Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ന്നൂർ   ആയത്ത്:
وَاَنْكِحُوا الْاَیَامٰی مِنْكُمْ وَالصّٰلِحِیْنَ مِنْ عِبَادِكُمْ وَاِمَآىِٕكُمْ ؕ— اِنْ یَّكُوْنُوْا فُقَرَآءَ یُغْنِهِمُ اللّٰهُ مِنْ فَضْلِهٖ ؕ— وَاللّٰهُ وَاسِعٌ عَلِیْمٌ ۟
තවද නුඹලා අතරින් අවිවාහකයින්ට සහ නුඹලාගේ වහලුන් හා නුඹලාගේ වැහැලියන් අතරින් දැහැමියන්ට නුඹලා විවාහ කර දෙනු. ඔවුන් දිළිඳුන් නම් අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුන් පොහොසත් කරනු ඇත. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය; සර්ව ඥානී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلْیَسْتَعْفِفِ الَّذِیْنَ لَا یَجِدُوْنَ نِكَاحًا حَتّٰی یُغْنِیَهُمُ اللّٰهُ مِنْ فَضْلِهٖ ؕ— وَالَّذِیْنَ یَبْتَغُوْنَ الْكِتٰبَ مِمَّا مَلَكَتْ اَیْمَانُكُمْ فَكَاتِبُوْهُمْ اِنْ عَلِمْتُمْ فِیْهِمْ خَیْرًا ۖۗ— وَّاٰتُوْهُمْ مِّنْ مَّالِ اللّٰهِ الَّذِیْۤ اٰتٰىكُمْ ؕ— وَلَا تُكْرِهُوْا فَتَیٰتِكُمْ عَلَی الْبِغَآءِ اِنْ اَرَدْنَ تَحَصُّنًا لِّتَبْتَغُوْا عَرَضَ الْحَیٰوةِ الدُّنْیَا ؕ— وَمَنْ یُّكْرِهْهُّنَّ فَاِنَّ اللّٰهَ مِنْ بَعْدِ اِكْرَاهِهِنَّ غَفُوْرٌ رَّحِیْمٌ ۟
තවද විවාහය සඳහා (යමක්) නො ලබන්නන් අල්ලාහ් ඔහුගේ අනුග්‍රහයෙන් ඔවුන් පොහොසත් කරවන තෙක් පිවිතුරුභාවය රැකිය යුතු ය. නුඹලාගේ දකුණත් හිමිකරගත් (හෙවත් නුඹලාගේ පාලනය යටතේ සිටින වහල්) අය අතරින් (නිදහස්භාවය) ලියන්නට අපේක්ෂා කරන්නන්ට ඔවුන් අතර යහපත ඇතැයි දන්නෙහු නම් ඔවුනට නුඹලා (නිදහස්භාවය) ලියා දෙනු. නුඹලාට පිරිනැමූ අල්ලාහ්ගේ ධනයෙන් නුඹලා ඔවුනට පිරිනමනු. නුඹලා මෙලොව ජීවිතයේ සම්පත සොයනු පිණිස පිවිතුරුභාවය රකින්නට සිතූ වහල් තරුණියන් අපචාරය වෙත බල නො කරනු. තවද කවරෙකු ඔවුනට බල කරන්නේ ද එසේ ඔවුනට බල කරනු ලැබීමෙන් පසුව ද නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَقَدْ اَنْزَلْنَاۤ اِلَیْكُمْ اٰیٰتٍ مُّبَیِّنٰتٍ وَّمَثَلًا مِّنَ الَّذِیْنَ خَلَوْا مِنْ قَبْلِكُمْ وَمَوْعِظَةً لِّلْمُتَّقِیْنَ ۟۠
තවද සැබැවින් ම අපි නුඹලා වෙත පැහැදිලි කරන වදන් ද, නුඹලාට පෙර ඉකුත්ව ගියවුන් පිළිබඳ නිදසුන් ද, බිය බැතිමතුන්හට උපදෙස් ද පහළ කළෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَللّٰهُ نُوْرُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— مَثَلُ نُوْرِهٖ كَمِشْكٰوةٍ فِیْهَا مِصْبَاحٌ ؕ— اَلْمِصْبَاحُ فِیْ زُجَاجَةٍ ؕ— اَلزُّجَاجَةُ كَاَنَّهَا كَوْكَبٌ دُرِّیٌّ یُّوْقَدُ مِنْ شَجَرَةٍ مُّبٰرَكَةٍ زَیْتُوْنَةٍ لَّا شَرْقِیَّةٍ وَّلَا غَرْبِیَّةٍ ۙ— یَّكَادُ زَیْتُهَا یُضِیْٓءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ ؕ— نُوْرٌ عَلٰی نُوْرٍ ؕ— یَهْدِی اللّٰهُ لِنُوْرِهٖ مَنْ یَّشَآءُ ؕ— وَیَضْرِبُ اللّٰهُ الْاَمْثَالَ لِلنَّاسِ ؕ— وَاللّٰهُ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟ۙ
අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ආලෝකයයි. ඔහුගේ ආලෝකයට උපමාව පහනක් ඇති බිත්ති කුහරයක් මෙනි. එම පහන පළිඟුවක් තුළ ය. එම පළිඟුව බැබළෙන තරුවක් මෙනි. අභිවෘද්ධිමත් ඔලිව් ගසින් දවාලනු ලබන්නකි. එය නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හෝ අයත් නැත. ගින්න එ(ම තෙල) ස්පර්ශ නො කළ ද එය ආලෝකය විහිදුවයි. ආලෝකය මත ආලෝකයයි. අල්ලාහ් අභිමත කරන අයට එම ආලෝකය වෙතට මග පෙන්වයි. ජනයාට මෙම උපමාවන් අල්ලාහ් ගෙන හැර පාන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فِیْ بُیُوْتٍ اَذِنَ اللّٰهُ اَنْ تُرْفَعَ وَیُذْكَرَ فِیْهَا اسْمُهٗ ۙ— یُسَبِّحُ لَهٗ فِیْهَا بِالْغُدُوِّ وَالْاٰصَالِ ۟ۙ
ඒවා උසට ඉදිකරනු ලබන්නටත් එහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලබන්නටත් (අල්ලාහ්ගේ) නිවෙස්හි අල්ලාහ් අවසර දී ඇත. එහි උදේ සවස (මිනිසුන්) ඔහුව සුවිශුද්ධ කරති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ന്നൂർ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക