Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: യൂനുസ്   ആയത്ത്:
اَلَاۤ اِنَّ اَوْلِیَآءَ اللّٰهِ لَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟ۚ
දැනගනු! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇතිවන අර්බුධයන් හමුවේ සැබැවින්ම අල්ලාහ්ගේ සමීප මිතුරන්හට කිසිදු බියක් නැත. ඔවුනට මග හැරුණු මොලොවෙහි කොටස් පිළිබඳ ඔවුන් දුකට පත් වන්නේද නැත.
അറബി തഫ്സീറുകൾ:
الَّذِیْنَ اٰمَنُوْا وَكَانُوْا یَتَّقُوْنَ ۟ؕ
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ගැන විශ්වාස කිරීම සම්බන්ධයෙන් වර්ණනා කරනු ලැබූ අල්ලාහ්ගේ සමීපතයින් වනාහි, අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන්නෝ වූහ.
അറബി തഫ്സീറുകൾ:
لَهُمُ الْبُشْرٰی فِی الْحَیٰوةِ الدُّنْیَا وَفِی الْاٰخِرَةِ ؕ— لَا تَبْدِیْلَ لِكَلِمٰتِ اللّٰهِ ؕ— ذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِیْمُ ۟ؕ
දැහැමි සිහින දැකීමෙන් හෝ ජනයා ඔවුන් පැසසුමට ලක් කිරීමෙන් හෝ ඔවුන්ගේ පරමාධිපති විසින් ඔවුන් සතුටු වන සුබාසිරි ඔවුනට මෙලොවෙහි ඇත. එමෙන්ම ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගන්නා විට ද, මිය ගිය පසු ද, එක්රැස් කරන විට ද මලක්වරුන්ගේ සුබාසිරි ද ඔවුනට ඇත. අල්ලාහ් කවර දෙයක් ඔවුනට ප්රතිඥා දුන්නේ ද එහි කිසිදු වෙනසක් ඇති වන්නේ නැත. එම ප්රතිඵලය මහත් වූ ජයග්රහණයයි. එය ඔවුන් පතන දෑ ඔවුනට එහි ඇති බැවින් හා බියෙන් ඔවුන් මිදී සිටින බැවිණි.
അറബി തഫ്സീറുകൾ:
وَلَا یَحْزُنْكَ قَوْلُهُمْ ۘ— اِنَّ الْعِزَّةَ لِلّٰهِ جَمِیْعًا ؕ— هُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
අහෝ දූතය! ඔබේ දහම සම්බන්ධයෙන් මොවුන් නගන දොස් හා චෝදනාවන් ගැන ඔබ දුක් නොවනු. සැබැවින්ම යටත් කිරීම හා ජය යන සියල්ල අල්ලාහ් සතුය. කිසිවෙක් ඔහු අබිබවා යා නොහැක. ඔහු ඔවුන්ගේ ප්රකාශවලට මැනවින් සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
അറബി തഫ്സീറുകൾ:
اَلَاۤ اِنَّ لِلّٰهِ مَنْ فِی السَّمٰوٰتِ وَمَنْ فِی الْاَرْضِ ؕ— وَمَا یَتَّبِعُ الَّذِیْنَ یَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ شُرَكَآءَ ؕ— اِنْ یَّتَّبِعُوْنَ اِلَّا الظَّنَّ وَاِنْ هُمْ اِلَّا یَخْرُصُوْنَ ۟
අහස්හි ආධිපත්යය හා මහපොළොවෙහි ආධිපත්යය අල්ලාහ්ට පමණක් සතු බව දැනගනු. අල්ලාහ්ගෙන් තොර ව ඔහු සම කරන්නන්හට වැඳුම් පිඳුම් කරන ආදේශකයින් පිළිපදිනුයේ කවර කරුණක් ද? ඔවුන් යථාර්ථයෙන්ම සැකය මිස අනුගමනය නොකරති. ඔවුන් අල්ලාහ් වෙත හවුල්කරුවන් සම්බන්ධ කරමින් බොරු පවසනවාක් මිස නැත. ඔවුන් කරන ප්රකශයෙන් අල්ලාහ් අති උත්තරීතරය.
അറബി തഫ്സീറുകൾ:
هُوَ الَّذِیْ جَعَلَ لَكُمُ الَّیْلَ لِتَسْكُنُوْا فِیْهِ وَالنَّهَارَ مُبْصِرًا ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّسْمَعُوْنَ ۟
අහෝ ජනයිනි! වෙහෙස මහන්සියෙන් හා කටයුතු වලින් දුරස් ව නුඹලා සැනසුම ලබනු පිණිස නුඹලාට රාත්රිය ඇති කළේ ඔහුය. එමෙන්ම නුඹලාගේ ජීවන ගමනෙහි නුඹලාට සෙත සලසන අයුරින් එහි ජීවනෝපාය සඳහා දහවල අලෝකමත් කළේද ඔහුය. පිළිගෙන සාවධානයෙන් සවන් දෙන පිරිසකට එහි පැහැදිළි සාධක ඇත.
അറബി തഫ്സീറുകൾ:
قَالُوا اتَّخَذَ اللّٰهُ وَلَدًا سُبْحٰنَهٗ ؕ— هُوَ الْغَنِیُّ ؕ— لَهٗ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— اِنْ عِنْدَكُمْ مِّنْ سُلْطٰنٍ بِهٰذَا ؕ— اَتَقُوْلُوْنَ عَلَی اللّٰهِ مَا لَا تَعْلَمُوْنَ ۟
දෙවියන්ට ආදේශ තැබූ පිරිසක්, “අල්ලාහ් දේව දූතයින් ගැහැණු දරුවන් ලෙස ගෙන ඇතැ”යි පවසති. ඔවුන්ගේ ප්රකාශයෙන් අල්ලාහ් සුවි ශුද්ධය. ඔහු ඔහුගේ සියලු මැවීම්වල අවශ්යතාවන් ගෙන් තොරය. අහස්හි ආධිපත්යය හා මහපොළොවේ ආධිපත්යය ඔහු සතුය. නුඹලාගේ මේ ප්රකාශය සඳහා කිසිදු සාධකයක් නුඹලා වෙත නැත. කිසිදු සාධකයකින් තොරව නුඹලා යථාර්ථය නොදැන අල්ලාහ්ට දරුවෙක් ඇති බව ඈඳමින් ඔහු කෙරෙහි අති බැරෑරුම් ප්රකාශයක් කරන්නෙහු ද?
അറബി തഫ്സീറുകൾ:
قُلْ اِنَّ الَّذِیْنَ یَفْتَرُوْنَ عَلَی اللّٰهِ الْكَذِبَ لَا یُفْلِحُوْنَ ۟ؕ
අහෝ දූතය, නුඹ ඔවුනට මෙසේ පවසනු: “සැබැවින්ම අල්ලාහ් වෙත දරුවෙකු ඈඳමින් ඔහු කෙරෙහි බොරු ගොතා පවසන්නන් වනාහි ඔවුන් පතන දැයින් ඔවුහු ජය නොලබති. ඔවුන් බියවන දැයින් ඔවුන් මිදෙන්නේද නැත.
അറബി തഫ്സീറുകൾ:
مَتَاعٌ فِی الدُّنْیَا ثُمَّ اِلَیْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِیْقُهُمُ الْعَذَابَ الشَّدِیْدَ بِمَا كَانُوْا یَكْفُرُوْنَ ۟۠
ඔවුන් භුක්ති විදින මෙලොවෙහි ආශාවන් හා එහි ඇති සුවපහසුකම් ඔවුන් රවටා නොදැමිය යුතුය. එය ඉතා අල්ප භුක්ති විඳීමක් පමණි. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අප වෙත නැවත හැරී ආ යුතුව ඇත. ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ බැවින් ද ඔහුගේ දූතයාණන්ව බොරු කළ බැවින් ද බලවත් දඬුවමක් අපි ඔවුනට භුක්ති විඳීමට සලසන්නෙමු.
അറബി തഫ്സീറുകൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• ولاية الله تكون لمن آمن به، وامتثل أوامره، واجتنب نواهيه، واتبع رسوله صلى الله عليه وسلم، وأولياء الله هم الآمنون يوم القيامة، ولهم البشرى في الدنيا إما بالرؤيا الصالحة أو عند الموت.
•අල්ලාහ්ගේ භාරකාරත්වය පිහිටනුයේ ඔහු ව විශ්වාස කොට ඔහුගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුගේ දූත සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ව අනුගමනය කළවුන් හටය. අල්ලාහ්ගේ සමීපතයින් වනාහි, ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සුරක්ෂිතයෝ වෙති. ඔවුනට මෙලොවෙහි දැහැමි හීන දැකීමෙන් හෝ මරණ අවස්ථාවේ හෝ සුබාසිරි හිමිවනු ඇත.

• العزة لله جميعًا وحده ؛ فهو مالك الملك، وما عُبِد من دون الله لا حقيقة له.
•සියලු ගෞරවයන් අල්ලාහ්ට පමණක් සතුය. ඔහු සර්වරාජ්යයේ රජුය. අල්ලාහ් නොවන නැමදුම් ලබන වෙනත් දෑ වනාහි ඒවාට කිසිදු යථාර්ථයක් නැත.

• الحث على التفكر في خلق الله؛ لأن ذلك يقود إلى الإيمان به وتوحيده.
•අල්ලාහ්ගේ මැවීම් පිළිබඳ කල්පනා කර බැලීම සඳහා දිරි ගැන්වීම. එයට හේතුව සැබැවින්ම එය ඔහු ව විශ්වාස කිරීම වෙත හා අල්ලාහ්ව ඒකීයකරණය කිරීම වෙත ඔහු ව මෙහෙයවනු ඇත.

• حرمة الكذب على الله عز وجل، وأن صاحبه لن يفلح، ومن أعظم الكذب نسبة الولد له سبحانه.
•කීර්තිමත් අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පැවසීමේ තහනම. සැබැවින්ම ඊට අදාළ පුද්ගලයා කිසිවිටෙක ජය නොලබනු ඇත. බොරු කිරීමෙහි අති භයානක වනුයේ, පිවිතුරු අල්ලාහ්ට දරුවකු සිටින බව ඈඳා පැවසීමය.

 
പരിഭാഷ അദ്ധ്യായം: യൂനുസ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അവസാനിപ്പിക്കുക