Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ദ്ദാരിയാത്ത്   ആയത്ത്:
قَالَ فَمَا خَطْبُكُمْ اَیُّهَا الْمُرْسَلُوْنَ ۟
අහෝ එවනු ලැබූ දූතයිනි! එසේනම් නුඹලාගේ දූත පණිවිඩය කුමක් දැ? යි ඔහු (ඉබ්රාහීම්) විමසී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالُوْۤا اِنَّاۤ اُرْسِلْنَاۤ اِلٰی قَوْمٍ مُّجْرِمِیْنَ ۟ۙ
“සාපරාධි පිරිසක් වෙත නියත වශයෙන් ම අපි එවනු ලැබුවෙමු” යැයි ඔවුහු පැවසූහ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
لِنُرْسِلَ عَلَیْهِمْ حِجَارَةً مِّنْ طِیْنٍ ۟ۙ
“මැටියෙන් යුත් ගල් (වර්ෂාවක්) ඔවුන් වෙත අප එවනු පිණිස.”
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
مُّسَوَّمَةً عِنْدَ رَبِّكَ لِلْمُسْرِفِیْنَ ۟
“සීමාව ඉක්මවා ගියවුන් සඳහා නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවක් ලෙසින්”
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاَخْرَجْنَا مَنْ كَانَ فِیْهَا مِنَ الْمُؤْمِنِیْنَ ۟ۚ
එවිට එහි සිටියවුන් අතරින් දේවත්වය විශ්වාස කරන්නන් අපි බැහැර කළෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَمَا وَجَدْنَا فِیْهَا غَیْرَ بَیْتٍ مِّنَ الْمُسْلِمِیْنَ ۟ۚ
එහෙයින් අවනතවන්නන්ගෙන් එක් නිවසක් හැර වෙනත් කිසිවක් අපි එහි නො දුටුවෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَتَرَكْنَا فِیْهَاۤ اٰیَةً لِّلَّذِیْنَ یَخَافُوْنَ الْعَذَابَ الْاَلِیْمَ ۟ؕ
තවද වේදනීය දඬුවමට බියවන්නන්හට අපි එහි සංඥාවක් අත හැර දැමුවෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَفِیْ مُوْسٰۤی اِذْ اَرْسَلْنٰهُ اِلٰی فِرْعَوْنَ بِسُلْطٰنٍ مُّبِیْنٍ ۟
තවද මූසා තුළ ද (සංඥාවක්) විය. එය අපි ඔහු ෆිර්අවුන් වෙත පැහැදිලි බලයක් සමඟ එවූ අවස්ථාවේ දී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَتَوَلّٰی بِرُكْنِهٖ وَقَالَ سٰحِرٌ اَوْ مَجْنُوْنٌ ۟
එවිට ඔහු (ෆිර්අවුන්) ඔහුගේ බල ඇණිය හේතුවෙන් පිටුපෑවේ ය. තවද (මූසා) “මායාකරුවෙකි. එසේ නැතහොත් උම්මත්තකයෙකි” යැයි ඔහු පැවසී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاَخَذْنٰهُ وَجُنُوْدَهٗ فَنَبَذْنٰهُمْ فِی الْیَمِّ وَهُوَ مُلِیْمٌ ۟ؕ
එවිට අපි ඔහු හා ඔහුගේ සේනාව ග්‍රහණය කළෙමු. එවිට ඔහු දොස් නගනු ලැබූවෙකු ලෙසින් අපි ඔවුන් මුහුදට හෙළුවෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَفِیْ عَادٍ اِذْ اَرْسَلْنَا عَلَیْهِمُ الرِّیْحَ الْعَقِیْمَ ۟ۚ
තවද ආද් ජනයා තුළ ද (සංඥාවක් විය). එය ඔවුන් වෙත අපි වද සුළඟක් එවූ අවස්ථාවේ දී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
مَا تَذَرُ مِنْ شَیْءٍ اَتَتْ عَلَیْهِ اِلَّا جَعَلَتْهُ كَالرَّمِیْمِ ۟ؕ
එය කවර කරුණක් මත ගැටුණ ද එය දිරාපත් වී ගිය දෑ මෙන් පත් කළාක් මිස අත්හැරියේ නැත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَفِیْ ثَمُوْدَ اِذْ قِیْلَ لَهُمْ تَمَتَّعُوْا حَتّٰی حِیْنٍ ۟
තවද සමූද් ජනයා තුළ ද (සංඥාවක්) විය. එය “නුඹලා ටික කලකට භුක්ති විඳිනු” යැයි කියනු ලැබූ අවස්ථාවේ දී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَعَتَوْا عَنْ اَمْرِ رَبِّهِمْ فَاَخَذَتْهُمُ الصّٰعِقَةُ وَهُمْ یَنْظُرُوْنَ ۟
එහෙත් ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගයට ඔවුහු අකීකරු වූවෝ ය. එවිට ඔවුන් බලා සිටියදීම අකුණු පහර ඔවුන් ග්‍රහණය කළේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَمَا اسْتَطَاعُوْا مِنْ قِیَامٍ وَّمَا كَانُوْا مُنْتَصِرِیْنَ ۟ۙ
එවිට සිට ගැනීමට පවා ඔවුනට නොහැකි විය. තවද ඔවුහු තමන්ට ම උදව් කරගන්නන් නො වූවෝ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَقَوْمَ نُوْحٍ مِّنْ قَبْلُ ؕ— اِنَّهُمْ كَانُوْا قَوْمًا فٰسِقِیْنَ ۟۠
තවද මීට පෙර නූහ්ගේ ජනයා ද (අපි ග්‍රහණය කළෙමු.) නියත වශයෙන් ම ඔවුහු දුෂ්ඨ සමාජයක් වූහ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَالسَّمَآءَ بَنَیْنٰهَا بِاَیْىدٍ وَّاِنَّا لَمُوْسِعُوْنَ ۟
තවද අපි අහස එය (අපගේ) බල ශක්තිය යොදා ඉදි කළෙමු. තවද නියත වශයෙන් ම අපි ප්‍රසාරණය කරන්නන් වෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَالْاَرْضَ فَرَشْنٰهَا فَنِعْمَ الْمٰهِدُوْنَ ۟
තවද මහපොළොව, අපි එය දිග හැරියෙමු. (විධිමත් ව) දිග හැරියවුන් යහපත් විය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَمِنْ كُلِّ شَیْءٍ خَلَقْنَا زَوْجَیْنِ لَعَلَّكُمْ تَذَكَّرُوْنَ ۟
තවද නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස සෑම දෙයක් ම යුගල වශයෙන් ම අපි මැව්වෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَفِرُّوْۤا اِلَی اللّٰهِ ؕ— اِنِّیْ لَكُمْ مِّنْهُ نَذِیْرٌ مُّبِیْنٌ ۟ۚ
එහෙයින් නුඹලා අල්ලාහ් වෙත වේගයෙන් යනු. නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් ඔහුගෙන් වූ පැහැදිලි අනතුරු හඟවන්නෙකි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَا تَجْعَلُوْا مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ ؕ— اِنِّیْ لَكُمْ مِّنْهُ نَذِیْرٌ مُّبِیْنٌ ۟
තවද නුඹලා අල්ලාහ් සමඟ වෙනත් දෙවියෙකු පත් නො කරනු. නියත වශයෙන් ම මම ඔහුගෙන් නුඹලා වෙනුවෙන් පැමිණි පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ദ്ദാരിയാത്ത്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക