Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ഹുജുറാത്ത്   ആയത്ത്:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اجْتَنِبُوْا كَثِیْرًا مِّنَ الظَّنِّ ؗ— اِنَّ بَعْضَ الظَّنِّ اِثْمٌ وَّلَا تَجَسَّسُوْا وَلَا یَغْتَبْ بَّعْضُكُمْ بَعْضًا ؕ— اَیُحِبُّ اَحَدُكُمْ اَنْ یَّاْكُلَ لَحْمَ اَخِیْهِ مَیْتًا فَكَرِهْتُمُوْهُ ؕ— وَاتَّقُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ تَوَّابٌ رَّحِیْمٌ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! බොහෝ අනුමානයන්ගෙන් නුඹලා වැළකී සිටිනු. නියත වශයෙන් ම ඇතැම් අනුමාන පාපතර ය. තවද නුඹලා ඔත්තු නො බලනු. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ගැන කේලාම් නො කිව යුතු ය. නුඹලා අතරින් කිසිවෙකු හෝ මිය ගිය තම සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට ප්‍රිය කරන්නේ ද? නුඹලා එය පිළිකුල් කරන්නෙහු ය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා ය; මහා කරුණාන්විත ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یٰۤاَیُّهَا النَّاسُ اِنَّا خَلَقْنٰكُمْ مِّنْ ذَكَرٍ وَّاُ وَجَعَلْنٰكُمْ شُعُوْبًا وَّقَبَآىِٕلَ لِتَعَارَفُوْا ؕ— اِنَّ اَكْرَمَكُمْ عِنْدَ اللّٰهِ اَتْقٰىكُمْ ؕ— اِنَّ اللّٰهَ عَلِیْمٌ خَبِیْرٌ ۟
අහෝ මිනිසුනි! නියත වශයෙන් ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලාව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවිධ ජනවාර්ගිකයින් හා ගෝත්‍රිකයින් බවට නුඹලාව අපි පත් කළෙමු. නියත වශයෙන් ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන් ය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; මහා අභිඥානවන්ත ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَتِ الْاَعْرَابُ اٰمَنَّا ؕ— قُلْ لَّمْ تُؤْمِنُوْا وَلٰكِنْ قُوْلُوْۤا اَسْلَمْنَا وَلَمَّا یَدْخُلِ الْاِیْمَانُ فِیْ قُلُوْبِكُمْ ؕ— وَاِنْ تُطِیْعُوا اللّٰهَ وَرَسُوْلَهٗ لَا یَلِتْكُمْ مِّنْ اَعْمَالِكُمْ شَیْـًٔا ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
“අපි විශ්වාස කළෙමු” යැයි ගැමි අරාබිවරුන් පැවසුවෝ ය. “නුඹලා විශ්වාස නො කළේම ය. එහෙත් අපි අවනත වූයෙමු යැයි නුඹලා පවසනු. නුඹලාගේ සිත් තුළට දේව විශ්වාසය ඇතුළු වූයේ නැත. තවද නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නෙහු නම් නුඹලාගේ ක්‍රියාවන්ගෙන් කිසිවක් ඔහු අඩු නො කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහාකරුණාන්විත ය.”
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّمَا الْمُؤْمِنُوْنَ الَّذِیْنَ اٰمَنُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ ثُمَّ لَمْ یَرْتَابُوْا وَجٰهَدُوْا بِاَمْوَالِهِمْ وَاَنْفُسِهِمْ فِیْ سَبِیْلِ اللّٰهِ ؕ— اُولٰٓىِٕكَ هُمُ الصّٰدِقُوْنَ ۟
නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කොට පසුව (ඒ ගැන) සැක නො කර තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් වෙති. ඔවුහු මය සත්‍යවාදීහු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قُلْ اَتُعَلِّمُوْنَ اللّٰهَ بِدِیْنِكُمْ ؕ— وَاللّٰهُ یَعْلَمُ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَاللّٰهُ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟
“නුඹලාගේ දහම නුඹලා අල්ලාහ්ට උගන්වන්නෙහු දැ”යි (නබිවරය!) නුඹ විමසනු. තවද අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ දනී. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یَمُنُّوْنَ عَلَیْكَ اَنْ اَسْلَمُوْا ؕ— قُلْ لَّا تَمُنُّوْا عَلَیَّ اِسْلَامَكُمْ ۚ— بَلِ اللّٰهُ یَمُنُّ عَلَیْكُمْ اَنْ هَدٰىكُمْ لِلْاِیْمَانِ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
(නබිවරය!) ඔවුන් ඉස්ලාමය වැළඳ ගැනීම නුඹ වෙත කරන උපකාරයක් ලෙස ඔවුහු සලකති. නමුත්. “නුඹලා නුඹලාගේ ඉස්ලාමය මා වෙත කරන උපකාරයක් ලෙස නො සලකනු. එහෙත් නුඹලා සත්‍යවාදීන් නම් දේව විශ්වාසය වෙත නුඹලාට අල්ලාහ් මග පෙන්වීමෙන් ඔහු නුඹලා වෙත උපකාර කර ඇතැ”යි නුඹ පවසනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّ اللّٰهَ یَعْلَمُ غَیْبَ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَاللّٰهُ بَصِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟۠
නියත වශයෙන් ම අල්ලාහ් අහස්හි හා මහපොළොවේ අදෘශ්‍යමාන දෑ පිළිබඳව දනී. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ഹുജുറാത്ത്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക