Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: സ്സുമർ   ആയത്ത്:
وَبَدَا لَهُمْ سَیِّاٰتُ مَا كَسَبُوْا وَحَاقَ بِهِمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟
තවද ඔවුන් උපයා ගත් දෑහි නපුරුකම් ඔවුනට හෙළිවනු ඇත. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳව සරදම් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاِذَا مَسَّ الْاِنْسَانَ ضُرٌّ دَعَانَا ؗ— ثُمَّ اِذَا خَوَّلْنٰهُ نِعْمَةً مِّنَّا ۙ— قَالَ اِنَّمَاۤ اُوْتِیْتُهٗ عَلٰی عِلْمٍ ؕ— بَلْ هِیَ فِتْنَةٌ وَّلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟
මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු අපට කන්නලව් කරයි. පසුව අපගෙන් වූ දයාවක් අපි ඔහුට පිරිනැමූ විට, “නියත වශයෙන් ම එය මට දෙනු ලැබුවේ (මාගේ) දැනුම අනුවය” යැයි පවසයි. නැත, එය පරීක්ෂණයකි. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَدْ قَالَهَا الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَمَاۤ اَغْنٰی عَنْهُمْ مَّا كَانُوْا یَكْسِبُوْنَ ۟
සැබැවින් ම ඔවුනට පෙර සිටි අය ද එය පැවසුවෝ ය. එහෙත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නො වීය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاَصَابَهُمْ سَیِّاٰتُ مَا كَسَبُوْا ؕ— وَالَّذِیْنَ ظَلَمُوْا مِنْ هٰۤؤُلَآءِ سَیُصِیْبُهُمْ سَیِّاٰتُ مَا كَسَبُوْا ۙ— وَمَا هُمْ بِمُعْجِزِیْنَ ۟
එහෙයින් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාකය ඔවුන්ව හසුකර ගත්තේ ය. ඔවුන් අතරින් අපරාධ කළවුන් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාක ඔවුන්ව මතු හසුකරනු ඇත. තවද ඔවුහු (සත්‍යය) පරාජයට පත් කරන්නන් නො වෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَوَلَمْ یَعْلَمُوْۤا اَنَّ اللّٰهَ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ وَیَقْدِرُ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟۠
නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙන බවත් එමෙන් ම ඔහු එය සීමා කර දෙන බවත් ඔවුහු නො දන්නෝ ද? නියත වශයෙන් ම විශ්වාස කරන ජනයාට එහි සාධක ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قُلْ یٰعِبَادِیَ الَّذِیْنَ اَسْرَفُوْا عَلٰۤی اَنْفُسِهِمْ لَا تَقْنَطُوْا مِنْ رَّحْمَةِ اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ یَغْفِرُ الذُّنُوْبَ جَمِیْعًا ؕ— اِنَّهٗ هُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟
අහෝ තමන් විසින් තමන්ව නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නො වනු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු පාපයන්ට සමාව දෙනු ඇත. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاَنِیْبُوْۤا اِلٰی رَبِّكُمْ وَاَسْلِمُوْا لَهٗ مِنْ قَبْلِ اَنْ یَّاْتِیَكُمُ الْعَذَابُ ثُمَّ لَا تُنْصَرُوْنَ ۟
තවද දඬුවම නුඹලා වෙත පැමිණීමට පෙර නුඹලා නුඹලාගේ පරමාධිපති වෙත නැඹුරු වනු. තවද ඔහුට යටහත් වනු. පසුව නුඹලා උදව් කරනු නො ලබන්නෙහු ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاتَّبِعُوْۤا اَحْسَنَ مَاۤ اُنْزِلَ اِلَیْكُمْ مِّنْ رَّبِّكُمْ مِّنْ قَبْلِ اَنْ یَّاْتِیَكُمُ الْعَذَابُ بَغْتَةً وَّاَنْتُمْ لَا تَشْعُرُوْنَ ۟ۙ
තවද නුඹලා නො හඟමින් සිටිය දී අනපේක්ෂිතව නුඹලා වෙත දඬුවම පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිති විසින් නුඹලා වෙත පහළ කරනු ලැබූ වඩාත් අලංකාර දෑ පිළිපදිනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَنْ تَقُوْلَ نَفْسٌ یّٰحَسْرَتٰی عَلٰی مَا فَرَّطْتُ فِیْ جَنْۢبِ اللّٰهِ وَاِنْ كُنْتُ لَمِنَ السّٰخِرِیْنَ ۟ۙ
අල්ලාහ් සම්බන්ධයෙන් (මා ඉටු කළ යුතු වගකීම්) නො සලකා හැරීම හේතුවෙන් මට විනාශයයි. තවද නියත වශයෙන් ම මම සමච්චල් කරන්නන් අතරින් වූයෙමි යැයි කිසිදු ආත්මයක් පවසා සිටීමට පෙර ද,
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: സ്സുമർ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക