Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: ആദിയാത്ത്   ആയത്ത്:

අල් ආදියා

സൂറത്തിൻ്റെ അവതരണ ലക്ഷ്യങ്ങളിൽ പെട്ടതാണ്:
تحذير الإنسان من الجحود والطمع بتذكيره بالآخرة.
පරමාන්ත දිනය මිනිසාට මෙනෙහි කිරීමෙන් තන්හාව හා ගුණමකුකම පිළිබඳ ඔහුට අනතුරු ඇඟවීම.

وَالْعٰدِیٰتِ ضَبْحًا ۟ۙ
වේගවත් බව හේතුවෙන් උන් හති දමන හඬ ඇසෙන තරමට දිව යන අශ්වයින් මත දිවුරමින්ද...
അറബി തഫ്സീറുകൾ:
فَالْمُوْرِیٰتِ قَدْحًا ۟ۙ
දිව යන විට උන්ගේ කුර බලවත් ලෙස ගල්වල ගැටීමෙන් ගිනි පුපුරු නංවන අශ්වයින් මත දිවුරමින්ද...
അറബി തഫ്സീറുകൾ:
فَالْمُغِیْرٰتِ صُبْحًا ۟ۙ
අලුයම් කාලයෙහි සතුරන් වෙත කඩා පනින අශ්වයින් මත දිවුරමින්ද ...
അറബി തഫ്സീറുകൾ:
فَاَثَرْنَ بِهٖ نَقْعًا ۟ۙ
එසේ දිව යන විට උන් දූවිලි අවුස්සාලයි.
അറബി തഫ്സീറുകൾ:
فَوَسَطْنَ بِهٖ جَمْعًا ۟ۙ
අශ්වාරෝහකයින් සමඟ කණ්ඩායම් වශයෙන් සතුරන් මැදට කඩා පනියි.
അറബി തഫ്സീറുകൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• خشية الله سبب في رضاه عن عبده.
• මැවීම් අතුරින් වඩාත් නරකම මැවීම වනුයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ය. එමෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් උතුම් වූ අය වෙති.

• شهادة الأرض على أعمال بني آدم.
• අල්ලාහ් පිළිබඳ බියෙන් පසුවීම ඔහු තම ගැත්තා පිළිබඳ තෘප්තියට පත්වීමේ සාධකයකි.

• الكفار شرّ الخليقة، والمؤمنون خيرها.
•ආදම්ගේ දරුවන්ගේ ක්රියාවන් සඳහා මහපොළොව සාක්ෂි දැරීම.

اِنَّ الْاِنْسَانَ لِرَبِّهٖ لَكَنُوْدٌ ۟ۚ
මෙසේ අශ්වයින් මත දිවුරා සැබැවින්ම මිනිසා තම පරමාධිපති බලාපොරොත්තුවන අයුරින් තමන් කළ යුතුව ඇති යහපත් දෑ නොකොට ඉන් වැළකී සිටින බව අවධාරණය කරයි.
അറബി തഫ്സീറുകൾ:
وَاِنَّهٗ عَلٰی ذٰلِكَ لَشَهِیْدٌ ۟ۚ
එසේ යහපත් දෑ සිදුකිරීමෙන් වැළකී සිටින ඔහුම එයට සාක්ෂිකරුවකි. එය පැහැදිළි කරන විට එය ප්රතික්ෂේප කරන්නට ඔහුට හැකියාවක් නොලැබෙන්නේය.
അറബി തഫ്സീറുകൾ:
وَاِنَّهٗ لِحُبِّ الْخَیْرِ لَشَدِیْدٌ ۟ؕ
සැබැවින්ම ඔහු ධනයට කෑදරය. මසුරුය.
അറബി തഫ്സീറുകൾ:
اَفَلَا یَعْلَمُ اِذَا بُعْثِرَ مَا فِی الْقُبُوْرِ ۟ۙ
විනිශ්චය සඳහාත් ප්රතිඵල පිරිනැමීම සඳහාත් මියගිය ඇත්තන් මිනීවළවල් වලින් යළි අවදිකරවා මහපොළොවෙන් ඉවතට ගන්නා විට ඔවුන් කල්පනය කරන්නාක් මෙන් එම විෂය නොපවතිනු ඇතැයි මෙළොව ජීවිතය තෝරාගත් අය වටහා නොගන්නේ මන්ද?
അറബി തഫ്സീറുകൾ:
وَحُصِّلَ مَا فِی الصُّدُوْرِ ۟ۙ
සිත් තුළ ඇති කරගත් ඔහුගේ සිතුවිලි, විශ්වාසයන් හා වෙනත් දෑ පැහැදිළි කරනු ලැබ, ඒවා එළියට ගෙන එනු ලැබේ.
അറബി തഫ്സീറുകൾ:
اِنَّ رَبَّهُمْ بِهِمْ یَوْمَىِٕذٍ لَّخَبِیْرٌ ۟۠
සැබැවින්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ සියලු තොරතුරු මැනවින් දැන සිටියි. ඔහුගේ ගැත්තන්ගේ කිසිදු කරුණක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ අනුව ඔහු ඔවුනට ප්ර්තිඵල පිරිනමනු ඇත.
അറബി തഫ്സീറുകൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• خطر التفاخر والتباهي بالأموال والأولاد.
• දරුවන් හා සම්පත් හේතුවෙන් පුරසාරම් දෙඩීමේ හා අහංකාරකමේ ඇති භයානකත්වය.

• القبر مكان زيارة سرعان ما ينتقل منه الناس إلى الدار الآخرة.
• කබ්ර් හෙවත් මිනීවල, ජනයා ඉතා ඉක්මණින් මතුලොව වෙත පෙරළා එය මුණ ගස්වන ස්ථානයකි.

• يوم القيامة يُسْأل الناس عن النعيم الذي أنعم به الله عليهم في الدنيا.
• මෙලොවෙහි මිනිසාට කවර කරුණක් අල්ලාහ් දායාද කර තිබුණේද ඒ සියලුම ආශිර්වාද පිළිබඳ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහුගෙන් ප්රශ්න කරනු ලබනු ඇත.

• الإنسان مجبول على حب المال.
• මිනිසාව ධනයට ඇලුම් කරන ස්වභාවයෙන් මවනු ලැබ ඇත.

 
പരിഭാഷ അദ്ധ്യായം: ആദിയാത്ത്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അവസാനിപ്പിക്കുക