Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: സ്സ്വാഫ്ഫാത്ത്   ആയത്ത്:
فَلَمَّاۤ اَسْلَمَا وَتَلَّهٗ لِلْجَبِیْنِ ۟ۚ
ඔවුන් දෙදෙනා අල්ලාහ්ට යටත් වී ඔහුට අවනත වූ කල්හි ඉබ්රාහීම් තම පුතණුවන් සිඳලීමේ නියෝගය ක්රියාත්මක කිරීම සඳහා ඔහුගේ නළල මත (මුණින්) තැබුවේය.
അറബി തഫ്സീറുകൾ:
وَنَادَیْنٰهُ اَنْ یّٰۤاِبْرٰهِیْمُ ۟ۙ
අල්ලාහ්ගේ නියෝගය ක්රියාත්මක කිරීමට තම පුතණුවන් සිඳළීමට උත්සාහ කරමින් සිටිය දී අපි ඉබ්රාහීම්ට ‘අහෝ ඉබ්රාහීම්!’ යැයි ඇමතුවෙමු.
അറബി തഫ്സീറുകൾ:
قَدْ صَدَّقْتَ الرُّءْیَا ۚ— اِنَّا كَذٰلِكَ نَجْزِی الْمُحْسِنِیْنَ ۟
නුඹේ දරුවා සිඳලීමට ස්ථීර කර ගනිමින් නින්දෙහි දුටු එම සිහිනය තහවුරු කළෙහිය. මෙම බරපතල පරිහානියෙන් නුඹ ව මුදවා ගෙන නුඹට අපි ප්රතිඵල පිරිනැමුවාක් මෙන් දැහැමියන්ටත් ප්රතිඵල පිරිනමා ඔවුන්ව ද දුෂ්කරතා හා හානියෙන් අපි මුදවා ගන්නෙමු.
അറബി തഫ്സീറുകൾ:
اِنَّ هٰذَا لَهُوَ الْبَلٰٓؤُا الْمُبِیْنُ ۟
සැබවින්ම මෙය පැහැදිලි පරීක්ෂණයක්මය. එහිදී ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා සමත් විය.
അറബി തഫ്സീറുകൾ:
وَفَدَیْنٰهُ بِذِبْحٍ عَظِیْمٍ ۟
ඉස්මාඊල් සිඳලීම වෙනුවට ඇප වශයෙන් විශාල බැටලුවෙකු පිරිනැමුවෙමු.
അറബി തഫ്സീറുകൾ:
وَتَرَكْنَا عَلَیْهِ فِی الْاٰخِرِیْنَ ۟ؗ
පසු සේන්දු වන සමූහයන් අතර යහපත් පැසසුමක් අගය කිරීමක් ඉබ්රාහීම්ට අපි ඉතිරි කළෙමු.
അറബി തഫ്സീറുകൾ:
سَلٰمٌ عَلٰۤی اِبْرٰهِیْمَ ۟
ඔහු සඳහා අල්ලාහ්ගෙන් වූ සුබ පැතුමකි. සියලුම උවදුරු හා හානියෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ප්රාර්ථනාවකි.
അറബി തഫ്സീറുകൾ:
كَذٰلِكَ نَجْزِی الْمُحْسِنِیْنَ ۟
ඉබ්රාහීම්ගේ අවනතවීම හේතුවෙන් අප ඔහුට මෙවන් ප්රතිඵල පිරිනැමුවාක් මෙන් දැහැමියන්ටත් ප්රතිඵල පිරිනමමු.
അറബി തഫ്സീറുകൾ:
اِنَّهٗ مِنْ عِبَادِنَا الْمُؤْمِنِیْنَ ۟
සැබවින්ම ඉබ්රාහීම් අල්ලාහ්ට අවශ්යයෙන්ම ගැතිකම් කළ දේව විශ්වාසී අපගේ ගැත්තන් අතරින් කෙනෙකි.
അറബി തഫ്സീറുകൾ:
وَبَشَّرْنٰهُ بِاِسْحٰقَ نَبِیًّا مِّنَ الصّٰلِحِیْنَ ۟
දැහැමි ගැත්තෙකු හා නබිවරයකු ලෙස පත්වන්නට යන තවත් දරුවකු පිළිබඳ අපි ඔහුට සුබාරංචි දන්වා සිටියෙමු. ඔහු ඉස්හාක් ය. එය ඔහුගේ එකම දරුවා වූ ඉස්මාඊල් සිඳලීමෙහි දී ඔහු අල්ලාහ්ට යටත් වීම වෙනුවෙන් පිරිනමනු ලබන ප්රතිඵලයක් ලෙසිනි.
അറബി തഫ്സീറുകൾ:
وَبٰرَكْنَا عَلَیْهِ وَعَلٰۤی اِسْحٰقَ ؕ— وَمِنْ ذُرِّیَّتِهِمَا مُحْسِنٌ وَّظَالِمٌ لِّنَفْسِهٖ مُبِیْنٌ ۟۠
ඔහු මත හා ඔහුගේ පුත් ඉස්හාක් මත අපගෙන් වූ සමෘද්ධිය අපි පහළ කළෙමු. ඔවුන් දෙදෙනාට ආශිර්වාද බොහෝමයක් පිරිනැමුවෙමු. ඔවුන් දෙදෙනාට දරුවන් අධික කර දුන්නෙමු. ඔවුන් දෙදෙනාගේ පරම්පරාවෙන් තම පරමාධිපතිට යටහත් වන දැහැමියන් වෙති. එමෙන්ම දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කිරීම නිසා පැහැදිලි ලෙස අපරාධ කළ අපරාධකරුවන් ද වෙති.
അറബി തഫ്സീറുകൾ:
وَلَقَدْ مَنَنَّا عَلٰی مُوْسٰی وَهٰرُوْنَ ۟ۚ
සැබැවින්ම අපි මූසා හා ඔහුගේ සහෝදර හාරූන්ට නබිත්වය පිරිනැමුවෙමු.
അറബി തഫ്സീറുകൾ:
وَنَجَّیْنٰهُمَا وَقَوْمَهُمَا مِنَ الْكَرْبِ الْعَظِیْمِ ۟ۚ
ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ ජනයා වූ ඉස්රාඊල් දරුවන්, ෆිර්අවුන්ගේ වහල් භාවයෙන් හා ඔවුන් දියේ ගිලීමෙන් අපි ආරක්ෂා කළෙමු.
അറബി തഫ്സീറുകൾ:
وَنَصَرْنٰهُمْ فَكَانُوْا هُمُ الْغٰلِبِیْنَ ۟ۚ
ෆිර්අවුන් හා ඔහුගේ සේනාවට එරෙහි ව අපි ඔවුනට උදව් කළෙමු. ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ඔවුනට ජය අත් විය.
അറബി തഫ്സീറുകൾ:
وَاٰتَیْنٰهُمَا الْكِتٰبَ الْمُسْتَبِیْنَ ۟ۚ
එහි කිසිදු මුසුවක් නොමැති අල්ලාහ්ගෙන් වූ පැහැදිළි දිව්ය පුස්තකය වන තව්රාතය (තෝරාව) මූසා හා ඔහුගේ සහෝදර හාරූන්ට අපි පිරිනැමුවෙමු.
അറബി തഫ്സീറുകൾ:
وَهَدَیْنٰهُمَا الصِّرَاطَ الْمُسْتَقِیْمَ ۟ۚ
කිසිදු ඇදයක් නොමැති ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට අපි මඟ පෙන්වූයෙමු. එය සුවිශුද්ධයාණන් මැවුම්කරුගේ තෘප්තිය වෙත ළඟා කරවන ඉස්ලාමීය දහම් මාර්ගයයි.
അറബി തഫ്സീറുകൾ:
وَتَرَكْنَا عَلَیْهِمَا فِی الْاٰخِرِیْنَ ۟ۙۖ
පසු පැමිණෙන සමූහයන් අතර ඔවුන් දෙදෙනා මත දැහැමි ප්රශංසාවක් හා යහපත් මෙනෙහි කිරීමක් අපි ඉතිරි කළෙමු.
അറബി തഫ്സീറുകൾ:
سَلٰمٌ عَلٰی مُوْسٰی وَهٰرُوْنَ ۟
ඔවුන් දෙදෙනාට අල්ලාහ්ගෙන් වූ දැහැමි සුබ පැතුමකි. ඔවුන් දෙදෙනාට ප්රශංසාවකි. සියලු පිළිකුල් සහගත දැයින් ආරක්ෂාවකි.
അറബി തഫ്സീറുകൾ:
اِنَّا كَذٰلِكَ نَجْزِی الْمُحْسِنِیْنَ ۟
සැබවින්ම අපි මූසා හා හාරූන්හට මෙවන් දැහැමි ප්රතිඵල පිරිනැමුවාක් සේම ඔවුන්ගේ පරමාධිපතිට යටහත් වන දැහැමියන්ටත් ප්රතිඵල පිරිනමන්නෙමු.
അറബി തഫ്സീറുകൾ:
اِنَّهُمَا مِنْ عِبَادِنَا الْمُؤْمِنِیْنَ ۟
සැබවින්ම මූසා හා හාරූන් ඔවුනට දහම්ගත කරනු ලැබූ දෑ පිළිපදින අල්ලාහ්ව විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් වූහ.
അറബി തഫ്സീറുകൾ:
وَاِنَّ اِلْیَاسَ لَمِنَ الْمُرْسَلِیْنَ ۟ؕ
සැබැවින්ම ඉල්යාස් ඔහුගේ පරමාධිපති විසින් එවන ලද දහම් දූතවරුන් අතරින් විය. අල්ලාහ් ඔහුට නබිත්වය හා දූත මෙහෙවර ආශිර්වාද කළේය.
അറബി തഫ്സീറുകൾ:
اِذْ قَالَ لِقَوْمِهٖۤ اَلَا تَتَّقُوْنَ ۟
ඉස්රාඊල් දරුවන් අතරින් ඔවුන් වෙත ඔහු ව එවන ලද ඔහුගේ ජනයාට, "අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් - ඒ අතරින් එකකි දේවත්වය.- ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් - ඒ අතරින් එකකි ඔහුට ආදේශ තැබීම - ඔහුට බියබැතිමත් විය යුතු නොවේ ද? පැවසුවේය.
അറബി തഫ്സീറുകൾ:
اَتَدْعُوْنَ بَعْلًا وَّتَذَرُوْنَ اَحْسَنَ الْخَالِقِیْنَ ۟ۙ
විශිෂ්ටතම මැවුම්කරුවාණන් වන අල්ලාහ්ට නැමදුම් කිරීම අතහැර දමා නුඹලා ඔහු හැර නුඹලාගේ බඃල් නම් පිළිමයට නැමදුම් කරන්නෙහු ද?
അറബി തഫ്സീറുകൾ:
اللّٰهَ رَبَّكُمْ وَرَبَّ اٰبَآىِٕكُمُ الْاَوَّلِیْنَ ۟
අල්ලාහ් වන ඔහු නුඹලා ව මැවූ, ඊට පෙර නුඹලාගේ මුතුන් මිත්තන් මැවූ, නුඹලාගේ පරමාධිපතිය. නැමදුම් ලබන්නට සුදුස්සා ඔහු පමණය. ඔහු හැර කිසිදු සෙතක් හෝ විපාකයක් හෝ සිදු කළ නොහැකි වෙනත් සෙසු පිළිම නොවේ.
അറബി തഫ്സീറുകൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• قوله: ﴿فَلَمَّآ أَسْلَمَا﴾ دليل على أن إبراهيم وإسماعيل عليهما السلام كانا في غاية التسليم لأمر الله تعالى.
•‘ඔවුන් දෙදෙනා යටහත් වූ කල්හි’ යන අල්ලාහ්ගේ ප්රකාශය සැබැවින්ම ඉබ්රාහීම් හා ඉස්මාඊල් (අලයිහිමස් සලාම්) යන දෙදෙනා අල්ලාහ්ගේ නියෝගයට උපරිමයෙන්ම යටත් වී ඇති බව පෙන්වා දෙයි.

• من مقاصد الشرع تحرير العباد من عبودية البشر.
•දහමේ ප්රධානතම අරමුණු අතරින් එකක් වනුයේ ගැත්තන් මිනිස් නැමදුමින් නිදහස් කිරීමය.

• الثناء الحسن والذكر الطيب من النعيم المعجل في الدنيا.
•යහපත් ප්රශංසාව හා දැහැමි මෙනෙහි කිරීම මෙලොවෙහි පෙරාතුවම පිරිනමනු ලබන ආශිර්වාද අතරින් වේ.

 
പരിഭാഷ അദ്ധ്യായം: സ്സ്വാഫ്ഫാത്ത്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അവസാനിപ്പിക്കുക