Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ഗാഫിർ   ആയത്ത്:
هُوَ الَّذِیْ خَلَقَكُمْ مِّنْ تُرَابٍ ثُمَّ مِنْ نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ یُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوْۤا اَشُدَّكُمْ ثُمَّ لِتَكُوْنُوْا شُیُوْخًا ۚ— وَمِنْكُمْ مَّنْ یُّتَوَفّٰی مِنْ قَبْلُ وَلِتَبْلُغُوْۤا اَجَلًا مُّسَمًّی وَّلَعَلَّكُمْ تَعْقِلُوْنَ ۟
මැටියෙන් ද පසුව ශුක්‍රාණු බිඳුවකින් ද පසුව එල්ලී පවතින කැටියකින් ද නුඹලා මැව්වේ ඔහු ය. පසුව ඔහු නුඹලා බිළිදෙකු ලෙස බැහැර කරයි. පසුව නුඹලා වැඩිවියට පත්වන්නටත් පසුව වයෝවෘද්ධභාවයට පත්වන්නටත් ඔහු සලස්වයි. නුඹලා අතරින් ඊට පෙර මරණයට පත් කරනු ලබන්නන් ද වෙති. තවද (මෙසේ) නියමිත කාලයක් දක්වා නුඹලා ළඟා වන්නට ඉඩ හරිනු පිණිස හා නුඹලා වටහා ගත හැකි වනු පිණිස ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
هُوَ الَّذِیْ یُحْیٖ وَیُمِیْتُ ۚ— فَاِذَا قَضٰۤی اَمْرًا فَاِنَّمَا یَقُوْلُ لَهٗ كُنْ فَیَكُوْنُ ۟۠
ජීවය දෙන්නේත් මරණයට පත් කරන්නේත් ඔහු ය. එහෙයින් ඔහු යම් කරුණක් සිදු වීමට තීන්දු කළේ නම් එවිට ‘සිදුවනු’ යැයි එයට පවසනවා පමණි. එවිට එය සිදු වනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ یُجَادِلُوْنَ فِیْۤ اٰیٰتِ اللّٰهِ ؕ— اَنّٰی یُصْرَفُوْنَ ۟ۙۛ
අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් ඔවුන් (සත්‍ය මාර්ගයෙන්) වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද? යැයි (නබිවරය!) නුඹ නො දුටුවෙහි ද?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
الَّذِیْنَ كَذَّبُوْا بِالْكِتٰبِ وَبِمَاۤ اَرْسَلْنَا بِهٖ رُسُلَنَا ۛ۫— فَسَوْفَ یَعْلَمُوْنَ ۟ۙ
ඔවුන් වනාහි, ධර්ම ග්‍රන්ථය හා අප කවර දෙයක් සමඟ අපගේ ධර්ම දූතවරු එව්වෙමු ද එය බොරුකළවුන් ය. එහෙත් ඔවුහු මතු දැන ගනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِذِ الْاَغْلٰلُ فِیْۤ اَعْنَاقِهِمْ وَالسَّلٰسِلُ ؕ— یُسْحَبُوْنَ ۟ۙ
එවිට ඔවුන්ගේ ගෙලවල්වල විලංගු හා දම්වැල් තිබේ. ඔවුන් හෙළනු ලබති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فِی الْحَمِیْمِ ۙ۬— ثُمَّ فِی النَّارِ یُسْجَرُوْنَ ۟ۚ
නටන ජලයෙහි. පසුව ඔවුන් (නිරා) ගින්නෙහි ද දවනු ලබති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ثُمَّ قِیْلَ لَهُمْ اَیْنَ مَا كُنْتُمْ تُشْرِكُوْنَ ۟ۙ
පසුව “නුඹලා ආදේශ කරමින් සිටි දෑ කොහේ දැ?” යි ඔවුනට පවසනු ලැබේ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
مِنْ دُوْنِ اللّٰهِ ؕ— قَالُوْا ضَلُّوْا عَنَّا بَلْ لَّمْ نَكُنْ نَّدْعُوْا مِنْ قَبْلُ شَیْـًٔا ؕ— كَذٰلِكَ یُضِلُّ اللّٰهُ الْكٰفِرِیْنَ ۟
අල්ලාහ් හැර දමා (ආදේශ කරමින් සිටි දෑ කොහේ ද?) “ඔවුන් අපගෙන් මුළා වී ඇත. නමුදු මීට පෙර අපි කිසිවක් ඇරයුම් කරමින් නො සිටියෙමු” යැයි ඔවුහු පවසති. එලෙසය ප්‍රතික්ෂේප කරන්නන්ව අල්ලාහ් නොමග යන්නට හරිනුයේ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ذٰلِكُمْ بِمَا كُنْتُمْ تَفْرَحُوْنَ فِی الْاَرْضِ بِغَیْرِ الْحَقِّ وَبِمَا كُنْتُمْ تَمْرَحُوْنَ ۟ۚ
එය, යුක්තියෙන් තොරව මහපොළොවේ නුඹලා සතුටු වෙමින් සිටි බැවින් ද නුඹලා ගර්වයෙන් කටයුතු කළ බැවින් ද වේ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اُدْخُلُوْۤا اَبْوَابَ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَا ۚ— فَبِئْسَ مَثْوَی الْمُتَكَبِّرِیْنَ ۟
නුඹලා එහි සදාතනිකයින් ලෙසින් නිරයේ දොරටුවලට ඇතුළු වනු. උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاصْبِرْ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ ۚ— فَاِمَّا نُرِیَنَّكَ بَعْضَ الَّذِیْ نَعِدُهُمْ اَوْ نَتَوَفَّیَنَّكَ فَاِلَیْنَا یُرْجَعُوْنَ ۟
එහෙයින් (නබිවරය!) නුඹ ඉවසනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් සැබැවින් ම අපි නුඹට පෙන්වනුයේ අප ඔවුනට ප්‍රතිඥා දුන් දෑහි සමහරක් පමණි. එසේ නැතහොත්, අපි නුඹ මරණයට පත් කරන්නෙමු. පසුව ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ අප වෙත ම ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ഗാഫിർ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക