Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: അൻആം   ആയത്ത്:
وَلَوْ جَعَلْنٰهُ مَلَكًا لَّجَعَلْنٰهُ رَجُلًا وَّلَلَبَسْنَا عَلَیْهِمْ مَّا یَلْبِسُوْنَ ۟
අප ඔහුව සුරදූතයෙකු බවට පත් කර තිබුණේ නම් මිනිසෙකුගේ ස්වරූපයෙන් ම ඔහුව අපි පත් කරන්නට තිබිණි. (දැන්) ඔවුන් ව්‍යාකූලව සිටින අයුරින් ම (එවිට ද අප) ඔවුන්ව ව්‍යාකූලත්වයට පත් කරන්නෙමු.
അറബി തഫ്സീറുകൾ:
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّنْ قَبْلِكَ فَحَاقَ بِالَّذِیْنَ سَخِرُوْا مِنْهُمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟۠
(නබිවරය!) නුඹට පෙර සිටි රසූල්වරුන් ද සමච්චලයට ලක් වූහ. කවර දෙයක් ගැන ඔවුන් සමච්චල් කරමින් සිටියෝ ද එය ම එසේ උපහාස කළ අයව වටකර ගත්තේ ය.
അറബി തഫ്സീറുകൾ:
قُلْ سِیْرُوْا فِی الْاَرْضِ ثُمَّ اَنْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِیْنَ ۟
මහපොළොවෙහි සැරිසරා පසුව බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අවධානයෙන් බලනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
അറബി തഫ്സീറുകൾ:
قُلْ لِّمَنْ مَّا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— قُلْ لِّلّٰهِ ؕ— كَتَبَ عَلٰی نَفْسِهِ الرَّحْمَةَ ؕ— لَیَجْمَعَنَّكُمْ اِلٰی یَوْمِ الْقِیٰمَةِ لَا رَیْبَ فِیْهِ ؕ— اَلَّذِیْنَ خَسِرُوْۤا اَنْفُسَهُمْ فَهُمْ لَا یُؤْمِنُوْنَ ۟
අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ කවුරුන් සතු දැ? යි නුඹ අසනු. සියල්ල අල්ලාහ් සතුය යැයි පවසනු. (අල්ලාහ්) තමන් වෙත කරුණාව නියම කර ගත්තේ ය. සැබැවින් ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු නුඹලාව එක් රැස් කරනු ඇත. එහි කිසිදු සැකයක් නැත. තමන් තමන්ට ම අලාභහානි කර ගත්තවුන් වනාහි ඔවුහු දේවත්වය විශ්වාස නො කරති.
അറബി തഫ്സീറുകൾ:
وَلَهٗ مَا سَكَنَ فِی الَّیْلِ وَالنَّهَارِ ؕ— وَهُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
තවද රාත්‍රියෙහි හා දහවලෙහි වාසය කරන දෑ ඔහු සතු ය. තවද ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
അറബി തഫ്സീറുകൾ:
قُلْ اَغَیْرَ اللّٰهِ اَتَّخِذُ وَلِیًّا فَاطِرِ السَّمٰوٰتِ وَالْاَرْضِ وَهُوَ یُطْعِمُ وَلَا یُطْعَمُ ؕ— قُلْ اِنِّیْۤ اُمِرْتُ اَنْ اَكُوْنَ اَوَّلَ مَنْ اَسْلَمَ وَلَا تَكُوْنَنَّ مِنَ الْمُشْرِكِیْنَ ۟
අල්ලාහ්ගෙන් තොරව (වෙනත් කෙනෙකු) භාරකරු වශයෙන් මම ගන්නෙම්ද? (ඔහු) අහස් හා මිහිතලයේ නිර්මාපකයා ය. තවද ඔහු ආහාර සපයන අතර ඔහුට ආහාර සපයනු නො ලැබේ යැයි නුඹ පවසනු. සැබැවින් ම (අල්ලාහ්ට) අවනත වූවන්ගෙන් මා පළමු වැන්නා වීමට මම අණ කරනු ලැබුවෙමි යැයි ද පවසනු. තවද නුඹලා කිසිකලෙක ආදේශ තබන්නන් අතරින් (කෙනෙකු) නො වනු.
അറബി തഫ്സീറുകൾ:
قُلْ اِنِّیْۤ اَخَافُ اِنْ عَصَیْتُ رَبِّیْ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟
මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අතිමහත් දිනයේ (නියම වන) දඬුවමට මම බිය වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
അറബി തഫ്സീറുകൾ:
مَنْ یُّصْرَفْ عَنْهُ یَوْمَىِٕذٍ فَقَدْ رَحِمَهٗ ؕ— وَذٰلِكَ الْفَوْزُ الْمُبِیْنُ ۟
කවරෙකු එදින එයින් (එම දඬුවමින්) වෙනතකට යොමු කරනු ලබන්නේ ද එවිට සැබැවින් ම (අල්ලාහ්) ඔහුට දයාව දක්වා ඇත. තවද පැහැදිලි විජයග්‍රහණය එයයි.
അറബി തഫ്സീറുകൾ:
وَاِنْ یَّمْسَسْكَ اللّٰهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهٗۤ اِلَّا هُوَ ؕ— وَاِنْ یَّمْسَسْكَ بِخَیْرٍ فَهُوَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
යම් හිංසනයකින් අල්ලාහ් නුඹව ග්‍රහණය කරන්නේ නම් එවිට ඔහු හැර එය ඉවත් කරන වෙනත් කිසිවෙකු නොමැත. යම් යහපතකින් නුඹව ග්‍රහණය කරන්නේ නම් එවිට ඔහු සියලු දෑ කෙරෙහි සර්ව බලධාරී ය.
അറബി തഫ്സീറുകൾ:
وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهٖ ؕ— وَهُوَ الْحَكِیْمُ الْخَبِیْرُ ۟
තම ගැත්තන්ට ඉහළින් සිටින සර්වබලධාරී ඔහු ය. තවද ඔහු ප්‍රඥාවන්තය (සියලු තොරතුරු) මැනවින් දන්නා ය.
അറബി തഫ്സീറുകൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: അൻആം
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ് വ ആൻഡ് ഗൈഡൻസ് സെൻ്ററിൻ്റെയും കോൺടെൻ്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അവസാനിപ്പിക്കുക