Check out the new design

पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद । * - अनुवादहरूको सूची


अर्थको अनुवाद श्लोक: (271) सूरः: बकरः
اِنْ تُبْدُوا الصَّدَقٰتِ فَنِعِمَّا هِیَ ۚ— وَاِنْ تُخْفُوْهَا وَتُؤْتُوْهَا الْفُقَرَآءَ فَهُوَ خَیْرٌ لَّكُمْ ؕ— وَیُكَفِّرُ عَنْكُمْ مِّنْ سَیِّاٰتِكُمْ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِیْرٌ ۟
සදකා වශයෙන් නුඹලා වියදම් කරන ධනය නුඹලා විසින් ප්රසිද්ධියේ පිරිනමන්නේ නම් එම සදකා ව යහපතකි. එසේම නුඹලා එය රහසිගතව දුගී දුප්පතුන්හට පිරිනැමුවේ නම් එය එළිපිට ප්රසිද්ධියේ පිරිනමන දානයට වඩා උතුම් වන්නේය. ඊට හේතුව එය ඉහඃලාස් හෙවත් චිත්ත පාරිශුද්ධියට වඩාත් සමීප වන බැවිණි. අවංක චේතනාවකින් යුතු ව පිරිනමන සදකාවන්හි තමන්ගේ පාපයන්ට ආවරණයක් හා පාප ක්ෂමාවක් ඇත්තේය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු අල්ලාහ් දන්නේය. නුඹලාගේ තත්ත්වයන් කිසිවක් අල්ලාහ්ට සැඟ වී යන්නේ නැත.
अरबी व्याख्याहरू:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• إذا أخلص المؤمن في نفقاته وصدقاته فلا حرج عليه في إظهارها وإخفائها بحسب المصلحة، وإن كان الإخفاء أعظم أجرًا وثوابًا لأنها أقرب للإخلاص.
•දෙවියන් විශ්වාස කරන තැනැත්තෙකු අවංක ලෙසින් තම දානමාන කටයුතු සිදු කරන්නේ නම් එහි යහපත ගැන සිතා ප්රසිද්ධියේ හෝ රහසිගත ව සිදු කිරීමෙහි කිසිදු වරදක් නැත. නමුත් එය රහසිගත ව සිදු කරන්නේ නම්, චිත්තපාරිශුද්ධිය හා අවංකභාවයට වඩාත් සමීප වන බැවින් කුසලින් හා ප්රතිඵලයෙන් ඉමහත් වනු ඇත.

• دعوة المؤمنين إلى الالتفات والعناية بالمحتاجين الذين تمنعهم العفة من إظهار حالهم وسؤال الناس.
•තැන්පත්බව හේතුවෙන් මිනිසුන්ගෙන් අයැද සිටීමෙන් හා තම සැබෑ තත්ත්වය හෙළි කිරීමෙන් වැළකී සිටින, අවශ්යතාවන්ගෙන් පෙළෙන උදවිය වෙත තම අවධානය යොමු කරන මෙන් දෙවියන් විශ්වාස කරන්නන්හට ඇරයුම් කිරීම.

• مشروعية الإنفاق في سبيل الله تعالى في كل وقت وحين، وعظم ثوابها، حيث وعد تعالى عليها بعظيم الأجر في الدنيا والآخرة.
•සෑම වේලාවකම සෑම අවස්ථාවකම අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම ආගමානුගත කොට තිබීම. මෙලොව හා මතු ලොවෙහි ඒ සඳහා මහත් ප්රතිඵල ඇතැයි අල්ලාහ් දී ඇති ප්රතිඥාවට අනුව ඔවුනට හිමිවන ත්යාගයේ ඉමහත්භාවය.

 
अर्थको अनुवाद श्लोक: (271) सूरः: बकरः
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद । - अनुवादहरूको सूची

मर्क्ज तफ्सीर लिद्दिरासात अल-कुर्आनियह द्वारा प्रकाशित ।

बन्द गर्नुस्