Check out the new design

पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद । * - अनुवादहरूको सूची


अर्थको अनुवाद सूरः: इन्शिकाक   श्लोक:

අල් ඉන්ෂිකාක්

सूरहका अभिप्रायहरूमध्ये:
تذكير الإنسان برجوعه لربه، وبيان ضعفه، وتقلّب الأحوال به.
මිනිසා ඔහුගේ පරමාධිපති වෙත නැවත යොමු කරනු ලබන බව මෙනෙහි කිරීම. මිනිසාගේ දුර්වලකම හා ඔහු සමගම තත්ත්වයන් පෙරළීම ගැන විස්තර කිරීම.

اِذَا السَّمَآءُ انْشَقَّتْ ۟ۙ
මලක්වරු අහසින් පහළ වීම සඳහා එය පැළී ගිය විට,
अरबी व्याख्याहरू:
وَاَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ۟ۙ
තම පරමාධිපතිගේ අණට යටත් වී ඔහුට සවන් දුන් විට, එය එයට නියම කරනු ලැබුවක් වන්නේය.
अरबी व्याख्याहरू:
وَاِذَا الْاَرْضُ مُدَّتْ ۟ؕ
හමක් අදිනු ලබන්නාක් මෙන් මහපොළොව දිගු හරිනු ලබන විට,
अरबी व्याख्याहरू:
وَاَلْقَتْ مَا فِیْهَا وَتَخَلَّتْ ۟ۙ
එහි ඇති නිදන් වස්තුන් හා මළ කඳන් බැහැර කොට ඒවායින් එය හිස් වේ.
अरबी व्याख्याहरू:
وَاَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ۟ؕ
තම පරමාධිපතිගේ අණට යටත් වී ඔහුට සවන් දුන් විට, එය එයට නියම කරනු ලැබූවක් වන්නේය.
अरबी व्याख्याहरू:
یٰۤاَیُّهَا الْاِنْسَانُ اِنَّكَ كَادِحٌ اِلٰی رَبِّكَ كَدْحًا فَمُلٰقِیْهِ ۟ۚ
අහෝ මිනිසුනි! ඔබ යහපත හෝ අයපත සිදු කරන්නෙකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඒ සඳහා අල්ලාහ් ඔබට ප්රතිඵල දෙනු පිණිස එය ඔබ හමුවේ තබනු ලබන්නේය.
अरबी व्याख्याहरू:
فَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ بِیَمِیْنِهٖ ۟ۙ
කවරෙකුගේ ක්රියා සටහන් ලේඛන තම දකුණතට දෙනු ලබන්නේද,
अरबी व्याख्याहरू:
فَسَوْفَ یُحَاسَبُ حِسَابًا یَّسِیْرًا ۟ۙ
ඔහු ඉදිරියේ එම ක්රියාවන් ඉදිරිපත් කරනු ලැබේ. කිසිදු ග්රහණයකින් තොරව පහසු ප්රශ්ණ කිරීමකින් ඔහු විනිශ්චය කරනු ලැබේ.
अरबी व्याख्याहरू:
وَّیَنْقَلِبُ اِلٰۤی اَهْلِهٖ مَسْرُوْرًا ۟ؕ
ඔහු තම පවුල වෙත සතුටින් හැරී යනු ඇත.
अरबी व्याख्याहरू:
وَاَمَّا مَنْ اُوْتِیَ كِتٰبَهٗ وَرَآءَ ظَهْرِهٖ ۟ۙ
කවරෙකුගේ ක්රියා සටහන් ලේඛන ඔහුගේ පිටෙහි පිටුපසින් ඔහුගේ වමතට දෙනු ලැබුවේද ඔහු වූ කලී.
अरबी व्याख्याहरू:
فَسَوْفَ یَدْعُوْا ثُبُوْرًا ۟ۙ
ඔහු තමන්ගේ විනාශය අයැද සිටියි.
अरबी व्याख्याहरू:
وَّیَصْلٰی سَعِیْرًا ۟ؕ
නිරයේ ගින්නට ඔහු ඇතුළු වනු ඇත. එහි දැඩි උෂ්ණත්වය විඳිනු ඇත.
अरबी व्याख्याहरू:
اِنَّهٗ كَانَ فِیْۤ اَهْلِهٖ مَسْرُوْرًا ۟ؕ
දෙවියන් ප්රතික්ෂේප කරමින් පාපකම් සිදු කරමින් ඔහු මෙලොවෙහි තම පවුල සමඟ සතුටින් ජීවත් විය.
अरबी व्याख्याहरू:
اِنَّهٗ ظَنَّ اَنْ لَّنْ یَّحُوْرَ ۟ۚۛ
සැබැවින්ම තමන් මිය ගිය පසුව නැවත ජීවයක් නොලබන්නේ යැයි සිතීය.
अरबी व्याख्याहरू:
بَلٰۤی ۛۚ— اِنَّ رَبَّهٗ كَانَ بِهٖ بَصِیْرًا ۟ؕ
එසේ නොව, පළමු වරට අල්ලාහ් ඔහුව මැවූ සේම යළි ඔහුට ජීවය දෙන්නේමය. ඔහුගේ තත්ත්වය අල්ලාහ් නිරීක්ෂණය කරමින් සිටියි. අල්ලාහ්ගෙන් කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහු සිදු කළ ක්රියාවන්ට අනුකූලව අල්ලාහ් ඔහුට ප්රතිඵල පිරිනමයි.
अरबी व्याख्याहरू:
فَلَاۤ اُقْسِمُ بِالشَّفَقِ ۟ۙ
හිරු අවරට ගිය පසු ක්ෂිතිජයේ පවතින රත් පැහැය මත අල්ලාහ් දිවුරා සිටියි.
अरबी व्याख्याहरू:
وَالَّیْلِ وَمَا وَسَقَ ۟ۙ
රාත්රිය හා එහි රැස් කරනු ලබන දෑ මත ද දිවුරා සිටියි.
अरबी व्याख्याहरू:
وَالْقَمَرِ اِذَا اتَّسَقَ ۟ۙ
චන්ද්රයා පූර්ණත්වය ලැබ එය පුරසඳ බවට පත්වූ විට ඒ මත දිවුරා සිටියි.
अरबी व्याख्याहरू:
لَتَرْكَبُنَّ طَبَقًا عَنْ طَبَقٍ ۟ؕ
අහෝ මිනිසා, ශුක්රාණුවෙන් කූඩැල්ලෙකුගේ ස්වරූපයටත් කූඩැල්ලෙකුගේ ස්වරූපයෙන් කළල තත්ත්වයටත් එමෙන්ම ජීවිතයෙන් පසු මරණයටත් මරණයෙන් පසු යළි ජීවිතයටත් යනාදී ලෙස තත්ත්වයෙන් තත්ත්වයට පියවරෙන් පියවරට ඔබ ගමන් කරනු ඇත.
अरबी व्याख्याहरू:
فَمَا لَهُمْ لَا یُؤْمِنُوْنَ ۟ۙ
දෙවියන් ප්රතික්ෂේප කරන මොවුන් අල්ලාහ් හා පරමාන්ත -අවසාන- දිනය විශ්වාස නොකර සිටීමට කුමක් වීද?
अरबी व्याख्याहरू:
وَاِذَا قُرِئَ عَلَیْهِمُ الْقُرْاٰنُ لَا یَسْجُدُوْنَ ۟
ඔවුන් වෙත අල් කුර්ආනය පාරයනය කර පෙන්වනු ලබන විට ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් සිරස නොනමති.
अरबी व्याख्याहरू:
بَلِ الَّذِیْنَ كَفَرُوْا یُكَذِّبُوْنَ ۟ؗۖ
නමුත්, දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ, ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතයාණන් කවර කරුණක් ගෙන ආවේද එය බොරු යැයි පවසති.
अरबी व्याख्याहरू:
وَاللّٰهُ اَعْلَمُ بِمَا یُوْعُوْنَ ۟ؗۖ
ඔවුන්ගේ සිත් රඳවා තබන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාහුය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහු වෙත සැඟවෙන්නේ නැත.
अरबी व्याख्याहरू:
فَبَشِّرْهُمْ بِعَذَابٍ اَلِیْمٍ ۟ۙ
එහෙයින් අහෝ දූතය! වේදනා සහගත දඬුවම බලාපොරොත්තුවෙන් සිටින බව ඔබ ඔවුනට දන්වා සිටිනු.
अरबी व्याख्याहरू:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• خضوع السماء والأرض لربهما.
• අහස හා මහපොළොව ඔවුන්ගේ පරමාධිපතිට යටත් වීම.

• كل إنسان ساعٍ إما لخير وإما لشرّ.
• සෑම මිනිසෙකුම යහපත හෝ අයහපත සිදු කිරීමට වෙහෙස වෙමින් සිටියි.

• علامة السعادة يوم القيامة أخذ الكتاب باليمين، وعلامة الشقاء أخذه بالشمال.
• මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී, සොම්නසින් සිටින්නාගේ සළකුණ වන්නේ ඔහුගේ දකුණතින් ඔහු ක්රියා ලේඛන පොත ගැනීමය. අභාග්යවන්තයාගේ සළකුණ වන්නේ එය ඔහු තම වමතින් ගැනීමය.

 
अर्थको अनुवाद सूरः: इन्शिकाक
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद । - अनुवादहरूको सूची

मर्क्ज तफ्सीर लिद्दिरासात अल-कुर्आनियह द्वारा प्रकाशित ।

बन्द गर्नुस्