Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: هود   آیت:
وَیٰقَوْمِ لَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مَالًا ؕ— اِنْ اَجْرِیَ اِلَّا عَلَی اللّٰهِ وَمَاۤ اَنَا بِطَارِدِ الَّذِیْنَ اٰمَنُوْا ؕ— اِنَّهُمْ مُّلٰقُوْا رَبِّهِمْ وَلٰكِنِّیْۤ اَرٰىكُمْ قَوْمًا تَجْهَلُوْنَ ۟
තවද අහෝ මාගේ ජනයිනි! මේ වෙනුවෙන් මම නුඹලාගෙන් මුදලක් නො ඉල්ලමි. මාගේ කුලිය අල්ලාහ් වෙත මිස වෙනත් නැත. තවද මම විශ්වාස කළවුන් පලවා හරින්නෙකු ද නො වෙමි. නියත වශයෙන් ම ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිව හමු වන්නෝ වෙති. එනමුත් මම නුඹලාව දකිනුයේ අඥානව කටයුතු කරන පිරිසක් ලෙසිනි.
عربي تفسیرونه:
وَیٰقَوْمِ مَنْ یَّنْصُرُنِیْ مِنَ اللّٰهِ اِنْ طَرَدْتُّهُمْ ؕ— اَفَلَا تَذَكَّرُوْنَ ۟
තවද ‘අහෝ මාගේ ජනයිනි! මම ඔවුන් පලවා හැරියේ නම් අල්ලාහ් වෙතින් මට උදව් කරනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?’
عربي تفسیرونه:
وَلَاۤ اَقُوْلُ لَكُمْ عِنْدِیْ خَزَآىِٕنُ اللّٰهِ وَلَاۤ اَعْلَمُ الْغَیْبَ وَلَاۤ اَقُوْلُ اِنِّیْ مَلَكٌ وَّلَاۤ اَقُوْلُ لِلَّذِیْنَ تَزْدَرِیْۤ اَعْیُنُكُمْ لَنْ یُّؤْتِیَهُمُ اللّٰهُ خَیْرًا ؕ— اَللّٰهُ اَعْلَمُ بِمَا فِیْۤ اَنْفُسِهِمْ ۖۚ— اِنِّیْۤ اِذًا لَّمِنَ الظّٰلِمِیْنَ ۟
මා වෙත අල්ලාහ්ගේ භාණ්ඩාගාරයන් ඇතැයි මම නො කියමි. තවද මම ගුප්ත දැය නො දනිමි. තවද සැබැවින් ම මම මලක්වරයකු යැයි ද නො කියමි. තවද නුඹලාගේ ඇස් අවමානයෙන් දකින උදවියට අල්ලාහ් කිසිදු යහපතක් නො පිරිනමනු ඇතැයි මම නො කියමි. ඔවුන් තුළ ඇති දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නා ය. නියත වශයෙන් ම මම එවිට අපරාධකරුවන් අතරින් වෙමි.
عربي تفسیرونه:
قَالُوْا یٰنُوْحُ قَدْ جَادَلْتَنَا فَاَكْثَرْتَ جِدَالَنَا فَاْتِنَا بِمَا تَعِدُنَاۤ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟
අහෝ නූහ්! සැබැවින් ම නුඹ අප සමඟ තර්ක කළෙහි ය. අප සමඟ වූ තර්කය නුඹ අධික කළෙහි ය. නුඹ සත්‍යවාදීන් අතරින් වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු යැයි ඔවුහු පැවසුවෝ ය.
عربي تفسیرونه:
قَالَ اِنَّمَا یَاْتِیْكُمْ بِهِ اللّٰهُ اِنْ شَآءَ وَمَاۤ اَنْتُمْ بِمُعْجِزِیْنَ ۟
සැබැවින් ම අල්ලාහ් එය නුඹලා වෙත ගෙන එනුයේ ඔහු අභිමත කළේ නම් පමණි. තවද නුඹලා (අල්ලාහ්ව) නොහැකියාට පත් කරන්නන් නො වන්නෙහු ය.
عربي تفسیرونه:
وَلَا یَنْفَعُكُمْ نُصْحِیْۤ اِنْ اَرَدْتُّ اَنْ اَنْصَحَ لَكُمْ اِنْ كَانَ اللّٰهُ یُرِیْدُ اَنْ یُّغْوِیَكُمْ ؕ— هُوَ رَبُّكُمْ ۫— وَاِلَیْهِ تُرْجَعُوْنَ ۟ؕ
තවද නුඹලාව නොමගෙහි අතහැර දමන්නට අල්ලාහ් අපේක්ෂා කර සිටියේ නම් මම නුඹලාට උපදෙස් දීමට සිතුව ද නුඹලාට මාගේ උපදෙස ඵලක් නො වන්නේ ය. ඔහුය නුඹලාගේ පරමාධිපති. තවද ඔහු වෙතට මය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ.
عربي تفسیرونه:
اَمْ یَقُوْلُوْنَ افْتَرٰىهُ ؕ— قُلْ اِنِ افْتَرَیْتُهٗ فَعَلَیَّ اِجْرَامِیْ وَاَنَا بَرِیْٓءٌ مِّمَّا تُجْرِمُوْنَ ۟۠
එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය!) නුඹ පවසනු. එය මා ගෙතුවේ නම් (මා කළ) මාගේ වැරුද්ද මට එරෙහිව ය. තවද නුඹලා කරන වැරදි දැයින් මම නිදහස් වෙමි.
عربي تفسیرونه:
وَاُوْحِیَ اِلٰی نُوْحٍ اَنَّهٗ لَنْ یُّؤْمِنَ مِنْ قَوْمِكَ اِلَّا مَنْ قَدْ اٰمَنَ فَلَا تَبْتَىِٕسْ بِمَا كَانُوْا یَفْعَلُوْنَ ۟ۚ
තවද නුඹගේ ජනයා අතරින් (මේ වන විටත්) විශ්වාස කළවුන් හැර වෙනත් කිසිවකු විශ්වාස නො කරන්නේ ම ය. එබැවින් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව නුඹ දුක් නො වනු යැයි නූහ්ට පණිවිඩ දෙන ලදි.
عربي تفسیرونه:
وَاصْنَعِ الْفُلْكَ بِاَعْیُنِنَا وَوَحْیِنَا وَلَا تُخَاطِبْنِیْ فِی الَّذِیْنَ ظَلَمُوْا ۚ— اِنَّهُمْ مُّغْرَقُوْنَ ۟
තවද අපගේ අධීක්ෂණය හා අපගේ අණ පරිදි නුඹ නිර්මාණය කරනු. තවද අපරාධ කළවුන් සම්බන්ධයෙන් නුඹ මා සමඟ කතා නො කරනු. නියත වශයෙන් ම ඔවුහු ගිල්වනු ලබන්නෝ ම ය.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: هود
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول