Check out the new design

पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद । * - अनुवादहरूको सूची


अर्थको अनुवाद सूरः: श्शूरा   श्लोक:
وَتَرٰىهُمْ یُعْرَضُوْنَ عَلَیْهَا خٰشِعِیْنَ مِنَ الذُّلِّ یَنْظُرُوْنَ مِنْ طَرْفٍ خَفِیٍّ ؕ— وَقَالَ الَّذِیْنَ اٰمَنُوْۤا اِنَّ الْخٰسِرِیْنَ الَّذِیْنَ خَسِرُوْۤا اَنْفُسَهُمْ وَاَهْلِیْهِمْ یَوْمَ الْقِیٰمَةِ ؕ— اَلَاۤ اِنَّ الظّٰلِمِیْنَ فِیْ عَذَابٍ مُّقِیْمٍ ۟
අහෝ දූතය! මෙම අපරාධකරුවන් නිරා ගින්නට ඉදිරිපත් කරනු ලබන විට, ඒ ගැන ඇති බිහිසුණු බිය හේතුවෙන් ඔවුන් අවමානයෙන් හා අපහාසයෙන් යුතුව ජනයා වෙත හොර රහසින් බලනු නුඹ දකිනු ඇත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කළවුන්, ‘සැබැවින්ම සැබෑ පරාජිතයින් වනුයේ තමන්ට හා තම පවුලේ උදවියට පරාජය ගෙන දුන් අයට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමට ඔවුන් මුහුණ දෙන්නට සිදුවන හේතුවෙන් ඇතිවන පරාජයයි. දැනගනු! සැබැවින්ම දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධකරගත්තවුන් කිසිවිටෙක නිමක් නැති සදා දඬුවමෙහි පසුවනු ඇත.
अरबी व्याख्याहरू:
وَمَا كَانَ لَهُمْ مِّنْ اَوْلِیَآءَ یَنْصُرُوْنَهُمْ مِّنْ دُوْنِ اللّٰهِ ؕ— وَمَنْ یُّضْلِلِ اللّٰهُ فَمَا لَهٗ مِنْ سَبِیْلٍ ۟ؕ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් මුදවා ගෙන, ඔවුනට උදව් කරන භාරකරුවන් ඔවුනට නොවනු ඇත. අල්ලාහ් කවරෙකු සත්යයෙන් පහත් කරන්නේ ද ඔහු නොමග යන්නට හරියි. එවිට සත්යය වෙත මග පෙන්වීමට කිසිදු මාර්ගයක් ඔහුට අත් නොවනු ඇත.
अरबी व्याख्याहरू:
اِسْتَجِیْبُوْا لِرَبِّكُمْ مِّنْ قَبْلِ اَنْ یَّاْتِیَ یَوْمٌ لَّا مَرَدَّ لَهٗ مِنَ اللّٰهِ ؕ— مَا لَكُمْ مِّنْ مَّلْجَاٍ یَّوْمَىِٕذٍ وَّمَا لَكُمْ مِّنْ نَّكِیْرٍ ۟
අහෝ ජනයිනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණීමට පෙර අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඒවා කල් දැමීමෙන් තොර ව යුහුසුළු ව ඉටු කිරීම සඳහා අල්ලාහ්ට ප්රතිචාර දක්වනු. සැබැවින්ම එය පැමිණි විට එය වළක්වන්නෙකු නැත. නුඹලාට සරණ පතන්නට සරණාගත ස්ථානයක් ද නුඹලාට නැත. මෙලොවෙහි නුඹලා උපයා ගත් නුඹලාගේ පාපයන් හෙළා දකින්නාක් මෙන් හෙළා දැකීමක් ද නැත.
अरबी व्याख्याहरू:
فَاِنْ اَعْرَضُوْا فَمَاۤ اَرْسَلْنٰكَ عَلَیْهِمْ حَفِیْظًا ؕ— اِنْ عَلَیْكَ اِلَّا الْبَلٰغُ ؕ— وَاِنَّاۤ اِذَاۤ اَذَقْنَا الْاِنْسَانَ مِنَّا رَحْمَةً فَرِحَ بِهَا ۚ— وَاِنْ تُصِبْهُمْ سَیِّئَةٌ بِمَا قَدَّمَتْ اَیْدِیْهِمْ فَاِنَّ الْاِنْسَانَ كَفُوْرٌ ۟
මා කවර කරුණක් ඔවුනට නියෝග කර සිටියේ ද ඔවුන් එය ප්රතික්ෂේප කළේ නම්, අහෝ දූතය! ඔවුන්ගේ ක්රියාවන් ආරක්ෂා කරන ආරක්ෂකයෙකු ලෙස නුඹ ව අපි ඔවුන් වෙත එවා නැත. මා කවර කරුණක් දන්වා සිටින මෙන් නියෝග කළේ ද එය දන්වා සිටීම මිස නුඹ වෙත වෙනත් වගකීමක් නැත. ඔවුන්ගේ විනිශ්චය අල්ලාහ් මත පවතින්නකි. සැබැවින්ම අපගෙන් වූ ආශිර්වාදයක් ලෙස පොහොසත්කමක් හෝ සැපතක් හෝ එවන් යම් සම්පතක් මිනිසාට විඳින්නට සැලැස්වූ විට ඔහු ඒ ගැන සතුටු වෙයි. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් පිළිකුල් සහගත අභාග්යයක් මිනිස්වර්ගයාට අත් වූ විට සැබැවින්ම ඔවුන්ගේ ස්වභාවය වනුයේ අල්ලාහ්ගේ ආශිර්වාදයන්ට කෘතඥ නොවී ගුණමකු වීමය. යම් ප්රඥාවක් වෙනුවෙන් අල්ලාහ් ඔහුට නියම කර ඇති දෑ ගැන කෝප වීමය.
अरबी व्याख्याहरू:
لِلّٰهِ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— یَخْلُقُ مَا یَشَآءُ ؕ— یَهَبُ لِمَنْ یَّشَآءُ اِنَاثًا وَّیَهَبُ لِمَنْ یَّشَآءُ الذُّكُوْرَ ۟ۙ
අහස්හි ආධිපත්යය ද මහපොළොවේ ආධිපත්යය ද අල්ලාහ්ට පමණක් සතුය. ඔහු අභිමත කරන පරිදි පිරිමින් හෝ කාන්තාවන් හෝ ඒ හැර වෙනත් දෑ ඔහු මවන්නේය. ඔහු අභිමත කරන අයට ගැහැණු දරුවන් ලබා දී පිරිමි දරුවන් අහිමි කරනු ඇත. ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් ලබා දී ගැහැණු දරුවන් අහිමි කරනු ඇත. එසේ නැතහොත් ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් මෙන්ම ගැහැණු දරුවන් ද ලබා දෙයි. ඔහු අභිමත කරන අය ව දරුවන් නොමැති වඳ බවට පත් කරයි. ඔහු සිදු වෙමින් තිබෙන දෑ ද, ඉදිරියේ දී සිදු වන්නට යන දෑ ද සැබැවින්ම දනී. මෙය ඔහුගේ දැනුමේ පූර්ණත්වය හා ඔහුගේ ප්රඥාවේ පූර්ණත්වයයි. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. කිසිවක් ඔහු පරාජය කළ නොහැක.
अरबी व्याख्याहरू:
اَوْ یُزَوِّجُهُمْ ذُكْرَانًا وَّاِنَاثًا ۚ— وَیَجْعَلُ مَنْ یَّشَآءُ عَقِیْمًا ؕ— اِنَّهٗ عَلِیْمٌ قَدِیْرٌ ۟
අහස්හි ආධිපත්යය ද මහපොළොවේ ආධිපත්යය ද අල්ලාහ්ට පමණක් සතුය. ඔහු අභිමත කරන පරිදි පිරිමින් හෝ කාන්තාවන් හෝ ඒ හැර වෙනත් දෑ ඔහු මවන්නේය. ඔහු අභිමත කරන අයට ගැහැණු දරුවන් ලබා දී පිරිමි දරුවන් අහිමි කරනු ඇත. ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් ලබා දී ගැහැණු දරුවන් අහිමි කරනු ඇත. එසේ නැතහොත් ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් මෙන්ම ගැහැණු දරුවන් ද ලබා දෙයි. ඔහු අභිමත කරන අය ව දරුවන් නොමැති වඳ බවට පත් කරයි. ඔහු සිදු වෙමින් තිබෙන දෑ ද ඉදිරියේ දී සිදු වන්නට යන දෑ ද සැබැවින්ම දනී. මෙය ඔහුගේ දැනුමේ පූර්ණත්වය හා ඔහුගේ ප්රඥාවේ පූර්ණත්වයයි. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. කිසිවක් ඔහු පරාජය කළ නොහැක.
अरबी व्याख्याहरू:
وَمَا كَانَ لِبَشَرٍ اَنْ یُّكَلِّمَهُ اللّٰهُ اِلَّا وَحْیًا اَوْ مِنْ وَّرَآئِ حِجَابٍ اَوْ یُرْسِلَ رَسُوْلًا فَیُوْحِیَ بِاِذْنِهٖ مَا یَشَآءُ ؕ— اِنَّهٗ عَلِیٌّ حَكِیْمٌ ۟
දිව්යමය පණිවිඩයකින් හෝ වෙනත් අයුරකින් හෝ මිස අල්ලාහ් සමග ඍජුව කතා කිරීමට හෝ ඔහුගේ ප්රකාශයට සවන් දෙන අයුරින් හෝ ඔහු ව දකින අයුරින් කතා කිරීමට හෝ ජිබ්රීල් මෙන් දේව දූතයකු ඔහු වෙත එවීමෙන් මිස, මිනිසා අල්ලාහ් සමග ඍජුව කතා කිරීමට සුදුසු නොවීය. දේව පණිවිඩ දන්වා සිටින්නට අල්ලාහ් අභිමත කළ දෑ ඔහුගේ අවසරයෙන් මිනිස් දූතයා වෙත දන්වා සිටිනු ලැබේ. සැබැවින්ම ශුද්ධවන්තයාණන් ඔහුගේ පැවැත්මෙහි හා ඔහුගේ ගුණාංගයෙහි උත්තරීතරය. ඔහුගේ මැවීමෙහි, සැලැසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
अरबी व्याख्याहरू:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• وجوب المسارعة إلى امتثال أوامر الله واجتناب نواهيه.
•අල්ලාහ්ගේ නියෝග පිළිපැදීමටත් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමටත් යුහුසුළු වීමේ අනිවාර්යභාවය.

• مهمة الرسول البلاغ، والنتائج بيد الله.
•දූතයාගේ ප්රධාන කාර්යයභාරය දන්වා සිටීමය. එහි ප්රතිඵල අල්ලාහ් සතුව ඇත්තකි.

• هبة الذكور أو الإناث أو جمعهما معًا هو على مقتضى علم الله بما يصلح لعباده، ليس فيها مزية للذكور دون الإناث.
•පිරිමි දරුවන් හෝ ගැහැණු දරුවන් හෝ ඒ වර්ග දෙකම එකට හෝ ත්යාග කිරීම අල්ලාහ් තම ගැත්තන්ගේ යහපත උදෙසා තීන්දු කරනු ලැබූවක් මත පදනම් ව පවතී. ගැහැණු දරුවන් නොමැති පිරිමි දරුවන් පිහිටීම හේතුවෙන් පමණක් වාසියක් එහි නැත.

• يوحي الله تعالى إلى أنبيائه بطرق شتى؛ لِحِكَمٍ يعلمها سبحانه.
•උත්තරීතර අල්ලාහ් ඔහුගේ නබිවරුන් වෙත විවිධ මාර්ග හරහා දේව පණිවිඩ ලබා දෙයි. එය ඔහුගේ දැනුමෙහි ඇති යම් ප්රඥාවක් හේතුවෙනි.

 
अर्थको अनुवाद सूरः: श्शूरा
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद । - अनुवादहरूको सूची

मर्क्ज तफ्सीर लिद्दिरासात अल-कुर्आनियह द्वारा प्रकाशित ।

बन्द गर्नुस्