Check out the new design

पवित्र कुरआनको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद । * - अनुवादहरूको सूची


अर्थको अनुवाद सूरह: कारिअः   आयत:

අල් කාරිආ

सूरहका अभिप्रायहरूमध्ये:
قرع القلوب لاستحضار هول القيامة وأحوال الناس في موازينها.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සිදුවන්නට නියමිත බිහිසුණුකම් හා එහි තුළාවන්හි මිනිසාගේ තත්ත්වයන් ඔහු ඉදිරියට ගෙන එනු ලබන විට හදවත් ස්පන්දනයට ලක්වීම.

اَلْقَارِعَةُ ۟ۙ
අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන දිනයකි එය.
अरबी व्याख्याहरू:
مَا الْقَارِعَةُ ۟ۚ
අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන ඒ දිනය කුමක්ද?
अरबी व्याख्याहरू:
وَمَاۤ اَدْرٰىكَ مَا الْقَارِعَةُ ۟ؕ
අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන එම දිනය කුමක් දැයි අහෝ දූතය! ඔබට දැනුම් දුන්නේ කුමක්ද? එය යළි අවදි කරවන දිනයකි.
अरबी व्याख्याहरू:
یَوْمَ یَكُوْنُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوْثِ ۟ۙ
මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන එදින ඔබ මොබ දුවන මේරුන් මෙන් ඔවුහු සැරිසරති.
अरबी व्याख्याहरू:
وَتَكُوْنُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوْشِ ۟ؕ
පීරන ලද පුළුන් මෙන් විතැන් වී ගොස් සැහැල්ලුවෙන් ගමන් කරන තත්ත්වයට කදු පත්වනු ඇත.
अरबी व्याख्याहरू:
فَاَمَّا مَنْ ثَقُلَتْ مَوَازِیْنُهٗ ۟ۙ
තමන්ගේ අයහකම් වලට වඩා තමන් කළ යහකම් බරින් වැඩි වූ අය වනාහි,
अरबी व्याख्याहरू:
فَهُوَ فِیْ عِیْشَةٍ رَّاضِیَةٍ ۟ؕ
ස්වර්ගය හිමි කර ගනිමින් තෘප්තිමත් ජීවිතයක පසු වනු ඇත.
अरबी व्याख्याहरू:
وَاَمَّا مَنْ خَفَّتْ مَوَازِیْنُهٗ ۟ۙ
තමන්ගේ යහකම් වලට වඩා තමන් කළ අයහකම් බරින් වැඩි වූ අය වනාහි,
अरबी व्याख्याहरू:
فَاُمُّهٗ هَاوِیَةٌ ۟ؕ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහුගේ නවාතැන ඔහුගේ වාසස්ථානය වන්නේ නිරයයි.
अरबी व्याख्याहरू:
وَمَاۤ اَدْرٰىكَ مَا هِیَهْ ۟ؕ
අහෝ දූතය! එය කුමක්දැයි ඔබව දැනුවත් කර සිටියේ කුමක්ද?
अरबी व्याख्याहरू:
نَارٌ حَامِیَةٌ ۟۠
එය දැඩි තාපයෙන් යුත් ගින්නකි.
अरबी व्याख्याहरू:
यस पृष्ठको आयतहरूका लाभहरूमध्येबाट:
• خطر التفاخر والتباهي بالأموال والأولاد.
• දරුවන් හා සම්පත් හේතුවෙන් පුරසාරම් දෙඩීමේ හා අහංකාරකමේ ඇති භයානකත්වය.

• القبر مكان زيارة سرعان ما ينتقل منه الناس إلى الدار الآخرة.
• කබ්ර් හෙවත් මිනීවල, ජනයා ඉතා ඉක්මණින් මතුලොව වෙත පෙරළා එය මුණ ගස්වන ස්ථානයකි.

• يوم القيامة يُسْأل الناس عن النعيم الذي أنعم به الله عليهم في الدنيا.
• මෙලොවෙහි මිනිසාට කවර කරුණක් අල්ලාහ් දායාද කර තිබුණේද ඒ සියලුම ආශිර්වාද පිළිබඳ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහුගෙන් ප්රශ්න කරනු ලබනු ඇත.

• الإنسان مجبول على حب المال.
• මිනිසාව ධනයට ඇලුම් කරන ස්වභාවයෙන් මවනු ලැබ ඇත.

 
अर्थको अनुवाद सूरह: कारिअः
सूरहरूको सूची पृष्ठ संख्या
 
पवित्र कुरआनको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद । - अनुवादहरूको सूची

मर्क्ज तफ्सीर लिद्दिरासात अल-कुर्आनियह द्वारा प्रकाशित ।

बन्द गर्नुहोस्