Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: ഖമർ   ആയത്ത്:

අල් කමර්

സൂറത്തിൻ്റെ അവതരണ ലക്ഷ്യങ്ങളിൽ പെട്ടതാണ്:
التذكير بنعمة تيسير القرآن، وما فيه من الآيات والنذر.
අල් කුර්ආනය සරලවත් කිරීමේ ආශිර්වාදය හා එහි ඇති වදන් හා අවවාදයන් මෙනෙහි කිරීම.

اِقْتَرَبَتِ السَّاعَةُ وَانْشَقَّ الْقَمَرُ ۟
අවසන් හෝරාවෙහි පැමිණීම ළඟා වී ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ යුගයේ සඳු පැළී ගියේය. එය පැළී යාම එතුමාණන්ගේ භෞතික ප්රාතිහාර්යයන්ගෙන් එකක් විය.
അറബി തഫ്സീറുകൾ:
وَاِنْ یَّرَوْا اٰیَةً یُّعْرِضُوْا وَیَقُوْلُوْا سِحْرٌ مُّسْتَمِرٌّ ۟
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම) තුමාගේ සත්යභාවය සහතික කරන යම් සාක්ෂියක් හෝ සාධකයක් දෙවියන්ට ආදේශ කරන්නන් දුටුවේ නම් එය පිළිගැනීමට ප්රතික්ෂේප කරමින් ‘මෙම සාක්ෂි හා සාධක ව්යාජ මායාවක් වශයෙන් මිස අපි නොදකින්නෙමු’ යැයි පවසා සිටිති.
അറബി തഫ്സീറുകൾ:
وَكَذَّبُوْا وَاتَّبَعُوْۤا اَهْوَآءَهُمْ وَكُلُّ اَمْرٍ مُّسْتَقِرٌّ ۟
ඔවුන් වෙත පැමිණි සත්යය ඔවුන් බොරු කළෝය. ඔවුන් බොරු කිරීමෙහි ඔවුන්ගේ ආශාවන් ඔවුන් අනුගමනය කළෝය. යහපතක් හෝ අයහපතක් හෝ වේවා ඒ සෑම කටයුත්තක්ම එයට සුදුසු අයුරින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිදු වනු ඇත.
അറബി തഫ്സീറുകൾ:
وَلَقَدْ جَآءَهُمْ مِّنَ الْاَنْۢبَآءِ مَا فِیْهِ مُزْدَجَرٌ ۟ۙ
ඔවුන්ගේ දේව ප්රතික්ෂේපයෙන් හා අපාරාධයෙන් ඔවුන් වැළකී සිටීම සඳහා ප්රමාණවත් වන අයුරින් දේව ප්රතික්ෂේපය හා අසාධාරණකම් හේතුවෙන් අල්ලාහ් විනාශ කර දැමූ සමූහයන්ගේ තොරතුරු සැබැවින්ම ඔවුන් වෙත පැමිණියේය.
അറബി തഫ്സീറുകൾ:
حِكْمَةٌ بَالِغَةٌ فَمَا تُغْنِ النُّذُرُ ۟ۙ
ඔවුන් වෙත පැමිණි දෑහි ඔවුනට සාධක නිරූපණය කරනු පිණිස පූර්ණවත් ප්රඥාවක් විය. අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන ජනයාට අවවාදය ප්රයෝනවත් වන්නේ නැත.
അറബി തഫ്സീറുകൾ:
فَتَوَلَّ عَنْهُمْ ۘ— یَوْمَ یَدْعُ الدَّاعِ اِلٰی شَیْءٍ نُّكُرٍ ۟ۙ
ඔවුන් යහමග නොලැබුවේ නම්, අහෝ දූතය! නුඹ ඔවුන් අතහැර දමනු. මීට පෙර එවන් මැවීමක් නුඹ නොදැන සිටි බිහිසුණු කරුණක් සඳහා හොරණෑවෙහි පිඹීමට භාර කරන ලද මලක්වරයාව ඇරයුම් කරනු ලබන දිනය ගැන බලාපොරොත්තුවෙන්, නුඹ ඔවුන් නොසලකා හරිනු.
അറബി തഫ്സീറുകൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• عدم التأثر بالقرآن نذير شؤم.
•අල් කුර්ආනය තුළින් බලපෑමක් ඇති නොවීම අභාග්යවන්ත අවවාදයකි.

• خطر اتباع الهوى على النفس في الدنيا والآخرة.
•මෙලොව හා මතුලොව තම ආත්මාශාවන්ට අනුව අනුගමනය කිරීමේ වරද.

• عدم الاتعاظ بهلاك الأمم صفة من صفات الكفار.
•පෙර විසූ ජන සමූහයන්ගේ විනාශය තුළින් උපදෙස් නොලැබීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරින් එක් ගුණාංගයකි.

 
പരിഭാഷ അദ്ധ്യായം: ഖമർ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അവസാനിപ്പിക്കുക