Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ശ്ശൂറാ   ആയത്ത്:
وَمِنْ اٰیٰتِهِ الْجَوَارِ فِی الْبَحْرِ كَالْاَعْلَامِ ۟ؕ
තවද මහා කඳු මෙන් මුහුදෙහි ගමන් කරන යාත්‍රා ද ඔහුගේ සංඥා අතරිනි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنْ یَّشَاْ یُسْكِنِ الرِّیْحَ فَیَظْلَلْنَ رَوَاكِدَ عَلٰی ظَهْرِهٖ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُوْرٍ ۟ۙ
ඔහු අභිමත කරන්නේ නම් සුළඟ නවතාලයි. එවිට ඒ (මුහුද) මතු පිට ඒවා නිසංසල බවට පත් වනු ඇත. නියත වශයෙන් ම අධික ලෙස ගුණගරුක මහත් සේ ඉවසිලිවන්ත සියල්ලන්හට එහි සංඥා ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَوْ یُوْبِقْهُنَّ بِمَا كَسَبُوْا وَیَعْفُ عَنْ كَثِیْرٍ ۟ۙ
එසේ නැතහොත් ඔවුන් (පාපතරයින්) උපයා ගත් දෑ හේතුවෙන් ඔහු ඒවා විනාශ කර දමනු ඇත. තවද ඔහු (පාපකම් අතරින්) බොහෝ දෑට සමාව දෙයි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَّیَعْلَمَ الَّذِیْنَ یُجَادِلُوْنَ فِیْۤ اٰیٰتِنَا ؕ— مَا لَهُمْ مِّنْ مَّحِیْصٍ ۟
තවද අපගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් ගැන ඔහු දනී. ඔවුනට පලායන කිසිදු ස්ථානයක් නැත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَمَاۤ اُوْتِیْتُمْ مِّنْ شَیْءٍ فَمَتَاعُ الْحَیٰوةِ الدُّنْیَا ۚ— وَمَا عِنْدَ اللّٰهِ خَیْرٌ وَّاَبْقٰی لِلَّذِیْنَ اٰمَنُوْا وَعَلٰی رَبِّهِمْ یَتَوَكَّلُوْنَ ۟ۚ
එහෙයින් නුඹලාට යමක් දෙනු ලැබුවේ නම් එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමකි. එහෙත් දේවත්වය විශ්වාස කොට ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරන අයට අල්ලාහ් අබියස ඇති දෑ ශ්‍රේෂ්ඨ ය. තවද එය සදා පවතින්නකි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَالَّذِیْنَ یَجْتَنِبُوْنَ كَبٰٓىِٕرَ الْاِثْمِ وَالْفَوَاحِشَ وَاِذَا مَا غَضِبُوْا هُمْ یَغْفِرُوْنَ ۟ۚ
තවද ඔවුන් වනාහි බරපතළ පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකි සිටින්නන් වෙති. තවද කෝප වූ විට සමාව දෙන්නෝ ඔවුහු ම ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَالَّذِیْنَ اسْتَجَابُوْا لِرَبِّهِمْ وَاَقَامُوا الصَّلٰوةَ ۪— وَاَمْرُهُمْ شُوْرٰی بَیْنَهُمْ ۪— وَمِمَّا رَزَقْنٰهُمْ یُنْفِقُوْنَ ۟ۚ
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිට පිළිතුරු දුන් අය වෙති. තවද සලාතය විධිමත්ව ඉටු කළ අය වෙති. තවද ඔවුන්ගේ කරුණු ඔවුන් අතර සාකච්ඡා මත පවතී. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَالَّذِیْنَ اِذَاۤ اَصَابَهُمُ الْبَغْیُ هُمْ یَنْتَصِرُوْنَ ۟
තවද ඔවුන් වනාහි ඔවුනට අසාධාරණයක් සිදු වූ විට ඔවුහු උදව් ලබන්නෝ වෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَجَزٰٓؤُا سَیِّئَةٍ سَیِّئَةٌ مِّثْلُهَا ۚ— فَمَنْ عَفَا وَاَصْلَحَ فَاَجْرُهٗ عَلَی اللّٰهِ ؕ— اِنَّهٗ لَا یُحِبُّ الظّٰلِمِیْنَ ۟
තවද නපුරට ප්‍රතිවිපාකය ඒ හා සමාන නපුරකි. එහෙයින් කවරෙකු සමාව දී සමාදානව කටයුතු කළේ ද එවිට ඔහුගේ ප්‍රතිඵලය අල්ලාහ් මත ය. නියත වශයෙන් ම ඔහු අපරාධකරුවන් ප්‍රිය නො කරයි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَمَنِ انْتَصَرَ بَعْدَ ظُلْمِهٖ فَاُولٰٓىِٕكَ مَا عَلَیْهِمْ مِّنْ سَبِیْلٍ ۟ؕ
තවද කවරෙකු තමාට සිදු වූ අපරාධයෙන් පසුව උදව් ලැබුවේ ද එවිට ඔවුනට එරෙහිව කිසිදු මාර්ගයක් නැත්තෝ ඔවුහු ම ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّمَا السَّبِیْلُ عَلَی الَّذِیْنَ یَظْلِمُوْنَ النَّاسَ وَیَبْغُوْنَ فِی الْاَرْضِ بِغَیْرِ الْحَقِّ ؕ— اُولٰٓىِٕكَ لَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
නියත වශයෙන් ම ක්‍රියාමාර්ගය (ගත යුතුව) ඇත්තේ ජනයාට අපරාධ කරමින් යුක්තියෙන් තොරව මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ට එරෙහිව පමණ ය. වේදනීය දඬුවමක් ඇත්තෝ ඔවුහු ම ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَمَنْ صَبَرَ وَغَفَرَ اِنَّ ذٰلِكَ لَمِنْ عَزْمِ الْاُمُوْرِ ۟۠
තවද කවරෙකු ඉවසා සමාව දුන්නේ ද නියත වශයෙන් ම එය ස්ථාවර කටයුතු අතරිනි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَمَنْ یُّضْلِلِ اللّٰهُ فَمَا لَهٗ مِنْ وَّلِیٍّ مِّنْ بَعْدِهٖ ؕ— وَتَرَی الظّٰلِمِیْنَ لَمَّا رَاَوُا الْعَذَابَ یَقُوْلُوْنَ هَلْ اِلٰی مَرَدٍّ مِّنْ سَبِیْلٍ ۟ۚ
තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට (අල්ලාහ් වන) ඔහුගෙන් පසුව කිසිදු භාරකරුවකු ඔහුට නැත. තවද අපරාධකරුවන් දඬුවම දුටු කල්හි ‘මිදීමට මගක් ඇත් දැ?’යි විමසා සිටිනු නුඹ දකිනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ശ്ശൂറാ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക