Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ജിന്ന്   ആയത്ത്:

අල් ජින්

قُلْ اُوْحِیَ اِلَیَّ اَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِّنَ الْجِنِّ فَقَالُوْۤا اِنَّا سَمِعْنَا قُرْاٰنًا عَجَبًا ۟ۙ
නියත වශයෙන් ම ජින්නුන්ගෙන් පිරිසක් (අල් කුර්ආනයට) සවන් දී "සැබැවින් ම අපි පුදුමාකාර පාරායනයකට සවන් දුන්නෙමු යැයි පැවසූ වග මා වෙත දේව පණිවිඩය මඟින් දන්වනු ලැබීය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یَّهْدِیْۤ اِلَی الرُّشْدِ فَاٰمَنَّا بِهٖ ؕ— وَلَنْ نُّشْرِكَ بِرَبِّنَاۤ اَحَدًا ۟ۙ
එය ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහෙයින් අපි එය විශ්වාස කළෙමු. අපගේ පරමාධිපතිට කිසිවකු හෝ ආදේශ නො කරන්නෙමු යැයි පැවසූ බවත් (දන්වනු ලැබී ය.)
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَّاَنَّهٗ تَعٰلٰی جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَّلَا وَلَدًا ۟ۙ
“තවද නියත වශයෙන් ම අපගේ පරමාධිපතිගේ කීර්තිය උත්තරීතර විය. ඔහු සහකාරියක හෝ දරුවෙකු හෝ නො ගත්තේ ය.”
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَّاَنَّهٗ كَانَ یَقُوْلُ سَفِیْهُنَا عَلَی اللّٰهِ شَطَطًا ۟ۙ
තවද අප අතර සිටි අඥානයකු අල්ලාහ්ට එරෙහිව ප්‍රබන්ධ කතා පවසා සිටියේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَّاَنَّا ظَنَنَّاۤ اَنْ لَّنْ تَقُوْلَ الْاِنْسُ وَالْجِنُّ عَلَی اللّٰهِ كَذِبًا ۟ۙ
“මිනිස් වර්ගයා හා ජින් වර්ගයා අල්ලාහ්ට එරෙහිව බොරුවක් කිසිවිටෙක නො පවසනු ඇතැයි නියත වශයෙන් ම අපි සිතමින් සිටියෙමු.”
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَّاَنَّهٗ كَانَ رِجَالٌ مِّنَ الْاِنْسِ یَعُوْذُوْنَ بِرِجَالٍ مِّنَ الْجِنِّ فَزَادُوْهُمْ رَهَقًا ۟ۙ
තවද නියත වශයෙන් ම ජින් වර්ගයාගෙන් වූ පිරිසකගෙන් මිනිස් වර්ගයාගෙන් පිරිසක් ආරක්ෂාව පැතුවෝ ය. එහෙයින් ඔවුහු ඔවුනට උඩඟුකම අධික කළෝ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَّاَنَّهُمْ ظَنُّوْا كَمَا ظَنَنْتُمْ اَنْ لَّنْ یَّبْعَثَ اللّٰهُ اَحَدًا ۟ۙ
අල්ලාහ් කිසිවකුත් නැවත (පණ දී) නැගිටුවන්නේ ම නැතැයි නුඹලා සිතුවාක් මෙන් සැබැවින් ම ඔවුහු ද සිතුවෝ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَّاَنَّا لَمَسْنَا السَّمَآءَ فَوَجَدْنٰهَا مُلِئَتْ حَرَسًا شَدِیْدًا وَّشُهُبًا ۟ۙ
තවද නියත වශයෙන් ම (ජින්වරුන් වන) අපි අහස ස්පර්ශ කළෙමු. එවිට එය දැඩි ආරක්ෂාවෙන් හා උල්කාපාතවලින් පිරී තිබෙනු අපි දුටුවෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَّاَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ ؕ— فَمَنْ یَّسْتَمِعِ الْاٰنَ یَجِدْ لَهٗ شِهَابًا رَّصَدًا ۟ۙ
තවද (අහසේ සිදු වන කතා බහ) සවන් දීම සඳහා අසුන් ගන්නා ස්ථානයන්හි අසුන් ගන්නට අපි පුරුදුව සිටියෙමු. දැන් කවරෙකු හෝ එසේ සවන් දුන්නේ නම් එවිට උල්කා ප්‍රහාර ඔහු ලබනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَّاَنَّا لَا نَدْرِیْۤ اَشَرٌّ اُرِیْدَ بِمَنْ فِی الْاَرْضِ اَمْ اَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا ۟ۙ
තවද මහපොළොවේ වෙසෙන්නන්හට නපුරක් අපේක්ෂා කරනු ලබන්නේ ද එසේ නැතහොත් ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යහමග අපේක්ෂා කරන්නේ දැ? යි නියත වශයෙන් ම අපි නො දනිමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَّاَنَّا مِنَّا الصّٰلِحُوْنَ وَمِنَّا دُوْنَ ذٰلِكَ ؕ— كُنَّا طَرَآىِٕقَ قِدَدًا ۟ۙ
තවද නියත වශයෙන් ම අප අතරින් දැහැමියෝ ද වෙති. එමෙන් ම අප අතරින් එසේ නො වන්නන් ද වෙති. අපි විවිධ මාර්ගවල වෙන්ව සිටියෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَّاَنَّا ظَنَنَّاۤ اَنْ لَّنْ نُّعْجِزَ اللّٰهَ فِی الْاَرْضِ وَلَنْ نُّعْجِزَهٗ هَرَبًا ۟ۙ
තවද මහපොළොවේ අල්ලාහ් පරාජය කිරීමට අපට නොහැකි බවත් පලා යෑමෙන් ඔහු පරාජයට පත් කළ නොහැකි බවත් සැබැවින් ම අපි සිතුවෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَّاَنَّا لَمَّا سَمِعْنَا الْهُدٰۤی اٰمَنَّا بِهٖ ؕ— فَمَنْ یُّؤْمِنْ بِرَبِّهٖ فَلَا یَخَافُ بَخْسًا وَّلَا رَهَقًا ۟ۙ
තවද නියත වශයෙන් ම අපි යහමගට සවන් දුන් කල්හි අපි එය විශ්වාස කළෙමු. එහෙයින් කවරෙකු තම පරමාධිපති විශ්වාස කරන්නේ ද එවිට පාඩුවක් ගැන හෝ අසාධාරණයක් ගැන හෝ ඔහු බිය නො වනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ജിന്ന്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക