Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: ഖസസ്   ആയത്ത്:
وَلَقَدْ وَصَّلْنَا لَهُمُ الْقَوْلَ لَعَلَّهُمْ یَتَذَكَّرُوْنَ ۟ؕ
පෙර විසූ සමූහයන් පිළිබඳ විස්තර හා ඔවුන් අපගේ දූතවරුන් බොරු කළ බැවින් ඔවුනට අත් වූ දඬුවම් ගැන ඉස්රාඊල් දරුවන් අතර සිටි යුදෙව්වන් හා දේව ආදේශකයින්හට කියා පාමින් සැබවින්ම අපි ඉදිරිපත් කළෙමු. එය ඔවුනට අත් වූ විපාකය මෙන් මොවුනට අත් නොවී මොවුන් ඒ ගැන පාඩම් ලබා, එය විශ්වාස කිරීමේ අපේක්ෂාවෙනි.
അറബി തഫ്സീറുകൾ:
اَلَّذِیْنَ اٰتَیْنٰهُمُ الْكِتٰبَ مِنْ قَبْلِهٖ هُمْ بِهٖ یُؤْمِنُوْنَ ۟
අල් කුර්ආනය පහළ වීමට පෙර තව්රාතය පිළිබඳ වූ විශ්වාසය මත රැඳි සිටියවුන් වනාහි, ඔවුන්ගේ එම පුස්තකයේ අල් කුර්ආනය පිළිබඳ තොරතුරු හා විස්තර ඔවුන් දැක ගන්නා බැවින් ඔවුන් අල් කුර්ආනය විශ්වාස කරන්නෝ වෙති.
അറബി തഫ്സീറുകൾ:
وَاِذَا یُتْلٰی عَلَیْهِمْ قَالُوْۤا اٰمَنَّا بِهٖۤ اِنَّهُ الْحَقُّ مِنْ رَّبِّنَاۤ اِنَّا كُنَّا مِنْ قَبْلِهٖ مُسْلِمِیْنَ ۟
ඔවුන් වෙත (මෙම ග්රන්ථය) කියවා පෙන්වනු ලබන විට ඔවුහු "අපි ඒ ගැන විශ්වාස කළෙමු. සැබවින්ම එය සත්යයකි. එහි කිසිදු සැකයක් නැත. අපගේ පරමාධිපතිගෙන් පහළ වූවකි. සැබවින්ම මෙම අල් කුර්ආනයට පෙර සිටම ඊට පෙර දූතවරුන් කවර කරුණක් ගෙන ආවේ ද එය අප විශ්වාස කර සිටීම හේතුවෙන් අපි මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) ලෙස සිටියෙමු.
അറബി തഫ്സീറുകൾ:
اُولٰٓىِٕكَ یُؤْتَوْنَ اَجْرَهُمْ مَّرَّتَیْنِ بِمَا صَبَرُوْا وَیَدْرَءُوْنَ بِالْحَسَنَةِ السَّیِّئَةَ وَمِمَّا رَزَقْنٰهُمْ یُنْفِقُوْنَ ۟
සඳහන් කරනු ලැබූ පරිදි වර්ණනා කරනු ලැබූවන් වනාහි, ඔවුන්ගේ පුස්තකය විශ්වාස කිරීමෙහි ඔවුන් ඉවසීමෙන් රැඳී සිටි බැවින් ද, මුහම්මද් (සල්ලල්ලාහු අලයිහ් වසල්ලම්) තුමාණන් ව එවනු ලැබූ අවස්ථාවෙහි එතුමා ව ඔවුන් විශ්වාස කර සිටි බැවින් ද ඔවුන්ගේ ක්රියාවන්හි ප්රතිඵල දෙමුරයක් අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. ඔවුන්ගේ ක්රියාවන්හි දැහැමිකම් හේතුවෙන් ඔවුන් පාපය ඉපැයීමෙන් වැළකී සිටිති. අපි ඔවුනට පෝෂණය කළ දැයින් යහපත් කටයුතුවල ඔවුහු වියදම් කරති.
അറബി തഫ്സീറുകൾ:
وَاِذَا سَمِعُوا اللَّغْوَ اَعْرَضُوْا عَنْهُ وَقَالُوْا لَنَاۤ اَعْمَالُنَا وَلَكُمْ اَعْمَالُكُمْ ؗ— سَلٰمٌ عَلَیْكُمْ ؗ— لَا نَبْتَغِی الْجٰهِلِیْنَ ۟
ආගම් ලත් ජනයා අතරින් වූ මෙම විශ්වාසීන් අසත්ය ප්රකාශයකට සවන් දුන් විට, ඒ දෙස හැරී නොබලාම එය පිටුදකිති. ඔවුහු එයට අදාළ පිරිසට කතා කරමින් "අපට අපගේ ක්රියාවන් සඳහා වූ ප්රතිඵල ඇත. නුඹලාට නුඹලාගේ ක්රියාවන් සඳහා වූ ප්රතිඵල ඇත. දොස් නැගීමෙන් හා හිංසා කිරීමෙන් නුඹලා අපෙන් ආරක්ෂාව ලැබුවෙහුය. දහමට හා මෙලොවට හිංසා පීඩා ඇති බැවින් අඥාන ජනයා සමග මිත්රකම්පෑමට අපට අවශ්ය වන්නේ නැත." යැයි පැවසූහ.
അറബി തഫ്സീറുകൾ:
اِنَّكَ لَا تَهْدِیْ مَنْ اَحْبَبْتَ وَلٰكِنَّ اللّٰهَ یَهْدِیْ مَنْ یَّشَآءُ ۚ— وَهُوَ اَعْلَمُ بِالْمُهْتَدِیْنَ ۟
අහෝ දූතය! සැබවින් නුඹ ප්රිය කරන අබූතාලිබ් හා වෙනත් අය මෙන් කිසිවෙකුට දේව විශ්වාසය වෙත ආශිර්වාද කරමින්, යහ මග පෙන්වීමට නුඹට නොහැක. නමුත් තමන් යහ මග අභිමත කරන්නන්හට ආශිර්වාද කරනුයේ අල්ලාහ් වන ඔහු පමණය. සැබවින්ම යමෙකු ඍජු මාර්ගය වෙත මග පෙන්වනු ලැබූවන් අතරින් යැයි ඔහුගේ පූර්ව දැනුමෙහි ඇත්තන් පිළිබඳ ඔහු මැනවින් දන්නාය.
അറബി തഫ്സീറുകൾ:
وَقَالُوْۤا اِنْ نَّتَّبِعِ الْهُدٰی مَعَكَ نُتَخَطَّفْ مِنْ اَرْضِنَا ؕ— اَوَلَمْ نُمَكِّنْ لَّهُمْ حَرَمًا اٰمِنًا یُّجْبٰۤی اِلَیْهِ ثَمَرٰتُ كُلِّ شَیْءٍ رِّزْقًا مِّنْ لَّدُنَّا وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟
ඉස්ලාමය පිළිපැදීම හා එය විශ්වාස කිරීම සඳහා නිදහසට කරුණු දක්වමින් මක්කාවාසීන් අතර සිටින දේව ආදේශකයින් මෙසේ පවසා සිටියහ. "නුඹ කවර කරුණක් ගෙන ආවෙහි ද එම ඉස්ලාමය අපි අනුගමනය කළේ නම් අපගේ සතුරන් අප ව මෙම භූමියෙන් ඉතා ඉක්මණින් ඉවත් කරනු ඇත."අපරාධ කිරීමට හෝ ජීවිත විනාශ කිරීමට හෝ තහනම් කරන ලද මෙම හරම් සීමාවෙහි, මෙම දේව ආදේශකයින්ට අපි ඉඩ සලසා නොදුන්නෙමු ද? ඔවුන් කෙරෙහි වෙනත් අය වැටලීමෙන් එහි ඔවුන් සුරක්ෂිත ව ගත කළෝය. අප වෙතින් ඔවුනට සපයන පෝෂණ සම්පත් වශයෙන් සෑම පලතුරක්ම ඒ වෙත ගෙන දෙන ලදී. නමුත් ඔවුන් කෙරෙහි අල්ලාහ් ආශිර්වාද කර ඇති දෑ පිළිබඳ ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති. එමෙන්ම ඒ සඳහා ඔවුහු ඔහුට කෘතඥ නොවෙති.
അറബി തഫ്സീറുകൾ:
وَكَمْ اَهْلَكْنَا مِنْ قَرْیَةٍ بَطِرَتْ مَعِیْشَتَهَا ۚ— فَتِلْكَ مَسٰكِنُهُمْ لَمْ تُسْكَنْ مِّنْ بَعْدِهِمْ اِلَّا قَلِیْلًا ؕ— وَكُنَّا نَحْنُ الْوٰرِثِیْنَ ۟
අල්ලාහ්ගේ ආශිර්වාද ප්රතික්ෂේප කොට, පාපකම්හි හා අපරාධ වල ඉක්මවා ගිය ගම්මාන කොපමණ අධික සංඛ්යාවක් වීද? එවිට අපි ඒ වෙත දඬුවමක් එවා එමගින් ඒවා විනාශ කළෙමු. ඔවුන්ගේ පාළු වී ගිය එම වාසස්ථාන මත මිනිසුන් ගමන් කරති. එම වැසියන්ට පසු ව එහි වාසය කළේ එය තරණය කළ ස්වල්ප දෙනෙකු පමණි. අහස්හි හා මහ පොළොවෙහි ද ඒ දෙක අතර සිටින ජීවීන්ගේ ද උරුමක්කරුවන් වන්නේ අපි වෙමු.
അറബി തഫ്സീറുകൾ:
وَمَا كَانَ رَبُّكَ مُهْلِكَ الْقُرٰی حَتّٰی یَبْعَثَ فِیْۤ اُمِّهَا رَسُوْلًا یَّتْلُوْا عَلَیْهِمْ اٰیٰتِنَا ۚ— وَمَا كُنَّا مُهْلِكِی الْقُرٰۤی اِلَّا وَاَهْلُهَا ظٰلِمُوْنَ ۟
අහෝ දූතය! මව් නගරය වන මක්කාවට නුඹ ව දූතයකු ලෙස එවනු ලැබූවාක් මෙන්, ගම්මාන වැසියන් අතරින් එහි ප්රධාන නගරය වෙත ඔවුන් නිදහසට කරුණු දැක්විය හැකි පිරිදි දූතයකු එවන තුරු එම ගම්මානය විනාශ කිරීමට නුඹේ පරමාධිපතිට යුතු නොවීය. ගම්මාන වැසියන් සත්යය මත ස්ථාවර ව සිටියදී අපි ඔවුන් විනාශ කරන්නට නොවීමු. සැබවින්ම අපි ඔවුන් විනාශ කරනුයේ ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කරමින් අපරාධකරුවන් ලෙස සිටියේ නම් පමණි.
അറബി തഫ്സീറുകൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• فضل من آمن من أهل الكتاب بالنبي محمد صلى الله عليه وسلم، وأن له أجرين.
•ආගම් ලත් ජනයා අතරින් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විශ්වාස කළවුන් සතු මහිමය. සැබවින්ම එවැන්නන්හට කුසල් දෙකක් හිමි වනු ඇත.

• هداية التوفيق بيد الله لا بيد غيره من الرسل وغيرهم.
•යහ මග ආශිර්වාද කිරීම අල්ලාහ් සතු දෙයකි. එය දූතවරුන් හා වෙනත් අයගේ දෑතෙහි නැත.

• اتباع الحق وسيلة للأمن لا مَبْعث على الخوف كما يدعي المشركون.
•අරාක්ෂාව සඳහා සත්යය අනුගමනය කිරීම. දේව ආදේශකයින් වාද කරන පරිදි එය බියවීමට හේතුවක් නොවේ.

• خطر الترف على الفرد والمجتمع.
•පුද්ගලයා මත හෝ සමාජය මත සුඛෝපභෝගී තත්ත්වයන් ඇති වීමේ අවදානම.

• من رحمة الله أنه لا يهلك الناس إلا بعد الإعذار إليهم بإرسال الرسل.
•මිනිසුන් වෙත දූතවරුන් එවීමෙන් ඔවුන් සඳහා නිදහසට කරුණු දැක්වීමෙන් පසු ව මිස ඔවුන් විනාශ නොකර සිටීම අල්ලාහ්ගේ දයාවක් විය.

 
പരിഭാഷ അദ്ധ്യായം: ഖസസ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അവസാനിപ്പിക്കുക