Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ശ്ശുഅറാഅ്   ആയത്ത്:
قَالَ وَمَا عِلْمِیْ بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟ۚ
ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳව මට දැනුම නො මැතැයි ඔහු පැවසුවේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنْ حِسَابُهُمْ اِلَّا عَلٰی رَبِّیْ لَوْ تَشْعُرُوْنَ ۟ۚ
නුඹලා වටහා ගන්නේ නම් ඔවුන්ගේ ගිණුම ද මාගේ පරමාධිපති මත මිස වෙනත් කිසිවකු මත නැත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَمَاۤ اَنَا بِطَارِدِ الْمُؤْمِنِیْنَ ۟ۚ
තවද මම දේවත්වය විශ්වාස කරන්නන් පලවා හරින්නෙකු නො වෙමි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنْ اَنَا اِلَّا نَذِیْرٌ مُّبِیْنٌ ۟ؕ
මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස වෙනත් කෙනෙකු නො වෙමි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالُوْا لَىِٕنْ لَّمْ تَنْتَهِ یٰنُوْحُ لَتَكُوْنَنَّ مِنَ الْمَرْجُوْمِیْنَ ۟ؕ
අහෝ නූහ්! නුඹ මෙයින් නො වැළකුණෙහි නම් සැබැවින් ම නුඹ ගල් ගසනු ලබන්නන් අතරින් වනු ඇතැයි ඔවුහු පැවසූහ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَ رَبِّ اِنَّ قَوْمِیْ كَذَّبُوْنِ ۟ۚۖ
මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මාගේ ජනයා මා බොරු කළෝය යැයි ඔහු පැවසී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَافْتَحْ بَیْنِیْ وَبَیْنَهُمْ فَتْحًا وَّنَجِّنِیْ وَمَنْ مَّعِیَ مِنَ الْمُؤْمِنِیْنَ ۟
එහෙයින් මා අතර හා ඔවුන් අතර විවෘත තීන්දුවක් දෙනු මැනව! තවද මා ද මා සමඟ සිටින අය අතරින් දේවත්වය විශ්වාස කරන්නන් ද නුඹ මුදවා ගනු මැනව!
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاَنْجَیْنٰهُ وَمَنْ مَّعَهٗ فِی الْفُلْكِ الْمَشْحُوْنِ ۟ۚ
එවිට (ජීවරාශීන්) පටවනු ලැබූ නැවෙහි සිටි ඔහු හා ඔහු සමඟ සිටියවුන් ද අපි මුදවා ගත්තෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ثُمَّ اَغْرَقْنَا بَعْدُ الْبٰقِیْنَ ۟ؕ
ඉන් අනතුරුව අපි ඉතිරිවූවන් (දියෙහි) ගිල්වූයෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විතයා.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
كَذَّبَتْ عَادُ ١لْمُرْسَلِیْنَ ۟ۚۖ
ආද් ජනයා (ද) ධර්ම දූතයින් බොරු කළෝ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِذْ قَالَ لَهُمْ اَخُوْهُمْ هُوْدٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ
නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර හූද් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ
නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයක්මි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَمَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ۚ— اِنْ اَجْرِیَ اِلَّا عَلٰی رَبِّ الْعٰلَمِیْنَ ۟ؕ
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නො වේ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَتَبْنُوْنَ بِكُلِّ رِیْعٍ اٰیَةً تَعْبَثُوْنَ ۟ۙ
සෑම උස් තැනකම නුඹලා විනෝදය පිණිස සංඥා (කුළුණු) තනන්නෙහු ද?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَتَتَّخِذُوْنَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُوْنَ ۟ۚ
තවද නුඹලා සදා ජීවත් වීමට බලමින් මන්දිර තනා ගන්නෙහු ද?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاِذَا بَطَشْتُمْ بَطَشْتُمْ جَبَّارِیْنَ ۟ۚ
තවද නුඹලා (කිසිවකු) හසු කළ විට දැඩි පාලකයින් ලෙසින් නුඹලා හසු කර ගන්නෙහු ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاتَّقُوا الَّذِیْۤ اَمَدَّكُمْ بِمَا تَعْلَمُوْنَ ۟ۚ
තවද නුඹලා දන්නා දෑ මඟින් නුඹලාට උපකාර කළ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَمَدَّكُمْ بِاَنْعَامٍ وَّبَنِیْنَ ۟ۚۙ
ගොවිපළ සතුන් මෙන් ම දරුවන් මඟින් ඔහු නුඹලාට උපකාර කළේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَجَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۚ
තවද උයන් හා උල්පත් මඟින් ද (ඔහු නුඹලාට උපකාර කළේ ය.)
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟ؕ
නියත වශයෙන් ම මම නුඹලා කෙරෙහි මහත් දිනයක දඬුවම ගැන බිය වෙමි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالُوْا سَوَآءٌ عَلَیْنَاۤ اَوَعَظْتَ اَمْ لَمْ تَكُنْ مِّنَ الْوٰعِظِیْنَ ۟ۙ
නුඹ උපදෙස් කළ ද එසේ නැතහොත් නුඹ උපදෙස් කරන්නන් අතරින් නො වූව ද අප වෙත එක සමානය යැයි ඔවුහු පැවසූහ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ശ്ശുഅറാഅ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക