Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: നൂഹ്   ആയത്ത്:

නූහ්

സൂറത്തിൻ്റെ അവതരണ ലക്ഷ്യങ്ങളിൽ പെട്ടതാണ്:
بيان منهج الدعوة للدعاة، من خلال قصة نوح.
නූහ් නබි තුමාගේ කතා වස්තුව ඇසුරෙන් ඇරයුම් කරන්නන්හට ඇරයුම් කරන පිළිවෙත විස්තර කිරීම.

اِنَّاۤ اَرْسَلْنَا نُوْحًا اِلٰی قَوْمِهٖۤ اَنْ اَنْذِرْ قَوْمَكَ مِنْ قَبْلِ اَنْ یَّاْتِیَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
නූහ් නබි තුමාගේ ප්රජාව අල්ලාහ්ට ආදේශ තබමින්, ඒ මත ගැලී සිටීම හේතුවෙන් වේදනීය දඬුවමක් ඔවුන් වෙත පැමිණීමට පෙර තම සමූහයා බිය ගන්වා ඔවුනට ඇරයුම් කරන මෙන් අපි නූහ් ව ඔහුගේ සමූහයා වෙත එව්වෙමු.
അറബി തഫ്സീറുകൾ:
قَالَ یٰقَوْمِ اِنِّیْ لَكُمْ نَذِیْرٌ مُّبِیْنٌ ۟ۙ
අහෝ මාගේ ජනයිනි! සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පශ්චාත්තාප වී යොමු නොවූයේ නම්, නුඹලාව බලාපොරොත්තුවෙන් සිටින බිහිසුණු දඬුවම ගැන අවවාද කරන පැහැදිලි අවවාද කරන්නෙක් වෙමි’ යැයි නූහ් තම සමූහයාට පවසා සිටියේය.
അറബി തഫ്സീറുകൾ:
اَنِ اعْبُدُوا اللّٰهَ وَاتَّقُوْهُ وَاَطِیْعُوْنِ ۟ۙ
නුඹලා වෙත වූ මාගේ අවවාදයේ අවසානය වනුයේ, 'නුඹලා අල්ලාහ්ට පමණක් ගැතිකම් කරනු. ඔහුට කිසිවක් ආදේශ නොකරනු. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. තවද මා කවර කරුණක් නුඹලාට අවවාද කර ඇත්තේ ද ඒ සම්බන්ධයෙන් නුඹලා මා පිළිපදිනු’ යැයි මා පැවසීමය.
അറബി തഫ്സീറുകൾ:
یَغْفِرْ لَكُمْ مِّنْ ذُنُوْبِكُمْ وَیُؤَخِّرْكُمْ اِلٰۤی اَجَلٍ مُّسَمًّی ؕ— اِنَّ اَجَلَ اللّٰهِ اِذَا جَآءَ لَا یُؤَخَّرُ ۘ— لَوْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟
සැබැවින්ම නුඹලා එය සිදු කරන්නේ නම්, දේව ගැත්තන්ගේ අයිතිවාසිකම් හා නොබැඳුණු නුඹලාගේ පාපකම් සඳහා ඔහු නුඹලාට සමාව දෙනු ඇත. අල්ලාහ්ගේ අනුදැනුම තුළින් නියමිත කාලයක් දක්වා ජීවිතයේ දීර්ඝායුෂ නුඹලාගේ සමූහයාට පිරිනමනු ඇත. ඒ මත නුඹලා ස්ථීරව සිටින කාලයක් මහපොළොවේ නුඹලා පාලනය කරනු ඇත. සැබැවින්ම මරණය පැමිණියේ නම් ප්රමාද කරනු නොලැබේ. නුඹලා ඒ බව දැන සිටියෙහු නම් අල්ලාහ්ව විශ්වාස කිරීමටත්, නුඹලා නිරතවෙමින් සිටි දේව ආදේශය හා මුළාව සඳහා පශ්චාත්තාප වී ඔහු වෙත යොමුවන්නටත් යුහුසුළු වනු.
അറബി തഫ്സീറുകൾ:
قَالَ رَبِّ اِنِّیْ دَعَوْتُ قَوْمِیْ لَیْلًا وَّنَهَارًا ۟ۙ
මාගේ පරමාධිපතියාණනි, නුඹට ගැතිකම් කිරීමටත් නුඹව ඒකීයත්වයට පත් කිරීමටත් සැබැවින්ම මම දිවා රෑ අඛණ්ඩව මාගේ සමූහයාට ඇරයුම් කළෙමි යැයි නූහ් පැවසීය.
അറബി തഫ്സീറുകൾ:
فَلَمْ یَزِدْهُمْ دُعَآءِیْۤ اِلَّا فِرَارًا ۟
ඔවුන් සඳහා කළ මාගේ ඇරයුම ඔවුන් පලා යෑම සහ මා කවර දෙයක් වෙත ඔවුන් ඇරයුම් කර සිටියේ ද ඉන් දුරස්වීම මිස වෙන කිසිවක් වර්ධනය කළේ නැත.
അറബി തഫ്സീറുകൾ:
وَاِنِّیْ كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوْۤا اَصَابِعَهُمْ فِیْۤ اٰذَانِهِمْ وَاسْتَغْشَوْا ثِیَابَهُمْ وَاَصَرُّوْا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا ۟ۚ
ඔබට පමණක් නැමදීම, ඔබට අවනත වීම හා ඔබේ රසූල්වරයාට අවනත වීම යනාදී ඔවුන්ගේ පාපකම් සඳහා සමාවට හේතුවන සාධක වෙත මා ඔවුන් ඇරයුම් කළ සෑම කල්හිම, මාගේ ඇරයුම ඔවුන්ගේ කනට නොවැකෙන සේ ඔවුන්ගේ ඇගිලි ඔවුන්ගේ කන් තුළ දමා වසා ගත්තෝය. ඔවුන් මා නොදකින සේ ඔවුන්ගේ ඇදුමෙන් ඔවුන්ගේ මුහුණු වසා ගත්තෝය. ඔවුන් කවර දෙයක් ආදේශ කරමින් සිටියේ ද එහි දිගටම රැඳී සිටියෝය. මා ඔවුන් ඇරයුම් කරන දෑ පිළිගැනීමට හා ඒ සඳහා සවන් දීමට ඔවුන් උඩඟු වූවෝය.
അറബി തഫ്സീറുകൾ:
ثُمَّ اِنِّیْ دَعَوْتُهُمْ جِهَارًا ۟ۙ
මාගේ පරමාධිපතියාණනි, පසුව සැබැවින්ම මම ඔවුනට ප්රසිද්ධියේම ඇරයුම් කළෙමි.
അറബി തഫ്സീറുകൾ:
ثُمَّ اِنِّیْۤ اَعْلَنْتُ لَهُمْ وَاَسْرَرْتُ لَهُمْ اِسْرَارًا ۟ۙ
ඇරයුම් කටයුතු සම්බන්ධයෙන් මාගේ හඬ ඔවුන් වෙනුවෙන් උස් කළෙමි. රහසිගතව සගවමින් ද ඇරයුම් කළෙමි. පහත් හඬින් ද ඇරයුම් කළෙමි. මාගේ ඇරයුම් විවිධ ස්වරූපයෙන් ඔවුන් වෙත පිළිගැන්වූයෙමි.
അറബി തഫ്സീറുകൾ:
فَقُلْتُ اسْتَغْفِرُوْا رَبَّكُمْ ۫— اِنَّهٗ كَانَ غَفَّارًا ۟ۙ
මාගේ ජනයිනි, නුඹලාගේ පරමාධිපතිට පශ්චාත්තාපය වී සමාව අයැද සිටිනු. සැබැවින්ම පිවිතුරු අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතරින් ඔහු වෙත සමාව ඇයැද යොමු වන්නන්ගේ පාපකම්වලට අතිශයෙන් සමාව දෙන්නාය.
അറബി തഫ്സീറുകൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• خطر الغفلة عن الآخرة.
•මතුලොව ගැන නොසැලකිලිමත් වීමේ වරද.

• عبادة الله وتقواه سبب لغفران الذنوب.
•අල්ලාහ්ට නැමදුම් කිරීම හා ඔහු ගැන මතකයෙන් පසුවීම පාපකම් සඳහා සමාව ලැබීමට හේතුවක් වන්නේය.

• الاستمرار في الدعوة وتنويع أساليبها حق واجب على الدعاة.
• ඇරයුම් කටයුතුවලදී දිගටම නිරත වීම එහි විවිධ ක්රමවේදයන් භාවිත කිරීම ඇරයුම් කරන්නා මත අනිවාර්යය වන වගකීමකි.

 
പരിഭാഷ അദ്ധ്യായം: നൂഹ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അവസാനിപ്പിക്കുക