ඔහු නැවත පෙනීම ඇත්තෙකු ලෙස පත් විය. ‘නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි නුඹලාට මම නො කීවෙමි දැ?’ යි ඔහු විමසුවේ ය.
عربي تفسیرونه:
قَالُوْا یٰۤاَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوْبَنَاۤ اِنَّا كُنَّا خٰطِـِٕیْنَ ۟
‘අපගේ පියාණනි! අපගේ පාපයන්වලට ඔබ අප වෙනුවෙන් සමාව අයැද සිටිනු මැනව! නියත වශයෙන් ම අපි වැරදි කරන්නන් වූයෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය.
عربي تفسیرونه:
قَالَ سَوْفَ اَسْتَغْفِرُ لَكُمْ رَبِّیْ ؕ— اِنَّهٗ هُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟
‘මම මාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙනුවෙන් මතු සමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය; මහා කරුණාවන්ත ය.’
عربي تفسیرونه:
فَلَمَّا دَخَلُوْا عَلٰی یُوْسُفَ اٰوٰۤی اِلَیْهِ اَبَوَیْهِ وَقَالَ ادْخُلُوْا مِصْرَ اِنْ شَآءَ اللّٰهُ اٰمِنِیْنَ ۟ؕ
ඔවුන් යූසුෆ් වෙත පිවිසුනු කල්හි ඔහු වෙත ඔහුගේ දෙමාපියන් ඔහු ළං කර ගත්තේ ය. තවද ‘අල්ලාහ් අභිමත කළේ නම් සුරක්ෂිතයින් ලෙස නුඹලා මිසරයට ඇතුළු වනු’ යැයි ඔහු පැවසුවේ ය.
عربي تفسیرونه:
وَرَفَعَ اَبَوَیْهِ عَلَی الْعَرْشِ وَخَرُّوْا لَهٗ سُجَّدًا ۚ— وَقَالَ یٰۤاَبَتِ هٰذَا تَاْوِیْلُ رُءْیَایَ مِنْ قَبْلُ ؗ— قَدْ جَعَلَهَا رَبِّیْ حَقًّا ؕ— وَقَدْ اَحْسَنَ بِیْۤ اِذْ اَخْرَجَنِیْ مِنَ السِّجْنِ وَجَآءَ بِكُمْ مِّنَ الْبَدْوِ مِنْ بَعْدِ اَنْ نَّزَغَ الشَّیْطٰنُ بَیْنِیْ وَبَیْنَ اِخْوَتِیْ ؕ— اِنَّ رَبِّیْ لَطِیْفٌ لِّمَا یَشَآءُ ؕ— اِنَّهٗ هُوَ الْعَلِیْمُ الْحَكِیْمُ ۟
තවද ඔහු ඔහුගේ දෙමාපියන් රාජාසානය මත ඔසවා තැබුවේ ය. තවද ඔවුහු ඔහුට හිස නැමූහ. තවද ‘මාගේ පියාණනි! මීට පෙර (මා දුටු) මාගේ සිහිනයේ යථාර්ථය මෙයයි. මාගේ පරමාධිපති එය සැබෑ කළේ ය. තවද සිරගෙයින් මා බැහැර කරන විට ද මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් කලහකම් ඇති කිරීමෙන් පසු පිටිසර ගම්මානයෙන් නුඹලාව ගෙන ආ විටද ඔහු මා සමඟ යහපත් අයුරින් කටයුතු කළේ ය. නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑට මෛත්‍රී ය. නියත වශයෙන් ම සර්වඥානී මහා ප්‍රඥාවන්තයා ඔහු මය’ යැයි කී ය.
عربي تفسیرونه:
رَبِّ قَدْ اٰتَیْتَنِیْ مِنَ الْمُلْكِ وَعَلَّمْتَنِیْ مِنْ تَاْوِیْلِ الْاَحَادِیْثِ ۚ— فَاطِرَ السَّمٰوٰتِ وَالْاَرْضِ ۫— اَنْتَ وَلِیّٖ فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ۚ— تَوَفَّنِیْ مُسْلِمًا وَّاَلْحِقْنِیْ بِالصّٰلِحِیْنَ ۟
‘මාගේ පරමාධිපතියාණනි! ඔබ මට රාජ්‍ය බලයෙන් කොටසක් පිරිනැමුවෙහි ය. තවද සිවීම්වල යථාර්ථය ඉගැන්වූවෙහි ය. අහස් හා පොළොවේ නිර්මාපකයාණනි! මෙලොව හා මතු ලොවෙහි මාගේ භාරකරු ඔබ ය. මා (ඔබට) අවනත වන්නෙකු ලෙස මරණයට පත් කරනු මැනව! තවද දැහැමියන් සමඟ මා එක් කරනු මැනව!’ (යනුවෙන් ඔහු ප්‍රාර්ථනා කළේ ය.)
عربي تفسیرونه:
ذٰلِكَ مِنْ اَنْۢبَآءِ الْغَیْبِ نُوْحِیْهِ اِلَیْكَ ۚ— وَمَا كُنْتَ لَدَیْهِمْ اِذْ اَجْمَعُوْۤا اَمْرَهُمْ وَهُمْ یَمْكُرُوْنَ ۟
‘(නබිවරය!) මෙය අපි නුඹ වෙත දන්වා සිටින අදෘශ්‍යමාන පුවත් අතරිනි. තවද ඔවුහු කුමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ විෂයය සඳහා එක් රැස් වූ අවස්ථාවේ නුඹ ඔවුන් අබියස නො වීය.’
عربي تفسیرونه:
وَمَاۤ اَكْثَرُ النَّاسِ وَلَوْ حَرَصْتَ بِمُؤْمِنِیْنَ ۟
තවද නුඹ කෙතරම් ආශා කළ ද ජනයා අතරින් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වෙති.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: یوسف
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول