Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: റൂം   ആയത്ത്:
وَعْدَ اللّٰهِ ؕ— لَا یُخْلِفُ اللّٰهُ وَعْدَهٗ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟
තවද (රෝම ආක්‍රමණය) අල්ලාහ්ගේ ප්‍රතිඥාවයි. අල්ලාහ් ඔහුගේ ප්‍රතිඥාව කඩ නො කරයි. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා නො දනිති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یَعْلَمُوْنَ ظَاهِرًا مِّنَ الْحَیٰوةِ الدُّنْیَا ۖۚ— وَهُمْ عَنِ الْاٰخِرَةِ هُمْ غٰفِلُوْنَ ۟
මෙලොව ජීවිතයේ මතුපිටින් වූ දෑ ඔවුහු දනිති. එහෙත් මතු ලොව පිළිබඳව ඔවුහු අනවධානීන් ලෙස ම සිටිති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَوَلَمْ یَتَفَكَّرُوْا فِیْۤ اَنْفُسِهِمْ ۫— مَا خَلَقَ اللّٰهُ السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَاۤ اِلَّا بِالْحَقِّ وَاَجَلٍ مُّسَمًّی ؕ— وَاِنَّ كَثِیْرًا مِّنَ النَّاسِ بِلِقَآئِ رَبِّهِمْ لَكٰفِرُوْنَ ۟
තවද ඔවුහු තමන් ගැන කල්පනා නො කළෝ ද? අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද යුක්තියෙන් හා නියමිත කාල නිර්ණයකට අනුව මිස අල්ලාහ් මැව්වේ නැත. තවද ජනයා අතරින් බහුතරයක් දෙනා ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَوَلَمْ یَسِیْرُوْا فِی الْاَرْضِ فَیَنْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ— كَانُوْۤا اَشَدَّ مِنْهُمْ قُوَّةً وَّاَثَارُوا الْاَرْضَ وَعَمَرُوْهَاۤ اَكْثَرَ مِمَّا عَمَرُوْهَا وَجَآءَتْهُمْ رُسُلُهُمْ بِالْبَیِّنٰتِ ؕ— فَمَا كَانَ اللّٰهُ لِیَظْلِمَهُمْ وَلٰكِنْ كَانُوْۤا اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟ؕ
තවද මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි ඔවුහු නො බැලුවෝ ද? ඔවුහු මොවුනට වඩා ශක්තියෙන් බලවත් වූවෝ ය. ඔවුන් මහපොළොවේ අස්වද්දා, මොවුන් පාලනය කළ දෑට වඩා බලවත් ලෙස ඔවුහු එය පරිපාලනය කළෝ ය. තවද ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරු පැහැදිලි සාධක සමඟ පැමිණියහ. ඔවුනට අපරාධ කිරීමට අල්ලාහ්ට නො වීය. එනමුත් ඔවුහු ඔවුනට ම අපරාධ කරගන්නන් වූවෝ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِیْنَ اَسَآءُوا السُّوْٓاٰۤی اَنْ كَذَّبُوْا بِاٰیٰتِ اللّٰهِ وَكَانُوْا بِهَا یَسْتَهْزِءُوْنَ ۟۠
පසුව ඔවුන් අල්ලාහ්ගේ වදන් බොරු කළ බැවින් ද ඒවා පිළිබඳ ඔවුන් සරදම් කරමින් සිටි බැවින් ද (එවන්) නපුරුකම් කළවුන්ගේ අවසානය නපුරු විය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَللّٰهُ یَبْدَؤُا الْخَلْقَ ثُمَّ یُعِیْدُهٗ ثُمَّ اِلَیْهِ تُرْجَعُوْنَ ۟
අල්ලාහ් මැවීම් පළමු වතාවට උත්පාදනය කරයි. පසුව එය නැවත නිර්මාණය කරයි. පසුව ඔහු වෙතට මය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَیَوْمَ تَقُوْمُ السَّاعَةُ یُبْلِسُ الْمُجْرِمُوْنَ ۟
තවද එම (විනිශ්චය) කාලය සිදු වන දිනයේ දී වැරදිකරුවෝ බලාපොරොත්තු සුන් කර ගනිති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَمْ یَكُنْ لَّهُمْ مِّنْ شُرَكَآىِٕهِمْ شُفَعٰٓؤُا وَكَانُوْا بِشُرَكَآىِٕهِمْ كٰفِرِیْنَ ۟
ඔවුන්ගේ හවුල්කරුවන් අතරින් ඔවුන් වෙනුවෙන් මැදිහත්වන්නෝ ඔවුනට නො වීය. තවද ඔවුහු ඔවුන්ගේ හවුල්කරුවන් ප්‍රතික්ෂේප කරන්නන් වෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَیَوْمَ تَقُوْمُ السَّاعَةُ یَوْمَىِٕذٍ یَّتَفَرَّقُوْنَ ۟
තවද එම (විනිශ්චය) කාලය සිදු වන දින ඔවුහු වෙන් වෙන්ව යති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصَّلِحٰتِ فَهُمْ فِیْ رَوْضَةٍ یُّحْبَرُوْنَ ۟
එහෙත් කවුරුන් දේවත්වය විශ්වාසය කොට යහකම් කළ අය වූ කලී ඔවුහු (ස්වර්ග) උයනෙහි සතුටු කරවනු ලබති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: റൂം
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക