Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ത്തഹ്രീം   ആയത്ത്:

අත් තහ්රීම්

یٰۤاَیُّهَا النَّبِیُّ لِمَ تُحَرِّمُ مَاۤ اَحَلَّ اللّٰهُ لَكَ ۚ— تَبْتَغِیْ مَرْضَاتَ اَزْوَاجِكَ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟
අහෝ නබිවරය! නුඹ නුඹගේ බිරියන්ගේ තෘප්තිය සොයමින් නුඹට අල්ලාහ් අනුමත කළ දෑ නුඹ තහනම් කර ගනුයේ ඇයි? තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَدْ فَرَضَ اللّٰهُ لَكُمْ تَحِلَّةَ اَیْمَانِكُمْ ۚ— وَاللّٰهُ مَوْلٰىكُمْ ۚ— وَهُوَ الْعَلِیْمُ الْحَكِیْمُ ۟
නුඹලාගේ දිවුරුම්වලින් මිදීමේ ක්‍රමයක් අල්ලාහ් නුඹලාට නියම කළේ ය. තවද අල්ලාහ් නුඹලාගේ ආරක්ෂක ය. තවද ඔහු සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاِذْ اَسَرَّ النَّبِیُّ اِلٰی بَعْضِ اَزْوَاجِهٖ حَدِیْثًا ۚ— فَلَمَّا نَبَّاَتْ بِهٖ وَاَظْهَرَهُ اللّٰهُ عَلَیْهِ عَرَّفَ بَعْضَهٗ وَاَعْرَضَ عَنْ بَعْضٍ ۚ— فَلَمَّا نَبَّاَهَا بِهٖ قَالَتْ مَنْ اَنْۢبَاَكَ هٰذَا ؕ— قَالَ نَبَّاَنِیَ الْعَلِیْمُ الْخَبِیْرُ ۟
නබිවරයා ඔහුගේ බිරියන්ගෙන් ඇතැමෙකුට කතාවක් රහසින් කියූ අවස්ථාවේ එක් බිරියකු (අන් අය වෙත) එය දන්වා සිටි කල්හි (මෙසේ රහස හෙළිදරව් වීම) අල්ලාහ් එය නබිවරයා වෙත හෙළි කළේ ය. ඉන් කොටසක් නබිවරයා ඇයට දන්වා සිට කොටසක් නො සලකා හැරියේ ය. ඔහු එය ඇයට දන්වා සිටි කල්හි “මෙය ඔබට දන්වා සිටියේ කවු දැ? යි” ඇය ඇසුවා ය. “අභිඥානවන්ත වූ සර්ව ඥානියාණෝ මට දැනුම් දුන්නේය”යැයි ඔහු පැවසී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنْ تَتُوْبَاۤ اِلَی اللّٰهِ فَقَدْ صَغَتْ قُلُوْبُكُمَا ۚ— وَاِنْ تَظٰهَرَا عَلَیْهِ فَاِنَّ اللّٰهَ هُوَ مَوْلٰىهُ وَجِبْرِیْلُ وَصَالِحُ الْمُؤْمِنِیْنَ ۚ— وَالْمَلٰٓىِٕكَةُ بَعْدَ ذٰلِكَ ظَهِیْرٌ ۟
(නබිවරයාගේ භාර්යාවන් වන) නුඹලා දෙදෙනා ම අල්ලාහ් වෙත පශ්චාත්තාප වූවා නම් (මැනවි!) හේතුව නුඹලා දෙදෙනාගේ හදවත් සැබැවින් ම විතැන්වී ඇත. ඔහුට එරෙහිව නුඹලා දෙදෙනා එකිනෙකාට උර දුන්නෙහු නම් එවිට (දැනගනු!) නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු ඔහුගේ භාරකරු ය. ඉන් පසුව ජිබ්රීල් ද දේව විශ්වාසවන්තයින්ගෙන් දැහැමියා ද මලක්වරු ද උර දෙන්නන් ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
عَسٰی رَبُّهٗۤ اِنْ طَلَّقَكُنَّ اَنْ یُّبْدِلَهٗۤ اَزْوَاجًا خَیْرًا مِّنْكُنَّ مُسْلِمٰتٍ مُّؤْمِنٰتٍ قٰنِتٰتٍ تٰٓىِٕبٰتٍ عٰبِدٰتٍ سٰٓىِٕحٰتٍ ثَیِّبٰتٍ وَّاَبْكَارًا ۟
ඔහු නුඹලාව දික්කසාද කළේ නම් නුඹලාට වඩා යහපත් අවනත වන, විශ්වාස කරන, යටහත් වන, පාප ක්ෂමාවෙහි නිරත වන, නැමදුම් කරන, උපවාසයේ නිරත වන, වැන්දඹුවන් හා කන්‍යාවියන් බිරියන් වශයෙන් ඔහුගේ පරමාධිපති ඔහුට වෙනස් කර දෙන්නට පුළුවණ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا قُوْۤا اَنْفُسَكُمْ وَاَهْلِیْكُمْ نَارًا وَّقُوْدُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَیْهَا مَلٰٓىِٕكَةٌ غِلَاظٌ شِدَادٌ لَّا یَعْصُوْنَ اللّٰهَ مَاۤ اَمَرَهُمْ وَیَفْعَلُوْنَ مَا یُؤْمَرُوْنَ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා හා නුඹලාගේ පවුල (නිරා) ගින්නෙන් ආරක්ෂා කර ගනු. එහි ඉන්ධන මිනිසුන් හා ගල් ය. එහි දරුණු කුරිරු මලක්වරුන් වෙති. අල්ලාහ් ඔවුනට අණ කරන දෑ සම්බන්ධයෙන් ඔවුහු පිටු නො පාති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු (එලෙස ම) ඉටු කරති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یٰۤاَیُّهَا الَّذِیْنَ كَفَرُوْا لَا تَعْتَذِرُوا الْیَوْمَ ؕ— اِنَّمَا تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟۠
අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කළවුනි! අද දින නුඹලා නිදහසට කරුණු නො දක්වනු. නියත වශයෙන් ම නුඹලාට ප්‍රතිඵල වශයෙන් පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ത്തഹ്രീം
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക