Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (33) ߝߐߘߊ ߘߏ߫: ߦߊߛߌߣ
وَاٰیَةٌ لَّهُمُ الْاَرْضُ الْمَیْتَةُ ۖۚ— اَحْیَیْنٰهَا وَاَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ یَاْكُلُوْنَ ۟
සැබැවින්ම යළි අවදි කරනු ලැබීම බොරු කරන්නන්හට සැබැවින්ම යළි අවදි කිරීම සැබෑවක් ලෙස පෙන්වා දෙන සළකුණක් වනුයේ, වියළී වඳ වී ගිය භූමියයි. අපි ඒ මත අහසින් වර්ෂාව පහළ කළෙමු. පසු ව එහි විවිධ පැලෑටි වර්ග අපි හටගැන්වීමු. මිනිසුන් අනුභව කරනු පිණිස විවිධ වර්ගයේ ධාන්යය එහි අපි මතු කරන්නෙමු. වර්ෂාව පහළ කර, පැලෑටි හට ගැන්වීම තුළින් මෙම භූමිය ජීවමාන කරන්නා, මියගියවුන්ට යළි ජීවය දීමටත් ඔවුන් නැවත නැගිටුවීමටත් බලය ඇත්තාය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• ما أهون الخلق على الله إذا عصوه، وما أكرمهم عليه إن أطاعوه.
•මැවීම් අල්ලාහ්ට පිටුපාන විට ඔහු වෙත වූ ඔවුන්ගේ අවමානය දැඩිය. එමෙන්ම ඔවුන් ඔහුට අවනත වූයේ නම් ඔහු වෙත වූ ඔවුන්ගේ ගෞරවය ඉමහත්ය.

• من الأدلة على البعث إحياء الأرض الهامدة بالنبات الأخضر، وإخراج الحَبِّ منه.
•යළි අවදි කිරීම සඳහා වූ සාධකයක් වනුයේ මිය ගිය භූමිය සරුසාරවත් පැලෑටි තුළින් ජීවමාන කිරීම හා එයින් ධාන්ය මතු කිරීමය.

• من أدلة التوحيد: خلق المخلوقات في السماء والأرض وتسييرها بقدر.
•අහස් හා මහ පොළොවේ සියලු මැවීම් මවා තිබීම හා ඒවා නියමිත ප්රමාණයකින් ගමන් කරවීම අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධකයකි.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (33) ߝߐߘߊ ߘߏ߫: ߦߊߛߌߣ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲