Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ഹദീദ്   ആയത്ത്:
یَوْمَ تَرَی الْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ یَسْعٰی نُوْرُهُمْ بَیْنَ اَیْدِیْهِمْ وَبِاَیْمَانِهِمْ بُشْرٰىكُمُ الْیَوْمَ جَنّٰتٌ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا ؕ— ذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِیْمُ ۟ۚ
එදින ඔවුන්ගේ ඉදිරිපසින් ද ඔවුන්ගේ දකුණු පසින් ද ඔවුන්ගේ ආලෝකය වේගයෙන් ගමන් කරන දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් නුඹ දකිනු ඇත. “ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් එදින නුඹලා සතු ශුභාරංචියයි. එහි සදාතනිකයින් ය. අතිමහත් ජයග්‍රහණය එය ම ය.”
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یَوْمَ یَقُوْلُ الْمُنٰفِقُوْنَ وَالْمُنٰفِقٰتُ لِلَّذِیْنَ اٰمَنُوا انْظُرُوْنَا نَقْتَبِسْ مِنْ نُّوْرِكُمْ ۚ— قِیْلَ ارْجِعُوْا وَرَآءَكُمْ فَالْتَمِسُوْا نُوْرًا ؕ— فَضُرِبَ بَیْنَهُمْ بِسُوْرٍ لَّهٗ بَابٌ ؕ— بَاطِنُهٗ فِیْهِ الرَّحْمَةُ وَظَاهِرُهٗ مِنْ قِبَلِهِ الْعَذَابُ ۟ؕ
එදින කුහක පිරිමි හා කුහක කාන්තාවෝ විශ්වාස කළවුන් දෙස බලා “නුඹලා අප දෙස බලනු. නුඹලාගේ ආලෝකයෙන් යමක් අපි ද ලබා ගන්නෙමු” යැයි පවසති. (එවිට) “නුඹලාගේ පසුපසට නුඹලා හැරී ගොස් නුඹලා ආලෝකය සොයා ගනු” යැයි කියනු ලැබේ. එවිට ඔවුන් අතර බිත්තියක් තබනු ලැබේ. එයට දොරක් ඇත. එහි අභ්‍යන්තරය, එතුළ කරුණාවයි. එහි පිටත, එහි ඉදිරිපසින් දඬුවමයි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یُنَادُوْنَهُمْ اَلَمْ نَكُنْ مَّعَكُمْ ؕ— قَالُوْا بَلٰی وَلٰكِنَّكُمْ فَتَنْتُمْ اَنْفُسَكُمْ وَتَرَبَّصْتُمْ وَارْتَبْتُمْ وَغَرَّتْكُمُ الْاَمَانِیُّ حَتّٰی جَآءَ اَمْرُ اللّٰهِ وَغَرَّكُمْ بِاللّٰهِ الْغَرُوْرُ ۟
“අපි නුඹලා සමඟ නො සිටියෙමු දැයි” (පිටත සිටින) ඔවුහු ඔවුන් අමතති. “එසේය නමුත් නුඹලා නුඹලාට ම අර්බුද ඇති කර ගත්තෙහු ය. නුඹලා (විනාශය) බලාපොරොත්තු වූහ. තවද නුඹලා සැක කළෙහු ය. අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන තෙක් එම ආශාවන් නුඹලාව රවටා දැමී ය. එමෙන් ම අල්ලාහ් සම්බන්ධයෙන් රවටාලන දෑ නුඹලාව රවටා දැමුවේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَالْیَوْمَ لَا یُؤْخَذُ مِنْكُمْ فِدْیَةٌ وَّلَا مِنَ الَّذِیْنَ كَفَرُوْا ؕ— مَاْوٰىكُمُ النَّارُ ؕ— هِیَ مَوْلٰىكُمْ ؕ— وَبِئْسَ الْمَصِیْرُ ۟
එහෙයින් අද දින නුඹලාගෙන් හෝ ප්‍රතික්ෂේප කළවුන්ගෙන් හෝ කිසිදු වන්දියක් (නිදහස සඳහා) ගනු නො ලැබේ. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්න ය. එය මය නුඹලාගේ සහකරු. තවද යොමු වන ස්ථානය නපුරු විය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَلَمْ یَاْنِ لِلَّذِیْنَ اٰمَنُوْۤا اَنْ تَخْشَعَ قُلُوْبُهُمْ لِذِكْرِ اللّٰهِ وَمَا نَزَلَ مِنَ الْحَقِّ ۙ— وَلَا یَكُوْنُوْا كَالَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ مِنْ قَبْلُ فَطَالَ عَلَیْهِمُ الْاَمَدُ فَقَسَتْ قُلُوْبُهُمْ ؕ— وَكَثِیْرٌ مِّنْهُمْ فٰسِقُوْنَ ۟
අල්ලාහ් මෙනෙහි කිරීම හේතුවෙන් ද සත්‍යයෙන් පහළ වූ දෑ (මෙනෙහි කිරීම) හේතුවෙන් ද ඔවුන්ගේ හදවත් බියට පත්ව තැති ගන්නා මොහොත දේවත්වය විශ්වාස කළවුන්හට නො පැමිණියේ ද? මීට පෙර ධර්ම ග්‍රන්ථ පිරිනමනු ලැබූ අය මෙන් ඔවුහු නො විය යුතු ය. ඔවුන් වෙත කාලය දිගුව පැවතිණි. එවිට ඔවුන්ගේ හදවත් දරුණු විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දුෂ්ඨයෝ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِعْلَمُوْۤا اَنَّ اللّٰهَ یُحْیِ الْاَرْضَ بَعْدَ مَوْتِهَا ؕ— قَدْ بَیَّنَّا لَكُمُ الْاٰیٰتِ لَعَلَّكُمْ تَعْقِلُوْنَ ۟
මහපොළොව මිය ගිය පසුව නියත වශයෙන් ම අල්ලාහ් එය ප්‍රාණවත් කරන බව නුඹලා දැන ගනු. නුඹලා වටහා ගත හැකි වනු පිණිස නුඹලාට එම සාධක සැබැවින් ම අපි පැහැදිලි කළෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّ الْمُصَّدِّقِیْنَ وَالْمُصَّدِّقٰتِ وَاَقْرَضُوا اللّٰهَ قَرْضًا حَسَنًا یُّضٰعَفُ لَهُمْ وَلَهُمْ اَجْرٌ كَرِیْمٌ ۟
නියත වශයෙන් ම දානමය කටයුතු කරන්නන් ද දානමය කටයුතු කරන්නියන් ද අලංකාර ණයක් ලෙසින් අල්ලාහ්ට ණය දුන් අය ද වනාහි ඔවුනට එය ගුණ කර දෙනු ලැබේ. තවද ඔවුනට ගෞරවනීය ප්‍රතිඵල ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ഹദീദ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക