Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (47) ߝߐߘߊ ߘߏ߫: ߛߎߘߐߛߣߍߡߊ
نَحْنُ اَعْلَمُ بِمَا یَسْتَمِعُوْنَ بِهٖۤ اِذْ یَسْتَمِعُوْنَ اِلَیْكَ وَاِذْ هُمْ نَجْوٰۤی اِذْ یَقُوْلُ الظّٰلِمُوْنَ اِنْ تَتَّبِعُوْنَ اِلَّا رَجُلًا مَّسْحُوْرًا ۟
අල් කුර්ආනයට සවන් දෙන ඔවුන්ගේ නායකයින්ගේ පිළිවෙත අපි මැනවින් දනිමු. ඔවුන් එමගින් යහමග ලබන්නට අපේක්ෂා නොකරති. නමුත් නුඹ පාරායනය කරන අවස්ථාවේ එය හෑල්ලුවට හා හාස්යයට ලක් කිරීමට ඔවුහු අපේක්ෂා කරති. අපරාධකරුවන් ප්රතික්ෂේපය නිසාවෙන් ඔවුනටම "අහෝ ජනයිනි! බුද්ධිය කැළඹුණු, හූනියම් කරන ලද මිනිසෙකු මිස නුඹලා වෙනත් කිසිවකු අනුගමනය නොකරන්නේයැ"යි ඔවුන් පවසන අවස්ථාවේ ඔවුන් රහසින් සාකච්ඡා කරන බොරුව හා වළක්වන්නට උත්සාහ කරන දෑ අපි මැනවින් දනිමු.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الزعم بأن الملائكة بنات الله افتراء كبير، وقول عظيم الإثم عند الله عز وجل.
•සැබැවින්ම මලක්වරුන් අල්ලාහ්ගේ ගැහැණු දරුවන් බව පවතින විශ්වාසය බරපතල ප්රබන්ධයකි. බිහිසුණු ප්රකාශයකි. කීර්තිමත් අල්ලාහ් අබියස පාපයකි.

• أكثر الناس لا تزيدهم آيات الله إلا نفورًا؛ لبغضهم للحق ومحبتهم ما كانوا عليه من الباطل.
•අල්ලාහ්ගේ වදන් මිනිසුන් වැඩි දෙනෙකුට පළා යාම මිස වෙනත් කිසිවක් වර්ධනය කළේ නැත. එය සත්යයට පවතින ඔවුන්ගේ ක්රෝධය හා කවර ව්යාජ කරුණක ඔවුන් නිරතව සිටියේ ද ඒ වෙත තිබූ ඔවුන්ගේ ඇල්මය.

• ما من مخلوق في السماوات والأرض إلا يسبح بحمد الله تعالى فينبغي للعبد ألا تسبقه المخلوقات بالتسبيح.
•අහස්හි හා මහපොළොවේ පවතින කිසියම් මැවීමක් හෝ වේවා එය උත්තරීතර අල්ලාහ්ගේ ප්රශංසාව තුළින් සුවිශුද්ධ කරනු මිස නැත. එහෙයින් තස්බීහ් -සුවිශුද්ධ කිරීමෙන්- එම මැවීම් අබිබවා යෑම ගැත්තාට අවාසි වන්නේය.

• من حلم الله على عباده أنه لا يعاجلهم بالعقوبة على غفلتهم وسوء صنيعهم، فرحمته سبقت غضبه.
•අල්ලාහ්, තම ගැත්තන්ගේ නොසැලකිලිමත්කම නිසාවෙන් හා ඔවුන්ගේ අයහපත් කටයුතු නිසාවෙන් දඬුවම ඉක්මන් නොකිරීම ඔහුගේ දයාලුභාවයෙනි. ඔහුගේ කරුණාව ඔහුගේ කෝපය අබිබවා ගොස් ඇත.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (47) ߝߐߘߊ ߘߏ߫: ߛߎߘߐߛߣߍߡߊ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲