Check out the new design

पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद । * - अनुवादहरूको सूची


अर्थको अनुवाद सूरः: वाकियह   श्लोक:
ثُمَّ اِنَّكُمْ اَیُّهَا الضَّآلُّوْنَ الْمُكَذِّبُوْنَ ۟ۙ
51-52- පසුව සැබැවින්ම නුඹලා -ඍජු මාර්ගයෙන් මුළාවූ මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම බොරු යැයි පවසන්නනි! සැබැවින්ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සක්කූම් නම් ගසින් අනුභව කරන්නෝ වෙති. එය ශාකවලින් ඉතා දරුණු මෙන්ම කිලිටි ශාකයකි.
अरबी व्याख्याहरू:
لَاٰكِلُوْنَ مِنْ شَجَرٍ مِّنْ زَقُّوْمٍ ۟ۙ
51-52- -ඍජු මාර්ගයෙන් මුළාවූ මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම බොරු කරන්නනි! නුඹලා සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සක්කූම් නම් ගසින් අනුභව කරන්නෝ වෙති. එය ඉතා දරුණු මෙන්ම කිලිටි ගසකි.
अरबी व्याख्याहरू:
فَمَالِـُٔوْنَ مِنْهَا الْبُطُوْنَ ۟ۚ
එම තිත්ත කටුක ගසින් නුඹලාගේ හිස් බඩවල් පුරවා ගන්නන් වෙති.
अरबी व्याख्याहरू:
فَشٰرِبُوْنَ عَلَیْهِ مِنَ الْحَمِیْمِ ۟ۚ
දැඩි උණුසුමෙන් යුත් ලෝ දියෙන් ඒ මත පානය කරන්නන් වෙති.
अरबी व्याख्याहरू:
فَشٰرِبُوْنَ شُرْبَ الْهِیْمِ ۟ؕ
පිපාසිත රෝගයෙන් පෙළෙන ඔටුවා අධික ලෙස පානය කරන්නාක් මෙන් අධිකව පානය කරන්නෝ වෙති.
अरबी व्याख्याहरू:
هٰذَا نُزُلُهُمْ یَوْمَ الدِّیْنِ ۟ؕ
සඳහන් කරන ලද මේ තිත්ත ආහාරය හා උණුසුම් පානය ප්රතිඵල පිරිනමනු ලබන දියේ ඔවුන් පිළිගනු ලබන ඔවුන්ගේ සංග්රහය වේ.
अरबी व्याख्याहरू:
نَحْنُ خَلَقْنٰكُمْ فَلَوْلَا تُصَدِّقُوْنَ ۟
අහෝ බොරු කරන්නනි! නුඹලා පැවත්මක් නොමැතිව සිටියෝය. පසුව නුඹලාව මැව්වේ අපය. එහෙයින්, නුඹලාගේ මරණයෙන් පසු අප නුඹලාට යළි ජීවය දී, යළි අවදි කිරීම නුඹලා සැබෑවක් ලෙස පිළිගත යුතු නොවේ ද?
अरबी व्याख्याहरू:
اَفَرَءَیْتُمْ مَّا تُمْنُوْنَ ۟ؕ
නුඹලාගේ කාන්තාවන්ගේ ගර්භාෂයන් තුළ නුඹලා හළන ශුක්රාණු දෙස නුඹලා සිතා නොබැලුවෙහු ද?
अरबी व्याख्याहरू:
ءَاَنْتُمْ تَخْلُقُوْنَهٗۤ اَمْ نَحْنُ الْخٰلِقُوْنَ ۟
එම ශුක්රාණු මවන්නේ නුඹලා ද එසේ නැත්නම් එය මවන්නා වූ අප ද?
अरबी व्याख्याहरू:
نَحْنُ قَدَّرْنَا بَیْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوْقِیْنَ ۟ۙ
නුඹලා අතර මරණය නිර්ණය කළේ අපය. නුඹලා අතරින් සෑම කෙනෙකුටම නියමිත කාලයක් ඇත. එය කල් ඇතිව හෝ ප්රමාද වී හෝ සිදු වන්නේ නැත. අප දුර්වලයින් නොවෙමු.
अरबी व्याख्याहरू:
عَلٰۤی اَنْ نُّبَدِّلَ اَمْثَالَكُمْ وَنُنْشِئَكُمْ فِیْ مَا لَا تَعْلَمُوْنَ ۟
නුඹලා දන්නා හඳුනන කවර හැඩයක් හා රූපයක් මත වන්නෙහු ද එය වෙනස් කර නුඹලා නොහඳුනන හැඩයක් හා රූපයක් බවට නිර්මාණය කිරීමට අපට ශක්තිය ඇත.
अरबी व्याख्याहरू:
وَلَقَدْ عَلِمْتُمُ النَّشْاَةَ الْاُوْلٰی فَلَوْلَا تَذَكَّرُوْنَ ۟
අප නුඹලාව මැවූ මුල් මැවීම ගැන සැබැවින්ම නුඹලා දන්නෙහුය. මුල් වරට නුඹලා මැවූ ඔහුට නුඹලාගේ මරණයෙන් පසුව නුඹලාව යළි නැගිටුවීමට ඔහු බලය දරන බව නුඹලා මෙමගින් පාඩම් ලබා ඒ ගැන දැනගත යුතු නොවේ ද?
अरबी व्याख्याहरू:
اَفَرَءَیْتُمْ مَّا تَحْرُثُوْنَ ۟ؕ
නුඹලා මහපොළොවේ වපුරන දෑ දෙස නොබැලුවෙහු ද?
अरबी व्याख्याहरू:
ءَاَنْتُمْ تَزْرَعُوْنَهٗۤ اَمْ نَحْنُ الزّٰرِعُوْنَ ۟
වපුරන එය හටගන්වනුයේ නුඹලා ද? එසේ නැතහොත් එය හටගන්වන අප ද?
अरबी व्याख्याहरू:
لَوْ نَشَآءُ لَجَعَلْنٰهُ حُطَامًا فَظَلْتُمْ تَفَكَّهُوْنَ ۟
අපි එම වගාවන් වැඩකට නැති මුඩු බවට පත් කරන්නට අභිමත කරන්නේ නම් හොඳින් පැහී වැඩෙන්නට ඔන්න මෙන්න තිබුණායින් පසු එය ඉපැණැලි බවට පත් කරන්නෙමු. පසුව නුඹලා එයට අත්වූ දෑ පිළිබඳ පුදමයට පත් වන්නෙහුය.
अरबी व्याख्याहरू:
اِنَّا لَمُغْرَمُوْنَ ۟ۙ
‘අප වියදම් කළ දෑහි විනාශය හේතුවෙන් සැබැවින්ම අපි දඬුවම් කරනු ලැබුවෝ වෙමු’ යැයි පවසන්නෙහුය.
अरबी व्याख्याहरू:
بَلْ نَحْنُ مَحْرُوْمُوْنَ ۟
එසේ නොව, අප පෝෂණ සම්පත් තහනම් කරනු ලැබුවෝ වෙමු.
अरबी व्याख्याहरू:
اَفَرَءَیْتُمُ الْمَآءَ الَّذِیْ تَشْرَبُوْنَ ۟ؕ
නුඹලා පිපාසයට පත් වූ විට පානය කරන ජලය ගැන සිතා බැලුවෙහු ද?
अरबी व्याख्याहरू:
ءَاَنْتُمْ اَنْزَلْتُمُوْهُ مِنَ الْمُزْنِ اَمْ نَحْنُ الْمُنْزِلُوْنَ ۟
අහසේ ඇති වළාවෙන් එය පහළ කළේ නුඹලා ද එසේ නැතහොත් එය පහළ කළ අප ද?
अरबी व्याख्याहरू:
لَوْ نَشَآءُ جَعَلْنٰهُ اُجَاجًا فَلَوْلَا تَشْكُرُوْنَ ۟
බීමට හෝ සැපයීමට හෝ ප්රයෝජනවත් නොවන දැඩි ලුණු ද්රාවණය සහිතව එම ජලය වෙනස් කරන්නට අපි අභිමත කරන්නේ නම් දැඩි ලුණු ද්රාවණය සහිත බවට අපි එය පත් කන්නෙමු. නුඹලාට ආශිර්වාදයක් ලෙස අල්ලාහ් නුඹලා වෙත මිහිරි ජලය පහළ කර තිබීම සඳහා නුඹලා ඔහුට කෘතඥ විය යුතු නොවේ ද?
अरबी व्याख्याहरू:
اَفَرَءَیْتُمُ النَّارَ الَّتِیْ تُوْرُوْنَ ۟ؕ
නුඹලාගේ ප්රයෝජන සඳහා නුඹලා දල්වන ගින්න ගැන නුඹලා සිතා නොබැලුවෙහු ද?
अरबी व्याख्याहरू:
ءَاَنْتُمْ اَنْشَاْتُمْ شَجَرَتَهَاۤ اَمْ نَحْنُ الْمُنْشِـُٔوْنَ ۟
දැල්වීම සඳහා ගනු ලබන ගස් නිර්මාණය කළේ නුඹලා ද එසේ නැතහොත් නුඹලා වෙත පවතින ලෙන්ගතු කම නිසා එය නිර්මාණය කළ අප ද?
अरबी व्याख्याहरू:
نَحْنُ جَعَلْنٰهَا تَذْكِرَةً وَّمَتَاعًا لِّلْمُقْوِیْنَ ۟ۚ
මෙම ගින්න නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කළෙමු. එය මතුලොව ගින්නෙහි ස්වරූපය ගැන නුඹලාට මතක් කර දෙයි. නුඹලා අතරින් ගමන් යන මගීන් සඳහා ප්රයෝජනය ලබන්නක් බවට අපි එය පත් කර ඇත්තෙමු.
अरबी व्याख्याहरू:
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِیْمِ ۟
අහෝ දූතය! සර්වබලාරියාණන් වන නුඹේ පරමාධිපතිට නොගැලපෙන දැයින් මුදවාලමින් ඔහු ව පිවිතුරු කරනු.
अरबी व्याख्याहरू:
فَلَاۤ اُقْسِمُ بِمَوٰقِعِ النُّجُوْمِ ۟ۙ
තාරකාවන්හි ස්ථාන හා ඒවායෙහි නවාතැන් මත අල්ලාහ් දිවුරමින්
अरबी व्याख्याहरू:
وَاِنَّهٗ لَقَسَمٌ لَّوْ تَعْلَمُوْنَ عَظِیْمٌ ۟ۙ
එම ස්ථානවල මහඟු බව නුඹලා දන්නෙහු නම්, එහි ඇති ප්රාතිහාර්යයන් හා සීමා කළ නොහැකි පාඩම් හේතුවෙන් ඒවා මත දිවුරා සිටීම අති මහත් කරුණක් වන්නේය.
अरबी व्याख्याहरू:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• دلالة الخلق الأول على سهولة البعث ظاهرة.
•යළි අවදි කරනු ලැබීම පහසු කාර්යයක් යන්නට මුල් මැවීම පෙන්වා දෙන පැහැදිළි සාධකයකි.

• إنزال الماء وإنبات الأرض والنار التي ينتفع بها الناس نعم تقتضي من الناس شكرها لله، فالله قادر على سلبها متى شاء.
•ජලය පහළ කිරීම, මහපොළොවේ පැල හටගැන්වීම, මිනිසා ප්රයෝජනයට ගන්නා ගින්න යනාදිය අල්ලාහ්ට කෘතඥවීම සඳහා මිනිසාට බල කර සිටින යහපත් ආශිර්වාදයන් වන්නේය. අල්ලාහ් තමන් අභිමත කරන විටෙක ඒවා වෙනස් කිරීමට බලය ඇත්තාය.

• الاعتقاد بأن للكواكب أثرًا في نزول المطر كُفْرٌ، وهو من عادات الجاهلية.
•වර්ෂාව පහළවීමේ දී තාරකාවලට බලපෑමක් ඇතැයි යන විශ්වාසය ප්රතික්ෂේප කිරීම. එය අඥාන යුගයේ පැවති චාරිත්රයකි.

 
अर्थको अनुवाद सूरः: वाकियह
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद । - अनुवादहरूको सूची

मर्क्ज तफ्सीर लिद्दिरासात अल-कुर्आनियह द्वारा प्रकाशित ।

बन्द गर्नुस्