Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ന്നിസാഅ്   ആയത്ത്:
وَاِنْ اَرَدْتُّمُ اسْتِبْدَالَ زَوْجٍ مَّكَانَ زَوْجٍ ۙ— وَّاٰتَیْتُمْ اِحْدٰىهُنَّ قِنْطَارًا فَلَا تَاْخُذُوْا مِنْهُ شَیْـًٔا ؕ— اَتَاْخُذُوْنَهٗ بُهْتَانًا وَّاِثْمًا مُّبِیْنًا ۟
භාර්යාවක ස්ථානයේ තවත් භාර්යාවක් මාරු කරන්නට නුඹලා අදහස් කරන්නේ නම් ඔවුන්ගෙන් එක් තැනැත්තියකට නුඹලා ධන සම්භාරයක් පිරිනමා තිබුණ ද නුඹලා එයින් කිසිවක් නො ගනු. නුඹලා එය අයුක්ති සහගත ලෙසින් හා පැහැදිලි පාප කර්මයක් ලෙසින් ගන්නෙහු ද?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَكَیْفَ تَاْخُذُوْنَهٗ وَقَدْ اَفْضٰی بَعْضُكُمْ اِلٰی بَعْضٍ وَّاَخَذْنَ مِنْكُمْ مِّیْثَاقًا غَلِیْظًا ۟
නුඹලාගෙන් කෙනෙකු තවත් කෙනෙකු සමඟ (විවාහ) සබඳතා පවත්වා ගෙන ගොස් තිබිය දී සහ නුඹලාගෙන් ස්ථීර ගිවිසුමක් ඔවුන් ලබා ගෙන තිබිය දී නුඹලා එය (දුන් දෑ) ගත හැක්කේ කෙසේ ද?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَا تَنْكِحُوْا مَا نَكَحَ اٰبَآؤُكُمْ مِّنَ النِّسَآءِ اِلَّا مَا قَدْ سَلَفَ ؕ— اِنَّهٗ كَانَ فَاحِشَةً وَّمَقْتًا ؕ— وَسَآءَ سَبِیْلًا ۟۠
නුඹලාගේ පියවරුන් විවාහ කර ගත් කාන්තාවන් නුඹලා විවාහ නො කරනු. එහෙත් පෙර පැවති සිදුවීම් හැර. නියත වශයෙන් ම එය අශීලාචාර හා පිළිකුල් සහගත ක්‍රියාවක් විය. තවද ක්‍රියා මාර්ගයෙන් එය ඉතා නපුරු ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
حُرِّمَتْ عَلَیْكُمْ اُمَّهٰتُكُمْ وَبَنٰتُكُمْ وَاَخَوٰتُكُمْ وَعَمّٰتُكُمْ وَخٰلٰتُكُمْ وَبَنٰتُ الْاَخِ وَبَنٰتُ الْاُخْتِ وَاُمَّهٰتُكُمُ الّٰتِیْۤ اَرْضَعْنَكُمْ وَاَخَوٰتُكُمْ مِّنَ الرَّضَاعَةِ وَاُمَّهٰتُ نِسَآىِٕكُمْ وَرَبَآىِٕبُكُمُ الّٰتِیْ فِیْ حُجُوْرِكُمْ مِّنْ نِّسَآىِٕكُمُ الّٰتِیْ دَخَلْتُمْ بِهِنَّ ؗ— فَاِنْ لَّمْ تَكُوْنُوْا دَخَلْتُمْ بِهِنَّ فَلَا جُنَاحَ عَلَیْكُمْ ؗ— وَحَلَآىِٕلُ اَبْنَآىِٕكُمُ الَّذِیْنَ مِنْ اَصْلَابِكُمْ ۙ— وَاَنْ تَجْمَعُوْا بَیْنَ الْاُخْتَیْنِ اِلَّا مَا قَدْ سَلَفَ ؕ— اِنَّ اللّٰهَ كَانَ غَفُوْرًا رَّحِیْمًا ۟ۙ
නුඹලාගේ මව්වරුන්, නුඹලාගේ දූවරුන්, නුඹලාගේ සහෝදරියන්, නුඹලාගේ පියාගේ සහෝදරියන් (නැන්දාවරුන්), නුඹලාගේ මවගේ සහෝදරියන්, (නුඹලාගේ) සහෝදරයාගේ දූවරුන්, සහෝදරියගේ දූවරුන්, නුඹලාට කිරි පෙවූ නුඹලාගේ මව්වරුන්, කිරි පෙවීම හේතුවෙන් වූ නුඹලාගේ සහෝදරියන්, නුඹලාගේ බිරින්දෑවරුන්ගේ මව්වරුන් සහ නුඹලා ඔවුන් සමඟ (විවාහ ජීවිතයට) ඇතුළත් වූ බිරින්දෑවරුන්ගෙන් (පෙර විවාහයකින් ඉපද) නුඹලාගේ උකුලෙහි හැදී වැඩුණු නුඹලාගේ දූරුවන් නුඹලාට (විවාහ වීමට) තහනම් කරන ලදි. එහෙත් නුඹලා ඔවුන් (එම බිරියන්) වෙත ප්‍රවේශ නො වූයේ නම් (එම දූවරුන් විවාහ කර ගැනීම) නුඹලාට වරදක් නැත. නුඹලාගේ කොඳුනාරටියෙන් බිහි වූ නුඹලාගේ දරුවන්ගේ බිරින්දෑවරුන් (ලේලියන්) ද පෙර පැවති දෑ හැර (මින් පසු), සහෝදරියන් දෙදෙනෙකු නුඹලා (බිරියන් වශයෙන්) එකට තබා ගැනීම ද තහනම් කරන ලදි. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; පරම කරුණාභරිත ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ന്നിസാഅ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക