Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: അൻഫാൽ   ആയത്ത്:
اِذْ تَسْتَغِیْثُوْنَ رَبَّكُمْ فَاسْتَجَابَ لَكُمْ اَنِّیْ مُمِدُّكُمْ بِاَلْفٍ مِّنَ الْمَلٰٓىِٕكَةِ مُرْدِفِیْنَ ۟
නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා උදව් පතන විට ‘නියත වශයෙන් ම මම මලක්වරුන් දහසක් දෙනා එකිනෙකාට පරව පෙළගස්වා නුඹලාට උදව් කරන්නෙමි’ යැයි ඔහු නුඹලාට පිළිතුරු දුන්නේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَمَا جَعَلَهُ اللّٰهُ اِلَّا بُشْرٰی وَلِتَطْمَىِٕنَّ بِهٖ قُلُوْبُكُمْ ؕ— وَمَا النَّصْرُ اِلَّا مِنْ عِنْدِ اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ عَزِیْزٌ حَكِیْمٌ ۟۠
ශුභාරංචියක් වශයෙන් හා නුඹලාගේ හදවත් එමඟින් සැනසුම ලබනු පිණිස මිස අල්ලාහ් එය නියම කළේ නැත. සැබෑ උපකාරය අල්ලාහ්ගෙන් මිස වෙනත් නැත. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව බලධාරී ය; සර්ව ප්‍රඥාවන්ත ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِذْ یُغَشِّیْكُمُ النُّعَاسَ اَمَنَةً مِّنْهُ وَیُنَزِّلُ عَلَیْكُمْ مِّنَ السَّمَآءِ مَآءً لِّیُطَهِّرَكُمْ بِهٖ وَیُذْهِبَ عَنْكُمْ رِجْزَ الشَّیْطٰنِ وَلِیَرْبِطَ عَلٰی قُلُوْبِكُمْ وَیُثَبِّتَ بِهِ الْاَقْدَامَ ۟ؕ
එවිට ඉන් බිය නො වී සිටින්නට සුළු නින්දෙන් ඔහු නුඹලා වෙළා ගත්තේ ය. නුඹලා එමඟින් පිරිසිදු කරවා ෂෙයිතාන්ගේ කිලිටි නුඹලාගෙන් ඉවත් කරනු පිණිසත් නුඹලාගේ හදවත් ධෛර්යමත් කරවා එමඟින් පාද ස්ථාවර කරනු පිණිසත් නුඹලා වෙත ඔහු අහසින් ජලය පහළ කළේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِذْ یُوْحِیْ رَبُّكَ اِلَی الْمَلٰٓىِٕكَةِ اَنِّیْ مَعَكُمْ فَثَبِّتُوا الَّذِیْنَ اٰمَنُوْا ؕ— سَاُلْقِیْ فِیْ قُلُوْبِ الَّذِیْنَ كَفَرُوا الرُّعْبَ فَاضْرِبُوْا فَوْقَ الْاَعْنَاقِ وَاضْرِبُوْا مِنْهُمْ كُلَّ بَنَانٍ ۟ؕ
එවිට නුඹගේ පරමාධිපති මලක්වරුන් වෙත ‘නිසැකවම මම නුඹලා සමඟ සිටිමි. එබැවින් විශ්වාස කළවුන්ව නුඹලා ස්ථාවර කරනු. ප්‍රතික්ෂේප කළවුන්ගේ හදවත් තුළට මම භීතිය හෙළමි. එබැවින් නුඹලා ගෙලට ඉහළින් කපා දමනු. තවද ඔවුන්ගෙන් වූ සෑම පුරුකක්ම කපා දමනු’ යැයි දන්වා සිටියේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ذٰلِكَ بِاَنَّهُمْ شَآقُّوا اللّٰهَ وَرَسُوْلَهٗ ۚ— وَمَنْ یُّشَاقِقِ اللّٰهَ وَرَسُوْلَهٗ فَاِنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ ۟
එය ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට විරුද්ධ වූ බැවිනි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට විරුද්ධ වන්නේ ද එවිට (දැන ගනු) සැබැවින් ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ذٰلِكُمْ فَذُوْقُوْهُ وَاَنَّ لِلْكٰفِرِیْنَ عَذَابَ النَّارِ ۟
එයයි (දඬුවම), නුඹලා එය භුක්ති විදිනු. තවද නියත වශයෙන් ම නිරා ගින්නේ දඬුවම දේවත්වය ප්‍රතික්ෂේප කළ අයට ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا لَقِیْتُمُ الَّذِیْنَ كَفَرُوْا زَحْفًا فَلَا تُوَلُّوْهُمُ الْاَدْبَارَ ۟ۚ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ව නුඹලා කණ්ඩායමක් ලෙසින් මුණ ගැසුණු විට නුඹලා ඔවුනට පසුපස ලා පලා නො යනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَمَنْ یُّوَلِّهِمْ یَوْمَىِٕذٍ دُبُرَهٗۤ اِلَّا مُتَحَرِّفًا لِّقِتَالٍ اَوْ مُتَحَیِّزًا اِلٰی فِئَةٍ فَقَدْ بَآءَ بِغَضَبٍ مِّنَ اللّٰهِ وَمَاْوٰىهُ جَهَنَّمُ ؕ— وَبِئْسَ الْمَصِیْرُ ۟
යුද්ධයේ (යුද්ධෝපාය ලෙස) ප්‍රමාද වී පහර දෙන්නකු හා කණ්ඩායමක් වෙත එකතු වන්නෙකු හැර එදින කවරෙකු පසුපස ලා ඔවුන්ගෙන් පලා යන්නේ ද, එවිට සැබැවින් ම ඔහු අල්ලාහ්ගෙන් වූ කෝපය සමඟ හැරී ගියේ ය. තවද ඔහුගේ නවාතැන නිරයයි. තවද එම (නිරය) යොමු කරනු ලබන ස්ථානයෙන් නපුරු විය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: അൻഫാൽ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക