Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ലുഖ്മാൻ   ആയത്ത്:
اَلَمْ تَرَوْا اَنَّ اللّٰهَ سَخَّرَ لَكُمْ مَّا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ وَاَسْبَغَ عَلَیْكُمْ نِعَمَهٗ ظَاهِرَةً وَّبَاطِنَةً ؕ— وَمِنَ النَّاسِ مَنْ یُّجَادِلُ فِی اللّٰهِ بِغَیْرِ عِلْمٍ وَّلَا هُدًی وَّلَا كِتٰبٍ مُّنِیْرٍ ۟
අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන් ම අල්ලාහ් නුඹලාට වසඟ කර දුන් බවත් ඔහුගේ ආශිර්වාදය නුඹලා වෙත මතුපිටින් ද ඇතුළාන්තයෙන් ද සම්පූර්ණ කර දී ඇති බවත් නුඹලා නො දුටුවෙහු ද? (එහෙත්) කිසිදු දැනුමකින් හෝ මග පෙන්වීමකින් හෝ ආලෝකය ලබා දෙන ධර්ම ග්‍රන්ථයකින් හෝ තොරව අල්ලාහ් විෂයයෙහි තර්ක කරන්නෝ ද ජනයා අතරින් වෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاِذَا قِیْلَ لَهُمُ اتَّبِعُوْا مَاۤ اَنْزَلَ اللّٰهُ قَالُوْا بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا عَلَیْهِ اٰبَآءَنَا ؕ— اَوَلَوْ كَانَ الشَّیْطٰنُ یَدْعُوْهُمْ اِلٰی عَذَابِ السَّعِیْرِ ۟
තවද අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරනුයි ඔවුනට කියනු ලැබූ කල්හි අපගේ පියවරු කවර දෙයක් මත සිටිනු අප දුටුවෙමු ද, එය අපි අනුගමනය කරන්නෙමු යැයි ඔවුහු පැවසූහ. ඇවිළෙන ගින්නේ දඬුවම වෙත ෂෙයිතාන් ඔවුන් ඇරයුම් කර සිටිය ද (ඔවුන් එසේ අනුගමනය කරනුයේ ද?)
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَمَنْ یُّسْلِمْ وَجْهَهٗۤ اِلَی اللّٰهِ وَهُوَ مُحْسِنٌ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقٰی ؕ— وَاِلَی اللّٰهِ عَاقِبَةُ الْاُمُوْرِ ۟
තවද කවරෙකු දැහැමියකුව සිට තම මුහුණ අල්ලාහ් වෙතට යටහත් කරන්නේ ද එවිට සැබැවින් ම ඔහු ශක්තිමත් රැහැනක් තදින් ග්‍රහණය කර ගත්තේ ය. තවද සියලු කරුණුවල අවසානය අල්ලාහ් වෙත ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَمَنْ كَفَرَ فَلَا یَحْزُنْكَ كُفْرُهٗ ؕ— اِلَیْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُمْ بِمَا عَمِلُوْا ؕ— اِنَّ اللّٰهَ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔබ දුකට පත් නො කළ යුතු ය. ඔවුන් නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙත ය. එවිට ඔවුන් සිදු කළ දෑ පිළිබඳව අපි ඔවුනට දන්වා සිටිමු. නියත වශයෙන් ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්ව ඥානී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
نُمَتِّعُهُمْ قَلِیْلًا ثُمَّ نَضْطَرُّهُمْ اِلٰی عَذَابٍ غَلِیْظٍ ۟
අපි ඔවුනට ටික කලක් භුක්ති විඳින්නට සලස්වමු. පසුව අපි ඔවුන් දැඩි දඬුවමක් වෙත යොමු කරන්නෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَىِٕنْ سَاَلْتَهُمْ مَّنْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ لَیَقُوْلُنَّ اللّٰهُ ؕ— قُلِ الْحَمْدُ لِلّٰهِ ؕ— بَلْ اَكْثَرُهُمْ لَا یَعْلَمُوْنَ ۟
තවද අහස් හා මහපොළොව මැව්වේ කවු දැ? යි ඔබ ඔවුන්ගෙන් විමසුවේ නම් සැබැවින් ම අල්ලාහ් යැයි ඔවුහු පවසති. සියලු ප්‍රශංසා අල්ලාහ්ට යැයි ඔබ පවසනු. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— اِنَّ اللّٰهَ هُوَ الْغَنِیُّ الْحَمِیْدُ ۟
අහස්හි හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතු ය. නියත වශයෙන් ම අල්ලාහ්, ඔහු මය අවශ්‍යතාවන්ගෙන් තොර ය; ප්‍රශංසාලාභී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَوْ اَنَّمَا فِی الْاَرْضِ مِنْ شَجَرَةٍ اَقْلَامٌ وَّالْبَحْرُ یَمُدُّهٗ مِنْ بَعْدِهٖ سَبْعَةُ اَبْحُرٍ مَّا نَفِدَتْ كَلِمٰتُ اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ عَزِیْزٌ حَكِیْمٌ ۟
තවද මහපොළොවේ ගස් (සියල්ල) පන්හිදවල් වී තවද මුහුද ද එයට පසුව තවත් මුහුදු හතක් (තීන්ත බවට) එයට එකතු වුව ද අල්ලාහ්ගේ වදන් නිමා නො වනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
مَا خَلْقُكُمْ وَلَا بَعْثُكُمْ اِلَّا كَنَفْسٍ وَّاحِدَةٍ ؕ— اِنَّ اللّٰهَ سَمِیْعٌ بَصِیْرٌ ۟
නුඹලා මැවීම හෝ නුඹලා නැවත නැගිටුවීම හෝ එක් ආත්මයක් (මැවීම) මෙන් මිස නැත. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ലുഖ്മാൻ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക