Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ജാഥിയഃ   ആയത്ത്:
اَفَرَءَیْتَ مَنِ اتَّخَذَ اِلٰهَهٗ هَوٰىهُ وَاَضَلَّهُ اللّٰهُ عَلٰی عِلْمٍ وَّخَتَمَ عَلٰی سَمْعِهٖ وَقَلْبِهٖ وَجَعَلَ عَلٰی بَصَرِهٖ غِشٰوَةً ؕ— فَمَنْ یَّهْدِیْهِ مِنْ بَعْدِ اللّٰهِ ؕ— اَفَلَا تَذَكَّرُوْنَ ۟
(නබිවරය!) කවුරුන් තම මනෝභාවය දෙවියන් බවට පත් කර ගත්තේද ඔහුව නුඹ දුටුවෙහි ද? දැනුවත්වම අල්ලාහ් ඔහු නොමග යන්නට ඉඩ හැරියේ ය. තවද ඔහුගේ සවන හා ඔහුගේ හදවත මත මුද්‍රා තැබුවේ ය. තවද ඔහුගේ බැල්ම මත ආවරණයක් ඇති කළේ ය. අල්ලාහ්ගෙන් පසුව ඔහුට මග පෙන්වනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි නො කරන්නෙහු ද?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَقَالُوْا مَا هِیَ اِلَّا حَیَاتُنَا الدُّنْیَا نَمُوْتُ وَنَحْیَا وَمَا یُهْلِكُنَاۤ اِلَّا الدَّهْرُ ۚ— وَمَا لَهُمْ بِذٰلِكَ مِنْ عِلْمٍ ۚ— اِنْ هُمْ اِلَّا یَظُنُّوْنَ ۟
තවද “මෙය අපගේ මෙලොව ජීවිතය මිස නැත. අපි මරණයට පත් වෙමු. තවද අපි ජීවත් වෙමු. කාලය මිස වෙන කිසිවක් අප විනාශ නො කරනු ඇත” යැයි ඔවුහු පවසති. එහෙත් ඒ පිළිබඳව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුන් අනුමාන කරනු මිස නැත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیٰتُنَا بَیِّنٰتٍ مَّا كَانَ حُجَّتَهُمْ اِلَّاۤ اَنْ قَالُوا ائْتُوْا بِاٰبَآىِٕنَاۤ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
තවද අපගේ වදන් ඔවුන් වෙත පැහැදිලි ලෙසින් පාරායනය කරනු ලබන විට, “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් ගෙන එනු යැයි” ඔවුහු පවසා සිටියා මිස වෙනකක් ඔවුන්ගේ සාධකය නො වීය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قُلِ اللّٰهُ یُحْیِیْكُمْ ثُمَّ یُمِیْتُكُمْ ثُمَّ یَجْمَعُكُمْ اِلٰی یَوْمِ الْقِیٰمَةِ لَا رَیْبَ فِیْهِ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟۠
(නබිවරය!) නුඹ පවසනු. අල්ලාහ් නුඹලා ජීවත් කරවයි; පසුව නුඹලා මරණයට පත් කරයි; පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙත නුඹලා එක්රැස් කරයි; එහි කිසිදු සැකයක් නැත. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා නො දනිති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلِلّٰهِ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَیَوْمَ تَقُوْمُ السَّاعَةُ یَوْمَىِٕذٍ یَّخْسَرُ الْمُبْطِلُوْنَ ۟
තවද අහස්හි හා මහපොළොවේ ආධිපත්ය අල්ලාහ් සතු ය. එම හෝරාව ක්‍රියාත්මක වන දින, එදින බොරුකරන්නෝ පරාජයට පත් වෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَتَرٰی كُلَّ اُمَّةٍ جَاثِیَةً ۫ؕ— كُلُّ اُمَّةٍ تُدْعٰۤی اِلٰی كِتٰبِهَا ؕ— اَلْیَوْمَ تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
සෑම සමූහයක් ම දණින් වැටී සිටිනු නුඹ දකිනු ඇත. සෑම සමූහයක් ම ඔවුන්ගේ වාර්තාව වෙත ඇරයුම් කරනු ලබති. “අද දින නුඹලා කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබන්නෙහු ය.” (යැයි කියනු ලැබේ.)
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
هٰذَا كِتٰبُنَا یَنْطِقُ عَلَیْكُمْ بِالْحَقِّ ؕ— اِنَّا كُنَّا نَسْتَنْسِخُ مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
මෙය නුඹලාට එරෙහිව සත්‍යයෙන් යුතුව කතා කරන අපගේ වාර්තාවයි. නියත වශයෙන් ම අපි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ සටහන් කරමින් සිටියෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَیُدْخِلُهُمْ رَبُّهُمْ فِیْ رَحْمَتِهٖ ؕ— ذٰلِكَ هُوَ الْفَوْزُ الْمُبِیْنُ ۟
විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ කරුණාව තුළට ඔවුන් ඇතුළත් කරනු ඇත. එයයි පැහැදිලි ජයග්‍රහණ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاَمَّا الَّذِیْنَ كَفَرُوْا ۫— اَفَلَمْ تَكُنْ اٰیٰتِیْ تُتْلٰی عَلَیْكُمْ فَاسْتَكْبَرْتُمْ وَكُنْتُمْ قَوْمًا مُّجْرِمِیْنَ ۟
තවද ප්‍රතික්ෂේප කළවුන් වූ කලී, (ඔවුන්හට) “නුඹලා වෙත මාගේ වදන් පාරායනය කරමින් නො තිබුණේ ද? එවිට නුඹලා උඩඟු වූයෙහු ය. තවද නුඹලා වැරදි කරන පිරිසක් වූයෙහු ය. (යැයි කියනු ලැබේ.)
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاِذَا قِیْلَ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَّالسَّاعَةُ لَا رَیْبَ فِیْهَا قُلْتُمْ مَّا نَدْرِیْ مَا السَّاعَةُ ۙ— اِنْ نَّظُنُّ اِلَّا ظَنًّا وَّمَا نَحْنُ بِمُسْتَیْقِنِیْنَ ۟
“තවද නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද අවසන් හෝරාව එහි කිසිදු සැකයක් නැත” යැයි කියනු ලැබූ විට අවසන් හෝරාව කුමක් දැ? යි අපි නො දනිමු. එය අනුමානයක් ලෙසින් මිස අපි නො සිතමු. තවද අපි එය තරයේ විශ්වාස කරන්නන් නො වූයෙමු යැයි නුඹලා පැවසුවෙහු ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ജാഥിയഃ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക