Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: ത്തഹ്രീം   ആയത്ത്:

අත් තහ්රීම්

സൂറത്തിൻ്റെ അവതരണ ലക്ഷ്യങ്ങളിൽ പെട്ടതാണ്:
الدعوة إلى إقامة البيوت على تعظيم حدود الله وتقديم مرضاته وحده.
අල්ලාහ්ගේ සීමාවන්ට ගරුබුහුමන් කරමින්, ඔහුගේ තෘප්තිය පමණක් පිළිගන්වමින් නිවසේ කටයුතු සිදු කිරීමට ඇරයුම් කිරීම.

یٰۤاَیُّهَا النَّبِیُّ لِمَ تُحَرِّمُ مَاۤ اَحَلَّ اللّٰهُ لَكَ ۚ— تَبْتَغِیْ مَرْضَاتَ اَزْوَاجِكَ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟
අහෝ දූතය! ඔබේ බිරියන් මාරියා පිළිබඳ වූ අයිතිය පිළිකුල් කිරීම හේතුවෙන් ඔබ ඔවුන්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් අල්ලාහ් ඔබට අනුමත කළ ඔබේ වහලිය මාරියා සමග පහස විඳීම ඔබ තහනම් කර ගත්තේ ඇයි? තවද අල්ලාහ් ඔබ කෙරෙහි අති ක්ෂමාශීලීය. මහා කරුණාන්විතය.
അറബി തഫ്സീറുകൾ:
قَدْ فَرَضَ اللّٰهُ لَكُمْ تَحِلَّةَ اَیْمَانِكُمْ ۚ— وَاللّٰهُ مَوْلٰىكُمْ ۚ— وَهُوَ الْعَلِیْمُ الْحَكِیْمُ ۟
නුඹලාගේ දිවුරුම් කඩ කිරීමෙන් යහපතක් දකින්නේ නම් ඒ සඳහා ප්රතිකර්මයක් ලෙස වන්දියක් ලබා දීම තුළින් නුඹලාගේ දිවුරුම්වලින් නිදහස් වීම අල්ලාහ් නුඹලාට ආගමානුකූලව අනුමත කර ඇත. තවද අල්ලාහ් නුඹලාට පිහිට වන්නාය. නුඹලාගේ තත්ත්වයන් හා නුඹලාට යහපත් වන දෑ පිළිබඳ සර්වඥානීය. ඔහු ආගමානුගත කිරීමෙහි හා නියම කිරීමෙහි මහා ප්රඥාවන්තය.
അറബി തഫ്സീറുകൾ:
وَاِذْ اَسَرَّ النَّبِیُّ اِلٰی بَعْضِ اَزْوَاجِهٖ حَدِیْثًا ۚ— فَلَمَّا نَبَّاَتْ بِهٖ وَاَظْهَرَهُ اللّٰهُ عَلَیْهِ عَرَّفَ بَعْضَهٗ وَاَعْرَضَ عَنْ بَعْضٍ ۚ— فَلَمَّا نَبَّاَهَا بِهٖ قَالَتْ مَنْ اَنْۢبَاَكَ هٰذَا ؕ— قَالَ نَبَّاَنِیَ الْعَلِیْمُ الْخَبِیْرُ ۟
තමන්ගේ බිරියක් වූ මාරියාට තමන් කිට්ටු නොවන බවට වූ පුවත නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හෆ්සා තුමියට පමණක් රහසින් පවසා සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට හෆ්සා තුමිය ආඉෂා තුමියට එම පුවත දන්වා සිටියාය. හෆ්සාට අවවාද කිරීමක් ලෙස එම රහස පතුරුවාලීම සම්බන්ධයෙන් අල්ලාහ් තම නබිවරයාට දන්වා සිටියේය. පසුව ඉන් ඇතැම් කරුණු පමණක් ඇයට දන්වා සිට තවත් කොටසක් නොකියා නිහඬ විය. එවිට ඇය, "මෙය ඔබට දන්වා සිටියේ කවුදැ?"යි විමසා සිටියාය. නබිතුමාණෝ, "සියලුම රහස් පිළිබඳ තොරතුරු දන්නා සියලු දෑ පිළිබඳ සර්වඥ අල්ලාහ් මට එය දන්වා සිටියේය" යැයි පිළිතුරු දුන්හ.
അറബി തഫ്സീറുകൾ:
اِنْ تَتُوْبَاۤ اِلَی اللّٰهِ فَقَدْ صَغَتْ قُلُوْبُكُمَا ۚ— وَاِنْ تَظٰهَرَا عَلَیْهِ فَاِنَّ اللّٰهَ هُوَ مَوْلٰىهُ وَجِبْرِیْلُ وَصَالِحُ الْمُؤْمِنِیْنَ ۚ— وَالْمَلٰٓىِٕكَةُ بَعْدَ ذٰلِكَ ظَهِیْرٌ ۟
නුඹලා දෙදෙනා පශ්චාත්තාප වීම නුඹලා දෙදෙනා කෙරෙහි පැවරෙන වගකීමකි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් පිළිකුල් නොකළා වූ එතුමාගේ වහලියගෙන් එතුමා වැළකී සිටීමට හා ඇයව එතුමාණන්ට තහනම් කර ගැනීම සම්බන්ධයෙන් එතුමාව කැමැති කරවා ගැනීමට නුඹලාගේ හදවත් නැඹුරු වී ඇති බැවිනි. නැවත මිදීමට නුඹලා දෙදෙනා එක්ව හඬ නගා පැවසුව ද සැබැවින්ම අල්ලාහ් ඔහුගේ භාරකරු බවත් ඔහුට උදව් කරන්නා බවත් දැන ගත යුතුය. එසේම ජිබ්රීල් තුමා ද දෙවියන් විශ්වාස කරන්නන් අතර සිටින එතුමාගේ මිතුරන් හා උදව්කරුවන් ද සිටිනු ඇත. අල්ලාහ්ගේ උදව්වෙන් පසු එතුමාණන්ට පීඩා කරන්නන්ට එරෙහිව මලක්වරුන් උදව්කරුවන් ලෙසත් පිහිටවන්නන් ලෙසත් සිටිති.
അറബി തഫ്സീറുകൾ:
عَسٰی رَبُّهٗۤ اِنْ طَلَّقَكُنَّ اَنْ یُّبْدِلَهٗۤ اَزْوَاجًا خَیْرًا مِّنْكُنَّ مُسْلِمٰتٍ مُّؤْمِنٰتٍ قٰنِتٰتٍ تٰٓىِٕبٰتٍ عٰبِدٰتٍ سٰٓىِٕحٰتٍ ثَیِّبٰتٍ وَّاَبْكَارًا ۟
තම නබිවරයාණන් ඔවුන්ව දික්කසාද කළේ නම් ඔවුනට වඩා යහපත්, තම නියෝගයට යටත් වන, තමන් හා තම නබිවරයාණන් විශ්වාස කරන, අල්ලාහ්ට යටත් වන, ඔවුන්ගේ පාපයන් වෙනුවෙන් පශ්චාත්තාප වන, ඔවුන්ගේ පරමාධිපතිට ගැතිකම් කරන, උපවාසයේ නිරත වන, පතිවත රකින කිසිවකු ඔවුන් ස්පර්ශ නොකළා වූ කන්යාවියන් ඔවුන් වෙනුවට පෙරළා දිය හැකිය. නමුත් එතුමා ඔවුන් එසේ දික්කසාද කළේ නැත.
അറബി തഫ്സീറുകൾ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا قُوْۤا اَنْفُسَكُمْ وَاَهْلِیْكُمْ نَارًا وَّقُوْدُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَیْهَا مَلٰٓىِٕكَةٌ غِلَاظٌ شِدَادٌ لَّا یَعْصُوْنَ اللّٰهَ مَاۤ اَمَرَهُمْ وَیَفْعَلُوْنَ مَا یُؤْمَرُوْنَ ۟
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ ක්රියාවට නංවන අයවලුනි!, නුඹලා වෙනුවෙන් හා නුඹලාගේ පවුල වෙනුවෙන් බිහිසුණු නිරා ගින්නෙන් ආරක්ෂාව සළසා ගනු. එය මිනිසුන් හා ගල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලැබේ. එම නිරා ගින්නට පිවිසෙන්නන් සමග දඩි ලෙස කටයුතු කරන දරුණු මලක්වරුන් වෙති. ඔවුනට අල්ලාහ් අණ කළ විට එම අණට අකීකරු නොවෙති. ඔහු කවර දෙයක් අණ කර සිටින්නේ ද කිසිදු ප්රමාදයකින් හෝ පසුබෑමකින් තොරව එය ඉටු කරති.
അറബി തഫ്സീറുകൾ:
یٰۤاَیُّهَا الَّذِیْنَ كَفَرُوْا لَا تَعْتَذِرُوا الْیَوْمَ ؕ— اِنَّمَا تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟۠
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දෙවියන් ප්රතික්ෂේප කළවුනට, "අහෝ අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුනි! නුඹලා කරමින් ආ දේව ප්රතික්ෂේපය හා පාපකම් සඳහා අද දින නිදහසට කරුණු නොදක්වනු. නුඹලාගේ නිදහසට කරුණු දැක්වීම පිළිගනු නොලබන්නේය. අද දින නුඹලාට ප්රතිඵල පිරිනමනුයේ මෙලොවෙහි අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් හා ඔහුගේ දූතයාණන්ව බොරු කරමින් නුඹලා සිදු කරමින් ආ කටයුතු සඳහා පමණය."
അറബി തഫ്സീറുകൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• مشروعية الكَفَّارة عن اليمين.
•දිවුරුම් සඳහා ප්රතිකර්මය ආගමානුගත කිරීම.

• بيان منزلة النبي صلى الله عليه وسلم عند ربه ودفاعه عنه.
•තම පරමාධිපති අබියස නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ නිලය පැහැදිලි කිරීම හා එතුමා කෙරෙහි වූ ඔහුගේ ආරක්ෂාව.

• من كرم المصطفى صلى الله عليه وسلم مع زوجاته أنه كان لا يستقصي في العتاب فكان يعرض عن بعض الأخطاء إبقاءً للمودة.
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් තම බිරින්දෑවරුන් සමග ගෞරවයෙන් යුතුව කටයුතු කිරීම. අවවාද කිරීමෙහි එතුමාණන් සීමාව ඉක්මවා කටයුතු කළේ නැත. තම ආදරය රඳවා ගනු වස් ඇතැම් වැරදි නො සළකා හැරියහ.

• مسؤولية المؤمن عن نفسه وعن أهله.
•දේව විශ්වාසියෙකු තමන් ගැන හා තම පවුල ගැන වග උත්තරකරුවකු වේ.

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا تُوْبُوْۤا اِلَی اللّٰهِ تَوْبَةً نَّصُوْحًا ؕ— عَسٰی رَبُّكُمْ اَنْ یُّكَفِّرَ عَنْكُمْ سَیِّاٰتِكُمْ وَیُدْخِلَكُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ۙ— یَوْمَ لَا یُخْزِی اللّٰهُ النَّبِیَّ وَالَّذِیْنَ اٰمَنُوْا مَعَهٗ ۚ— نُوْرُهُمْ یَسْعٰی بَیْنَ اَیْدِیْهِمْ وَبِاَیْمَانِهِمْ یَقُوْلُوْنَ رَبَّنَاۤ اَتْمِمْ لَنَا نُوْرَنَا وَاغْفِرْ لَنَا ۚ— اِنَّكَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ ක්රියාවට නංවන්නනි! නුඹලාගේ පාපකම් සඳහා අල්ලාහ් වෙත සැබෑ අයුරින් පශ්චාත්තාප වී යොමු වන්න. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ පාපකම් නුඹලාගෙන් පහ කරනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්වලට නුඹලා ව ඇතුළත් කරනු ඇත. එදින අල්ලාහ්, නබිවරයා හා එතුමා සමග සිටි දේව විශ්වාසී ජනයා නිරයට ඇතුළත් කිරීමෙන් ඔවුන් අපහාසයට පත් නොකරන දිනයකි. ඔවුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරියෙන් ද ඔවුන්ගේ දකුණු පසින් ද සිරාත් නම් පාළම මත සැරිසරයි. ඔවුහු: ‘අපගේ පරමාධිපතියාණෙනි, අපි ස්වර්ගයට පිවිසෙන තෙක් අපගේ ආලෝකය අප වෙනුවෙන් පූර්ණවත් කර දෙනු මැනව. සිරාත් පාළම මත තම ආලෝකය නිවාගන්නා කුහකයින් මෙන් අප නොවන්නෙමු. අපගේ පාපකම් සඳහා අපට සමාව දෙනු මැනව! සැබැවින්ම ඔබ සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. අපගේ ආලෝකය පූර්ණවත් කිරීමට හා අපගේ පාපයන් කමා කිරීමට ඔබ හැකියාව නොමැත්තෙකු නොවේ.
അറബി തഫ്സീറുകൾ:
یٰۤاَیُّهَا النَّبِیُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنٰفِقِیْنَ وَاغْلُظْ عَلَیْهِمْ ؕ— وَمَاْوٰىهُمْ جَهَنَّمُ ؕ— وَبِئْسَ الْمَصِیْرُ ۟
අහෝ දූතය, දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් සමග වචනයෙන් හා සීමාවන් පනවමින් සන්නද්ධ අරගලයක නිරත වනු. ඔවුන් ඔබට බිය වී යටත් වන තුරු ඔවුන් සමග දැඩිව කටයුතු කරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ලැඟුම් ගන්නට යන ස්ථානය නිරයයි. ඔවුන් කවර ස්ථානයකට හැරී යන්නේ ද ඔවුන්ගේ එම ස්ථානය නරකය.
അറബി തഫ്സീറുകൾ:
ضَرَبَ اللّٰهُ مَثَلًا لِّلَّذِیْنَ كَفَرُوا امْرَاَتَ نُوْحٍ وَّامْرَاَتَ لُوْطٍ ؕ— كَانَتَا تَحْتَ عَبْدَیْنِ مِنْ عِبَادِنَا صَالِحَیْنِ فَخَانَتٰهُمَا فَلَمْ یُغْنِیَا عَنْهُمَا مِنَ اللّٰهِ شَیْـًٔا وَّقِیْلَ ادْخُلَا النَّارَ مَعَ الدّٰخِلِیْنَ ۟
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුනට උපමාවක් වශයෙන් -දේව විශ්වාසීන් සමග සබැඳියාවක් තිබුණද එම තත්ත්වය ප්රයෝජනවත් නොවන- අල්ලාහ්ගේ නබිවරුන් දෙදෙනෙකුගේ බිරින්දෑවරු දෙදෙනෙක් උපමා වශයෙන් අල්ලාහ් ඉදිරිපත් කරයි. ඔවුන් දෙදෙනා දැහැමි ගැත්තන් දෙදෙනෙකුගේ බිරියන් දෙදෙනෙකු වූවෝය. නමුත් ඔවුන් දෙදෙනාගේ බිරියන් දෙදෙනා වංචා කළෝය. එය අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වැළැක්වීමෙන් හා දෙවියන් ප්රතික්ෂේප කරන ජනයාට උදව් කරන්නන් ලෙස සිටීමෙනි. ඔවුන් දෙදෙනා දැහැමි ගැත්තන් දෙදෙනෙකු සතු බිරියන් වීමෙන් ඔවුන් දෙදෙනාට කිසිදු ඵලක් නොවීය. ‘නුඹලා දෙදෙනා ද ප්රචණ්ඩකාරී දේව ප්රතික්ෂේපක පිරිස සමගම නිරයට ඇතුළු වනු’ යැයි ඔවුන් දෙදෙනාට පවසනු ලැබීය.
അറബി തഫ്സീറുകൾ:
وَضَرَبَ اللّٰهُ مَثَلًا لِّلَّذِیْنَ اٰمَنُوا امْرَاَتَ فِرْعَوْنَ ۘ— اِذْ قَالَتْ رَبِّ ابْنِ لِیْ عِنْدَكَ بَیْتًا فِی الْجَنَّةِ وَنَجِّنِیْ مِنْ فِرْعَوْنَ وَعَمَلِهٖ وَنَجِّنِیْ مِنَ الْقَوْمِ الظّٰلِمِیْنَ ۟ۙ
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කළවුන්, සත්යයේ ඍජුව සිටින තාක් කල් දේව ප්රතික්ෂේපකයින් සමග බැඳියාවන් පැවැත්වීම ඔවුනට හානිකර නොවන බවත්, ඔවුන් අතර බලපෑමක් ඇති නොවන බවත් පෙන්වා දෙමින් ෆිර්අවුන්ගේ බිරිය උදාහරණ ලෙස දක්වා ඇත. ඇය, "මාගේ පරමාධිපතියාණනි, ස්වර්ගයේ මා වෙනුවෙන් ඔබ අසළ නිවසක් තනා දෙනු මැනව. ෆිර්අවුන්ගේ ආධිපත්යයෙන් ද ඔහුගේ මැඩලීමෙන් ද ඔහුගේ නපුරු ක්රියාමාර්ගයෙන් ද මා නිදහස් කරනු මැනව. එමෙන්ම ඔහුගේ අපරාධ හා සීමාව ඉක්මවීමේ කටයුතුවලදී ඔහුව පිළිපදිමින් තමන්ටම අපරාධකර ගත් ජනයාගෙන්ද මා නිදහස් කරනු මැනව" යැයි පවසා සිටියාය.
അറബി തഫ്സീറുകൾ:
وَمَرْیَمَ ابْنَتَ عِمْرٰنَ الَّتِیْۤ اَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِیْهِ مِنْ رُّوْحِنَا وَصَدَّقَتْ بِكَلِمٰتِ رَبِّهَا وَكُتُبِهٖ وَكَانَتْ مِنَ الْقٰنِتِیْنَ ۟۠
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කළවුනට තම රහස්ය පෙදෙස දුරාචාරයෙන් ආරක්ෂා කරගත් ඉම්රාන්ගේ දියණිය වූ මරියම් තුමියගේ තත්ත්වය උදාහරණ ලෙස දක්වා ඇත. අල්ලාහ් ඇය තුළ පිඹින මෙන් ජිබ්රීල් තුමාට නියෝග කළේය. එවිට අල්ලාහ්ගේ බලයෙන් කිසිදු පියකුගෙන් තොරව මර්යම්ගේ පුත් ඊසාව ඇය ඉසිලුවාය. ඇය අල්ලාහ්ගේ පිළිවෙත් මෙන්ම ඔහුගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ ඔහුගේ ලේඛන සත්ය බව තහවුරු කළාය. ඇය අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට අවනත වන්නන් අතරින් වූවාය.
അറബി തഫ്സീറുകൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• التوبة النصوح سبب لكل خير.
•අවංක තව්බාව හෙවත් පශ්තාත්තාප වීම සියලු යහපත් කටයුතු සඳහා වූ සාධකයකි.

• في اقتران جهاد العلم والحجة وجهاد السيف دلالة على أهميتهما وأنه لا غنى عن أحدهما.
•තාර්කික හා බුද්ධිමය අරගලයත් ආයුධ සන්නද්ධ අරගලයත් එකට සම්බන්ධ කර පැවසීම තුළ ඒ දෙකෙහි වැදගත් කම පෙන්වා දෙන අතරම ඒ දෙකින් එකක් අනෙක් අවශ්යතාවෙන් තොර එකක් බවට පත් කරන බව පෙන්වා දෙයි.

• القرابة بسبب أو نسب لا تنفع صاحبها يوم القيامة إذا فرّق بينهما الدين.
•යම් හේතුවක් මත හෝ පරම්පරානු සම්බන්ධතාවක් මත වූ බැඳියාවන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, දහම බෙදා වෙන් කරන විට එහි පුද්ගලයාට කිසිදු ඵලක් ගෙන දෙන්නේ නැත.

• العفاف والبعد عن الريبة من صفات المؤمنات الصالحات.
•සැකයෙන් දුරස් වීම හා නිර්මල වීම දෙවියන් විශ්වාස කරන දැහැමියන්ගේ ගුණාංග අතුරිනි.

 
പരിഭാഷ അദ്ധ്യായം: ത്തഹ്രീം
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അവസാനിപ്പിക്കുക